අද මේ රටේ සමහර ඇමතිවරුන් තෙල් ගෙන්න සල්ලි නැහැ කියලා බොහෝම ආඩම්බරයෙන් කියනවා මේ අවුරුදු දෙකක කාලය තුලදි ගැස්වලින් කෝටි දාහක වංචාවක් වෙලා තියෙන බව පැවසෙනවා මෙම තත්වයන් මත ඉදිරියට එන්නේ කිරි බත් කන්න බැරි සාගතයක් පවතින සිංහල හිංදු අවුරුද්දක්.

හතලිස් තුන (43) සේනාංකය දේශපාලන පක්ෂයක් නොවෙයි හැබැයි මෙහි දේශපාලන අරමුණක් තියෙනවා ඒ අරමුණ තමයි මේ රටේ අයට බලය ලබා දිම.

කොළඹ දිස්ත්‍රික් සමගි ජන බල වේගයේ පාර්ලීමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක මහතා මේ බව පවසන ලද්දේ  43 සේනාංකය නුවරඑළිය දිස්ත්‍රික් හමුවක් අමතමිනි.

මෙම හමුව හැටන් පුද්ගලික හෝටලයකදි 13වන දින පැවති අතර එහිදි වැඩි දුරටත් කතා කල පාඨලි චම්පික රණවිර මහතා.

මේ රජය 2022ට අය වැය ඉදිරිපත් කලා එත් මේ රට ණය ගෙවන්නේ කොහොමද කියන කිසිම දෙයක් එහි නැහැ අද කිරිපිටි ගන්න පොලිමේ යන්න ඕන ගැස් ගන්න පොලිමේ යන්න ඕන බුමි තෙල් ගන්න පොලිමේ යන්න ඕන වැසිකිලි කටක් ගන්න සිමෙන්ති ගන්න පොලිමේ යන්න ඕන ඉදිරියේදි මේ පොහොර ප්‍රශ්නය හේතුවෙන් හාල් පොලිම්ද ඇතිවෙයි එමෙන්ම එලවලු පලතුරු හිගයක්ද ඇතිවෙයි එම තත්වයන් මත අපිට කෙටි කාලයක් තුල ආහාර හිගයකට යන්න වෙනවා.

ආහාර රටින් ගෙන්න පුලුවන් එත් ඩොලර් නැහැ තෙල් පිරිපහදුවක් හදන බව ආඩම්බරයෙන් කියනවා එත් දැන් බොර තෙල් ගන්න ඩොලර් නැති කමින් තියෙන පිරිපහදුවත් වහන්න වෙනවා දැන් වැස්ස තියෙන නිසා ජල විදුලිය උපරිම ලෙස නිපද වෙනවා එත් ලබන වර්ෂයේදි විදුලි හිගයක් ඇති වෙනවා.

අද ගල් අගුරු ගන්න ඩොලර් නැහැ එයින් සිදුවන්නේ ගල් අගුරු බලාගාරය වසා දමන්නයි අද මේ හැම දෙයටම කොවිඩ් කොවිඩ් කියනවා එහෙම නම් කොහොමද කොවිඩ් හැදුන බංගලාදේශයෙන් ණය ගන්නේ ඉංදියාවේ කොවිඩ් හැදුනා කියලා එහි මිනිස්සු රට හැර යන්න හදනවාද බංගලාදේශය කොවිඩ් කියලා ගැස් පෝලිමේ ඉන්නවාද සංචාරක ව්‍යාපාරය බිංදුවට කඩා වැටුන බංගලාදේශය ආර්ථිකය කඩා වැටිලාද නැහැ.

ගුරුවරුන් ගොවියන් තම අයිතින් ඉල්ලලා පාරට බහින විට පොලිසියට මතක් වෙන්නේ නිරෝධන නිතියයි 14,000 ජිවිත කොවිඩ්වලින් අහිමිවුනේ එන්නත් කරනය පමා කරපු නිසායි දම්මික පැනියක් කියලා මේ රටේ ජනතාව රැවටිමකට ලක් කලා එන්නත් කරනය පමා කලේ එයින් කොමිස් ගහන්නයි.

ඉංදියාවේ ගොවි සමාගමක් තමයි මේ නයිට්‍රිජින් දියර පොහොර හදුන්වා දුන්නේ මේ දියර පොහොර ලිටරය ඉංදියා රුපියල් 480යි ඩොලර් 06යි එය ලංකාවට ගෙන්නේ ඩොලර් 25කට දැන් ගහන්නේ 10% කොමිස් නොවෙයි 400% කොමිස් මෙයට විරුද්ධව ජනතාවයි සි. අයි. ඩි. එකට යන්න ඕන එත් ලැජ්ජාවක් නැතිව කෘෂිකර්ම ඇමති සි. අයි. ඩි. එකට යනවා.

මම අශියෝග කරනවා මෙයට විරුද්ධව අධිකරණයට යන්න කියලා දැන් චිනයෙන් කොම්පස්ට් පොහොර ගෙන්න හදනවා ක්‍රිලෝව රුපියල් 90ට එත් අපේ අමත්‍යාංශය කොම්පස්ට් පොහොර ක්‍රිලෝව ලබා දුන්නේ රුපියල් 10ට.

අපිට ඩොලර් හිගවුනේ අද ලංකාවට කිසිම රටක් ණය දෙන්නේ නැහැ  ලංකාවේ සල්ලි නැති වන විට සල්ලි අච්චු ගැහැවුවට ඩොලර් නැති විට ඩෙලර් අච්චු ගහන්න බැහැ අද සමහර ඇමතිවරු ආඩම්බරයෙන් කියනවා තෙල් ගන්න ඩොලර් නැහැ කියලා තව මාස හතරකින් පමන මේ රට තුල සාගතයක් ඇති වෙනවා ලබන සිංහල ද්‍රවිඩ අවුරුද්දට කිරි බත් කන්න වෙන්නේ නැහැ සාගතයක් පවතින අවුරුද්දක් තමයි ඉදිරියේ එන්නේ.

මහින්ද රාජපක්ෂ කිසිදු සැලසුමක් නැතිව තමන්ගේ ගෙදරට පවුලට ලැබෙන විදියට සංවර්ධන වැඩ කලා ආදායම් නැති තැන්වල සංවර්ධනයට කෝටි ගනන් වැය කලා.

හම්බන්තොට අධිවේගය හදන විට හම්බන්තොට කිරි තංගල්ලේ දොදොල් මාතර ඇබුල් තියල් පැය දෙකෙන් කොළඹට ගෙන්න පුවන් කිවා එත් අද දොදොල් හදන්න ඇබුල් තියල් හදන්න ගැස් භුමි තෙල් නැහැ.

ඒවගේම ගුවන් යනා එන්නේ නැති ගුවන් තොටුපල, නැව් එන්නේ නැති වරාය, ක්‍රිකට් නැති ක්‍රිඩා පිටිය, රැස්විම් නැති සම්මන්ත්‍රණ ශාලා හදන්න ගත්ත ණය ගෙවා ගන්න බැරුවයි ඉන්නේ.

මේ වන විට ලංකා බැංකුව මහජන බැංකුව හුරං කලා ඉවරයි ගැස් ගෙන්න තෙල් ගෙන්න ක්‍රමයක් නැහැ මෙය මේ රටේ දරුවන්ට තේරිලා තියෙන නිසායි ඔවුන් මේ රටින් පැනලා යන්න හදන්නේ.

යහා පාලන ආන්ඩුව යම් විසදුමක් ලබා දෙයි කියලා අපි හිතුවා එත් එය හරිගියේ නැහැ එක් හොරුන් පිරිසක් එලවන්න තවත් හොරුන් පිරිසක් ඇති කිරිමයි සිදුවුනේ.

මෙයින් මේ රට බේරා ගන්න පුලුවන් වන්නේ මේ රටට ආදරය කරන උගත් පිරිසක් පත් කර ගැනිමෙන් පමනයි හැම පක්ෂයක් තුලම මෙවැනි අය ඉන්නවා පවුල කුලය වැඩක් නැහැ දක්ෂයාට තැන ලබාදිය යුතුයි.

විදුලි බල අමත්‍යාංශය මම බාර ගන්න විට රුපියල් මිලියන 46ක් පාඩු ලැබුවා එත් මම එය රුපියල් මිලියන 20ක් ලාබ ලබන තත්වයට පත් කලා එම නිසා මේ සල්ලි ප්‍රශ්නය විසදන්න බැරි ප්‍රශ්නයක් නොවෙයි.

අද ජනාධිපති කරන්නේ ස්වයං විවේචනයක් ඔහු ඇත්තටම ජනාධිපතිධුරයට සුදුසු නැහැ ඔහුගේ එකම සුදුසුකම ඩි. ඒ. රාජපක්ෂගේ පුතා විමත් මහින්ද රාජපක්ෂගේ සහෝදරයා විමත් පමනයි මේ පවුල් දේශපාලනයෙන් තොර සුදුස්සාට සුදුසු තැන ලබා දිමට පියවර ගත යුතුයි.

ජපානයේ අගමැති අසනිප නිසා ඉල්ලා අස්වුනා පසුව පත්වුන අගමැති ඔලිම්පික් තරග පැවත්විම ක්‍රියා කලා එම ඔලිම්පික් තරගවලින් පසුව කොව්ඩ් උත්සන්න වුනා කියලා එහි ජනතාව පවසන විට ඔහු එය පිලිගෙන ඉල්ලා අස්වුනා එයයි සම්පදාය මෙය ලංකාවටත් ආයුතුයි කරන්න බැරි නම් ඉල්ලා අස්වි කරන්න පුලුවන් අයකුට රට බාර දිමට පියවර ගත යුතුයි.

මෙහිදි පාර්ලීමේන්තු මංත්‍රි  කරුණාරත්න පරනවිතාන මහතා ඇතුළු කිප දෙනකුම කතා කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories