අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ මහියංගණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජය එක් පක්ෂයකට විතරක් අයිති දෙයක් නෙමෙයි.ඒ ජයග්‍රහණය අපි සියලු දෙනාටම අයිතියි.අපේ සහාය ලැබුනු ආකාරය ගැන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඉහළ නායකත්වය පිළි අර ගෙන තියෙනවා.අපි යන දේශපාලන ගමනේදී සටන් කරන්නට සිදු වන අවස්ථා එක්ව යන්නට සිදු වන අවස්ථා අපේ වැඩ අපිම කර ගෙන යන අවස්ථා තිබෙනවා.

අපි අපේ ප්‍රධාන ප්‍රතිවාදියා තේරුම් ගන්න ඕන.අපේ ප්‍රතිවාදියා එක්සත් ජාතික පක්ෂයයි.ප්‍රධාන ප්‍රතිවාදියාව අමතක කලොත් එක්සත් ජාතික පක්ෂය හිස ඔසවනවා.අපි ඔක්කොම එකතු වෙලා මේ ආණ්ඩුව හැදුවා.අපි මේ රට ආරක්ෂා කර ගන්න ඕන.ඊළග මහ ඡන්දයේදී අපි පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දිය යුතුයි.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතා පැහැදිලිව කියලා තියෙනවා මාර්තු 03 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා .ඒ කියන්නේ අප්‍රේල් අවසන් වන විට ඡන්දය පැවැත්වීමට නියමිතයි.ඒකට අපි සුදානම් විය යුතුයි.බහුතර ආසන සංඛ්‍යාවක් ගත්තාට පස්සේ අපේ ප්‍රශ්න විසදන්න .සංවර්ධන කටයුතු කර ගන්න පුළුවන්.දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආවට පස්සේ වැට් බද්ද අඩු කලා.ඒ තුළින් වෙළද ව්‍යාපාර වලට ශක්තිතයක් වුණා.ගොඩනැගිලි ද්‍රව්‍යවල මිළ අඩු කළා.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෘෂි කර්ම ප්‍රතිපත්තිය තුළින් කිවුවා ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන දේවල් රටින් ගෙන්වන්නේ නැහැ කියලා.

අද වන විට ගම්මිරිස් වල මිල ඉහල ගිහිල්ලා. උපාධිධාරීන් වන 51 දාහක් ඉන්නවා .ඔවුන්ට රැකියා නැහැ.ඒ සියලු දෙනාට තව මාස දෙකක් තුනක්  වන විට රැකියා ලබා දෙනවා.දිළිදුම පවුල් සමෘද්ධිලාභි පවුල් වලින් තෝරා ගත්ත සාමාන්‍ය පෙළ විභාගය අසමත් ලක්ෂයකට රැකියා අවස්ථා ලබා දෙනවා.ලක්ෂයකට එක වර මේ තරම් රැකියා ලබාදීලා නැහැ.

ඊට පස්සෙ සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් අයට රැකියා ලබා දෙනවා.ඒවා වෙන්නේ අය වැයෙන් පසුවයි.දේශපාලනයේදී අපි බලය පෙන්වන්න ඕන.අපේ ඡන්දයට අපි වටිනාකමක් දෙන්න ඕන.අපි පහුගිය ඡන්දයේදි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් වැඩ කළා.අපිට ඒකට වටිනාකමක් ලබාදීලා තියෙනවා.අපි දේශපාලනයේදී මේක තේරුම් ගන්න ඕන.ජයග්‍රහණය කළා කියලා සමහර අය උදම් අනනවා.

දැන් අපි අපේ අමාත්‍යාංශය යටතේ මේ බදුල්ල දිස්ත්‍රික්කයේ අධිකරණ පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කළා.අපි බදුල්ල අධිකරණයට ගියා.ඒකේ අඩු පාඩු ගැන හොයලා බැලුවා.බණ්ඩාරවෙලට මුදල් දුන්නා.වැලිමඩ අධිකරණයටත් අවශ්‍ය පහසුකම් ලබා දුන්නා.මහියංගනය අධිකරණයේ සංවර්ධන කටයුතු සදහා මුලික වශයෙන් රුපියල් ලක්ෂ 60 ක් ලබා දුන්නා.

අපිට ලැබුණු අමාත්‍යාංශයෙන් ජනතාවට උපරිම සේවයක් ලබාදිමට හැකිව තිබෙනවා.දැන් මෙතන කිවුවා මහවැලි සි කලාපයේ ප්‍රශ්න තියෙනවා කියලා.ඒවා කඩිනමින් විසදලා දෙන්නම්.ටිකක් ඉවසලා ඉන්න.මොකද බත ඉදුනු ගමන් කන්න බැහැ.ටිකක් ඉන්න ඕන.අපේ සංවර්ධන වැඩ කර ගන්න ආණ්ඩුවෙන් එළියේ ඉදලා බැහැ.බෝක්කු ගානේ ගහිං ආණ්ඩුව විවේචනය කරලාත් බැහැ.

අපිත් ආණ්ඩුවේ පාර්ශ්ව කරුවන් විදිහට කටයුතු කරන්න ඕන.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ අල්ලසට දුෂණයට ඉඩ නැහැ.සමහර අය හිතනවා ඇති අපි එතුමාව බලයට ගෙනාවා ඒවා පුළුවන් කියලා එහෙම බැහැ.එතුමාට මේ රට තුළ සුපිරිසිදු පාලනයක් ගෙනියන්න ඕන.ඒ සදහා අපි සහාය දිය යුතුයි.

ඕනෑම දේශපාලන පක්ෂයකට වැඩ කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා.ඒක අපි පිළි ගන්න ඕන.දැන් පාර්ලිමේන්තු ඡන්දය එන නිසා මනාප ලබා දිය යුතු වෙනවා.ඒකෙදිත් ජනතාව තිරණය කරයි කාටද මනාපය දිය යුතු කියලා.සමහර අය කියනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කොන් වෙලා කියලා.එහෙම නැහැ.

ඉහළ දේශපාලන නායකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතා ඉහළින් සලකනවා.අපි ඉදිරි ඡන්දයට එන්නේ සන්ධානයකින් බව කියන්න ඕන.අපිට ඕන ඉදිරියේදීත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අගමැති ධුරයෙන් යුත් රජයක් වන බැවින් ඒ සදහා කැපවි කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

More Stories