corona

ලංකාව තුළ කොවිඩ් 19 මර්ධනය කරන අතරතුර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්ධනයට කිසිසේත් ඉ‌ඩ නොතබන ලෙස සිවිල් සමාජ හා වෘත්තිය සමිති ඒකමුතුව කියා සිටියි.

සිවිල් සමාජ හා වෘත්තිය සමිති ඒකමුතුව පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්  කර සිටියි.

මෙම රෝගය ව්‍යාප්තිය පාලනය  කිරිම  අතර තුර සිදුවන විශේෂයෙන් ඒදිනෙදා ජීවිකාව පවත්වාගෙන අය මුහුණ දෙන ගැටලු හා අප විසින් ගොඩනගාගත් ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්මයන්ට සිදුවන හානීන් පිළිබදවත් මෙහිදි අවධානයට ලක් කර තිබේ.

කොරොනා නොහෝත් කෝවිඩ් 19 වෛරසය සර්ථකව පාලනය කිරීමට මෙතෙක් කිසිදු රජයකට නොහැකි වී ඇති බව පෙන්වා දෙන සිවිල් සමාජ වෘත්තිය සමිති ඒකමුතුව සඳහන් කර සිටින්නේ ග්‍රින්ලන්තය තුළ වාර්තා වූ රෝගීන් 11 මේ වන විට සම්පුර්ණ සුවය ලබා ඇති බව වාර්තා වුවත් දකුණු කොරියාවෙන් වාර්තා වන්නේ මෙම රෝගය සම්පුර්ණයෙන් සුව වු 19 දෙනෙකුට නැවත මෙම වෛරසය ආසාදනය වී ඇති බවය. අද වන විට ලෝකයේ රටවල් 210ක් තුළ කොරෝනා ආසාදිත රොගීන් මිලියන තුනකට ආසන්න වී තිබෙන බවත්  නමුත් ඉන් සුවය ලැබී ඇත්තේ අටලක්ෂයක පමණ රොගීන් ප්‍රමාණයක් වන අතර  මිය ගිය සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් ඇති බව සඳහන් කරන ඔවුන් කියා සිටින්නේ  මෙම සංඛ්‍යාලේඛන මඟින් පෙන්වා දෙන්නේ මෙම රෝගයේ ඇති බැරෑරැම් ස්වභාවය බවය.

සිවිල් සමාජ හා වෘත්තිය සමිති ඒකමුතුවේ කැඳවුම්කාර මණ්ඩලයේ අත්සන් වලින් නිකුත් කර ඇති ඒම පුවත් නිවේදනය වැඩිදුරටත් මෙසේය.

ශ්‍රී ලංකාව තුළ පසුගිය මාර්තු 01 වන දින පලමු කොරෝනා රෝගියා වාර්තා වු අතර, මාර්තු 19 වන දින වන විට රෝගීන් සංඛ්‍යාව 53 දක්වා ඉහල ගොස් තිබුනි. දෙවැනි මාසය වන රොගීන් 150 ක වාර්තා වු අතර, අවසාන දින 4 තුළ පමණක් රෝගීන් 100 ක් වාර්තා විය. අද වන විට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 452 ක් දක්වා ඉහල ගොස් තිබේ. මේ හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 7 ක් වන අතර සම්පුර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 118ක් බවත් වාර්තා වේ.

මේ අනුව ගත් කළ ඇමරිකා ඒක්සත් ජනපදය, ස්පාඥ්ඥය, ඉතාලිය හා ප්‍රංශය යන රටවල් හා සමග සංසදනය කළ විට අප තවමත් මෙම රෝගය යම් පාලනයකට ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. රට තුළ තව දුරටත් මෙම රෝගය පැතිරවීම වැලැක්වීම සදහා ඇදිරි නීතිය දමමින් මහජන සංචරයනයන් වැලැක්වීමට කටයුතු කළ රජයටත්, මේ සම්බන්ධව කැපවීමෙන් කටයුතු කරනු  ලබන සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශයන්ටත් අප මේ මොහොතේ අපගේ ප්‍රණාමය පුද කළ යුතුව තිබේ.

ඔවුන්ගේ ඒම සේවාවන් අගයන ගමන් ම මෙම රෝගය ව්‍යාප්තිය පාලනය  කිරීමත්, රෝග පාලනය අතර තුර සිදුවන විශේෂයෙන් ඒදිනෙදා ජීවිකාව පවත්වාගෙන අය මුහුණ දෙන ගැටලු හා අප විසින් ගොඩනගාගත් ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්මයන්ට සිදුවන හානීන් පිළිබදවත් අප මේ අවස්ථාවේ ඉතා වැදගත් කාරණා කිහිපයක් රජය වෙත පෙන්වා දිය යුතුව තිබේ.

1  තියන පහසුකම් උපරිම ලෙස භාවිතා කරමින් පරීක්ෂණ සිදු කිරීම

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු, මේ පිළිබදව අදහස් දක්වන දේශීය මෙන්ම විදේශීය විශේෂ්‍ඥයින් නිතරම ප්‍රකාශ කරන්නේ මෙම රෝගය වැළදී ඇති බවට සැක කරන සියලුම දෙනා සමාජය තුළ සංචරනය වීම වලකා ඔවුන්ට රෝගය වැලදී ඇත්දැයි යන්න කිහිප විටක් කරනු ලබන පරීක්ෂණයන් හරහා තහවුරැකරගන්නා ලෙසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනු ලැබුවේ ඒසේ සැක කළ හැකි පනස්දහසටක ආසන්න පිරිසක් රට තුළ  සිටිනා බැවින් ඔවුන් හැකි ඉක්මනින් පරීක්ෂාවට යොමු කළ යුතු බවයි.

2 මෙම රෝගීන් සමග ගැටෙන සොඛ්‍ය අංශ සදහා අවශ්‍ය මූලික උපකරණ හා සේවා අඩුවකින් හෝ ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කිරීම හා ඔවුන්ගේ නිවසට අවශ්‍ය අහාර ඇතුලු ද්‍රව්‍ය අවහිරයකින් තොරව ලබා දීමට සැලැස්මක් සැකසීම හා ඒය වහා ක්‍රියාවට නැන්වීම.

3  මෙම රෝගය පැතිරීමත් සමග විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව ඉලක්කරමින් යන වෛරී ප්‍රකාශණ හා ක්‍රියා මාර්ග පාලනය කිරීම සදහා රජය පුර්ණ ලෙස මැදිහත් විය යුතු අතර, රොගීන් මෘත දේහයන්හි අවසන් කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව සිදු කිරීම.

4  දීර්ඝ කාලයක් ඇදිරිනීතිය පවත්වාගෙන යාම නිසා ඒදිනෙදා ජීවිකාව පවත්වාගෙන යනු ලබන බුහුතර ජන කොටස් විශාල මුල්‍යමට අපහසුතාවයන්ට පත්වීඇති මොහොතක ඔවුන් වෙත විශේෂ සහන ලබා දීම කඩිනම් කිරීම හා ඒය ක්‍රියාත්මකවන ආකාරය අධීක්ෂණය කිරීම

5 ඇදිරිනීතිය කඩකල බවට චෝදනාවට ලක්කරමින් තිස්දහසකට වැඩි පිරිසක් මේ වන විට රිමාන්ඩ් බන්ධානාගාර ගත කර ඇති බවට වාර්තා වන අතර, ඒය බන්ධානාගර තුළ පවතින අවම පහසුකම් හා අනාරක්ෂිත තත්ත්වය යටතේ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමකට හෙලීමක් වේ. ඒමෙන්ම, මේ අවස්ථාවේ ඔවුන්ට අවශ්‍ය නීතිඥ සහාය අනෙකුත් සේවා ලබා ගැනීමට නොහැකිවීම නිසා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමකටද මේ නිසා ලක්වී තිබේ.

6 වෛරී, අසත්‍ය හා ද්වේශසහත ප්‍රකාශන සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවට ප්‍රකාශ කරන පොලීසිය ඊට සම්බන්ධ නැති පුද්ගයින්ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධව සීමා පිළිබදව පොලිසිය විසින් නිර්නායක ඉදිරිපත් කළ යුතුව තිබේ. මෙම ක්‍රියදාමයන් හේතුවෙන් සමාජය තුළ විශාල බියක් නිර්මාණය වී ඇති අතර, ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන ප්‍රකාශණයේ නිදහස මින් උල්ලංඝණය වෙමින් තිබේ.

7   වසන්ගත රෝග තත්ත්වය පහව ගිය වහාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායකන්ට  අනුව අදාල ලිහිල් කිරීම් සිදු කර වහාම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමත් සිදු කළ යුතු අතර ඒතෙක්, අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම හා අවශ්‍ය නීති රීති පැනවීම සදහා විසුරැවා හැර ඇති පර්ලිමේන්තුව නැවත කැදවා පර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම.

ලෝක වසංගත තත්ත්වයක මුහුණ දී ඇති අපි මේ අවස්ථාවේ ලංකාව තුළ ස්ථාපිතව ඇති  ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් භාවිතා කරමින් හා ඒ්වා ආරක්ෂා කරමින් කටයුතු කිරීමත්, කොරෝනා මර්ධනය තුළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්ධනයට කිසිසේත් ඉ‌ඩ නොතබන ලෙසත් අප ඉල්ලා සිටිමු.

කැදවුම්කාර මණ්ඩලය වෙනුවෙන්,

ජේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඔර අමිල හිමි, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය, මහාචාර්ය ඒච්.ඩබ්. සිරිල්, පිලිප් දිසානායක, රාජා උස්වැටකෙයියාව

More Stories