බුකියේ හැමෝම හෝ ගලා ආම්ම්ලාගේ ආදරේ ගැන ලියනවා. මාස දෙකක් පුරා අපිට ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත් අම්මලා මුණගැහුනා. අපි මේ සත්‍යග්‍රහයට හේතුවෙන් කර ගන්නෙම ජනවාරියේ මාතර අම්මා කෙනෙක් ලක්ශ 4 ක ණයක් නිසා තමන්ගේ අවුරුදු 4 ක ළමයා එල්ලාලා අම්මාත් එල්ලීලා මැරුණා. අපිත් එක්ක ඉන්න අම්මා කෙනෙක් අඬලා කියනවා. අනේ අයේනම් ණය අරගෙන අපේ අම්මලාට මැරෙන්න දෙන්න බෑ කියලා.
මේ වෙනකොට මේ ණය නිසා අම්මලා 200 කට අධික පිරිසක් දිවි නසාගෙන.
කොහොම උනත් අම්මලාට ගේව ගන්න බැරි අධික පොලී පිට පොලී එකතු වෙන ණය ගන්න වෙලා තියෙන්නේම ලමයි ගේ බඩගිනි නිවන්න, උගන්න ගන්න, ඒ වගේම අපිට මුණගැහුනා අත්තම්මා ලා මුනුබුරු මිනිබිරියන්ට කන්න අදින්න දෙන්න ණය අරගෙන. හැබැයි මේ ණය අරගෙන ණය එකතු කරපු උන්ට බොරු කියන්න කියපු, බත් මුට්ටිය ලිපේ තියන්න බයේ පුංචි උන් බඩගින්නේ අඩනකොට තලාපු, නලා ඉන්නකොට ලමිස්සි ගෑණු දරුවෝ එක්ක කැලේ පැනපු.
අම්මේ කවදද අපි ගෙදර ඉස්සර දොර අරින්නේ කියලා අහනකොට තලාපු අම්මලා. ලමයින් ට තලලා උන් එක්ක අඩලා බැරිම තැන ලිදට පැනලා, කොච්චියට පැනලා දිවි නහගෙන.
සත්‍යග්‍රහයට එන සමහර අම්මලා අපිට කියනවා හෙට බොස් නැත්නම් එනවා කියලා. තවත් අය කියනවා එයා ඇවිල්ලනේ එන්න වෙන්නේ නැහැ. උබ ඕවට යනවනම් ගෙදර නාවට කමක් නැහැ කියලා. උබලා රෑ එලිවෙනකන් ඔකේ ලැගගෙන මොනවා කරනවද දන්නේ නැහැ කියලා. ණය ගන්නකොට කට පියාගෙන හිටිය පිරිමි මේ ගැහැනුන්ව නොසෑහෙන්න හිංසාවට පත් කරා මේ කාලය තුල මේ සියල්ල එක්ක අරගලය විශ්වාස කල අපේ අම්මලා ඔවුන්ගේ උපරිමයෙන් සටන ශක්තිමත් කරා.
නමුත් අපිට දැනුනු දේ නම් ලංකාවේ ස්ත්‍රී වාදය ගැන කතා කරන සංවිධාන ගොඩකට මේ අම්මලාව අමතක වෙලා. ඒ කාන්තා සංවිධාන වලට, කාන්තා විමුක්තිය ගැන කතා කරන විමුක්තිවාදීනියන්ට කොළඹින් එහා කාන්තාවන් ගේ අයිතිවාසිකම්, තිබෙන බව මේ දවස් 55 ටම ඒ කොළඹ ස්ත්‍රී වාදීන් දැක්කේ නෑ. දැන්වත් මේ අම්මලාව පෙනේවා කියලා මේ අම්මාවරුන් ගේ දිනේ දී කියන්න කැමති.
සටහන – විමුක්ති ද සිල්වා