‘‘ඩෙංගු’ කියන්නේ වෛරසයක් මගින් බෝ වන රෝගයක්. ‘ඊඩිස්’ වර්ගයේ මදුරුවන් තමයි මෙම වෛරසයේ වාහකයින් / මිනිසුන් වෙත ගෙන යන්නන් වශයෙන් සැලකෙන්නේ. මෙම මදුරුවන් රෝගී පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකු වෙත වෛරසය ගෙන යාම කරනවා.

ඩෙංගු කියන්නේ වෛරසයක්. වෛරස් අසාදනයේදී දැකිය හැකි වැදගත්ම කරුණ තමයි ප‍්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට ඉතා පහසුවෙන් වෛරස් රෝග වැළඳෙනවා.

මෙය සරල ආකාරයෙන් පැහැදිලි කළහොත් රෝග වලට ඔරොත්තු දීම සඳහා ජීවීන් තුළ ස්වභාවිකව වර්ධනය වූ තත්ත්වයක් වශයෙන් ප‍්‍රතිශක්තිකරණය සැලකිය හැකියි. රෝග වලට ඔරොත්තු දීමේ මේ ස්වභාවික ශක්තිය හීන වුණාම ඕනෑම අයෙක් ඉතා පහසුවෙන් වෛරස් රෝගවලට ගොදුරු වෙනවා’.ඩෙංගු මාරාන්තිකයි යනු සහතික ඇත්තකි.

මෙම රෝගය දුප්පත්, පොහොසත්, කළු, සුදු, පොඩි, ලොකු යන භේදයකින් තොරව පැතිරෙන රෝගයකි. එයට මූලික හේතුව අපි පරිසරය නිසියාකාරව නඩත්තු නොකිරීමෙන් අපට සිදුවන මේ මරණය පමනි.

මෙම රෝගය පැතිරෙන්නේ මදුරුවන්ගෙන්. ජලය නිසියාකාරව බැහැර නොකිරීම කුණු නිසි ලෙස බැහැර නොකිරීම පැතිරේ ජල ටැංකි කාණු පද්ධති වැසිකිලි නළි නිතර පිරිසිදු කරන්න ඕන එමෙන්ම කසළ වෙන් කිරීමෙන් එය කළ හැකිය. ඉසැමන් ටින්, යෝගට් කප්, තැඹිලි කෝම්බ, යන දේවල් වළලා දැමිය යුතුයි.

පිරිසිදු කිරීම ආරම්භ කළ යුත්තේ අපගේ නිවසේ සිට සතියකට වරක් හෝ අපගේ සහ වත්ත පිරිසිදු කළ යුතුයි. විසිතුරු මසුන් ඇති කරන ටැංකි මල් රඳවන සියලු දේවල් නිසි ලෙස පිරිසුදු කිරීමෙන් අපගේ හා රටේ අනාගත පරපුර බේරා ගැනීමට පුළුවන් .අපගේ ජීවිතය ඉතා වටිනා දෙයක් එය සුරැකීම සියලු දෙනාගේ වගකීමකි. දේවස්ථාන, පන්සල්, කෝවිල් සියලු තැන් පිරිසිදු කිරීමෙන් ඩෙංගු මදුරුවාගෙන් අප සියලු දෙනා බේරා ගන්න පුළුවන් …

මේ වන විට ලංකාව පුරාම ඩෙංගු වසංගත තත්ත්වයක් තිබෙන බව සෞඛ්‍ය අංශ නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මඩකළපුව සහ අම්පාර යන දිස්තක්කවල එම තත්ත්වය පවතින්නේ. රජය කියන පරිදි සැම විටම සෑම කරුණක්ම අප පිළිපැදිය යුතුයි.

පිළිපැදීමෙන් අපට විතරක් නොව එය අන් අයට සෙතක්ය .ඩෙංගු රකුසා බලා සිටින්නේ කොයි මොහොතක හෝ හිස එසවීම ටයි .. අප එය පරාජය කළ යුතුයි. ජලය රැඳෙන තැන් හැම විටම සොයා බලා එයට අවශ්‍ය දේවල් කළ යුතුයි .. නිතර වටපිටාව සුද්ධ පවිත්‍ර කිරීමෙන් හිස ඔසවා ජීවිතයට වංගු දමන ඩෙංගු මදුරුවා මර්දනය කරමු නැති කරමු.

“පිය සටහන්”- All University Muslim Student Association
ජාෂිරා ජුනෛඩීන්
කොළඹ විශ්වවිද්‍යාලය.

More Stories