133 වන ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. 1886 මැයි 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ තම සේවා මුරය පැය 8කට සීමා කිරීම ඇතුළු වැඩකරණ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා පාරට පැමිණි කම්කරුවන් නිසාය. දින ගනනාවක් පැවති විරෝධතාවය පොලීසිය විසින් කෲර ලෙස මර්ධනය කරනු ලැබු නිසා ඉන් කම්කරුවන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට වී තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබීය.
තවත් විශාල පිරිසක් සිරබාරයට ගැනුනු අතර, ඒ සම්බන්ධව පැවති නඩු විභගයකින් පසුව තවත් කිහිප දෙනෙකු ඒල්ලා මරණු ලැබීය. එලෙස මර්ධනය කරනු ලැබූවත් ඔවුන් නැගූ හඩ ලැව්ගින්නක් මෙන් ලොව පුරා ප්‍රචලිත විය. රටවල් ගණනාවක කම්කරුවන් චිකාගෝ කම්කරුවන්ට ඒරෙහිව සිදු කළ මර්ධනයට එරෙහිවත්, සේවා මුරය පැය 8කට සීමා කිරීම ඇතුළු තම අයිතිවාසිකම් ඉල්ලා නැගූ හඩ යටපත් කිරීමට කිසිදු පාලකයෙකුට නොහැකි විය.
ඒ ශක්තියෙන්, ජාත්‍යන්තර කම්කරු සංවිධානය පැය 8 සේවා මුරය ඇතුළු කම්කරු අයිතිවාසිකම් පිළිබදව යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර, බොහෝ රටවලට ඒම ඉල්ලීම් සපුරාලන්නට සිදු වූයේ බුර බුරා නැගී එන විරෝධය පාලනය කිරීම සදහාය.
ඉන් පසුව පැය 8 වැඩ මුරය ඇතුළු ජයග්‍රහණයන් දිනා ගැනීම සදහා තම රුධිරය පූජාකළ සගයින් සදාතනිකව සිහි කිරීමට 1889 මැයි 01 වනදා සිට කම්කරුවන්ගේ අයිතිවාසිකම් රැක දුන් දිනය ලෙස මැයි දිනය ඉතිහාස ගත විය. අද අපි සිහිකරන්නේ ලෝක කම්කරු නායකයින් තම රුධිරය පූජාකර දිනා දුන් අයිතිවාසිකම් පිළිබදව ඒ ඉතිහාසයි.
ශ්‍රී ලංකාව ප්‍රබල වාමාංශික පක්ෂ දේශපාලණ ක්‍රියාකාරීත්වයක් හා ඊට අනුබද්ධ වෘත්තිය සමිති ක්‍රියාකාරීත්වයක් සහිතව පැවති රාජ්‍යයක් වූ නිසා මෙම මැයි දිනය තම පක්ෂයේ හෝ වෘත්තීය සමිතිය තුළ පවතින ශක්තිය පෙන්වීමේ තරගකාරී දිනයක් ලෙස යොදා ගැනුණි. ‘සකල දේශවාසී කම්කරුවනි එක්සත් වෙව්’ යන ජාත්‍යන්තර සටන් පාඨය උඩ ශ්‍රී ලංකාවේ මැයි දින සැමරුම් පැවතියත්, මෙම පක්ෂ හා වෘත්තිය සමිති ඒසේ ඒක්සත් වීමක් කිසිදා අපේක්ෂා නොකලාය. එපමණක් නොව එකම ක්ෂේත්‍රය සදහා විවිධ වෘත්තීය සමිති විශාල වශයෙන් බිහි වූ අතර, එම ක්ෂේත්‍රයන් හි පවතින ගැටළු විසදා ගැනීම සදහා හෝ එක්සත් ක්‍රියාකාරීත්වයක් අපට දකින්න ලැබුනේ ඉතා කලාතුරකිනි.
නමුත්, පසුගිය මාස කිහිපය තුළ වෘත්තිකයින්, විශේෂයෙන් නීතිඥයින්ගේ සංගමය, ගුරු විදුහල්පති සංගම් ඇතුළු බොහෝ වෘත්තීය සමිති රටේ මතුව ඇති තත්ත්වයන්ට විසදුම් ඉල්ලා ඒකසත් ක්‍රියා මාර්ග වෙත පිවිස තිබීම නිසා රටේ බලාපොරොත්තු ඉහලට ඔසවා තැබුවාය. පසුගියදා පැවති එක්දින වැඩ වර්ජනය සදහා ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති දහසකට වඩා එක්ව තිබීමෙන් ඒ බලාපොරොත්තු තවත් ඉහලට ඔසවා තිබේ.
මෙම වෙනසට පාදක වූයේ හරියටම මීට මාසකට පෙර ඒනම්, අප්‍රේල් 01 දා Gota go Home යනුවෙන් ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බලකරමින් මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට එක් වූ විරෝධතාකරුවන් දැක් වූ විරෝධයත්, ඊට දින 8කට පසුව ඒනම් අප්‍රේල් 09 වන දින තරුණ තරුණියන් විසින් ආරම්භ කළ අඛන්ඩ උද්ඝෝෂණ ව්‍යාපාරය විය හැකි බව ලියුම්කරුගේ අදහසයි.
මෙම තරුණ අරගලකරුවන් අද වන විට පංති, ජාති, කුල, ආගම්, පක්ෂ, පාට ලෙස වෙන් වී සිටි පිරිස් එකට එක්කර ආදරයෙන් බැද දමා තිබේ. සමගිය, විනය හා දැඩි කැපවීම තුළින් “ගෝල්ෆේස් දේදුනු අරගලය” ශ්‍රී ලංකාව තුළට පමණක් නොව ලෝකයේ වෙනත් රටවල් කිහිපයක් දක්වාම ව්‍යාප්ත කර තිබේ.
මෙම අරගලය හරහා මෙතෙක් ශ්‍රී ලංකාව සම්බන්ධව පැවති වර්ගවාදී, ආගම්වාදී හා කැරළි කොලහල සහිත සමාජයක් යන මතය බැහැර කර ඉතා සාමකාමී හා විනයක් සහිත සමාජයක් යන මතය සමාජ ගත කිරීමට මෙම තරුණ අරගල කරුවන්ට දැනටමත් හැකිව තිබේ. ඒමෙන්ම, මෙම අරගලකරුවන් වත්මන් ආණ්ඩුව පමණක් නොව, වත්මන් විපක්ෂයේ ක්‍රියාකාරීත්වය ද දැඩි අර්බුදයකට යවමින්, මෙතෙක් පැවති සම්ප්‍රදායික දේශපාලණ ක්‍රමයම අභියෝගයට ලක්කර තිබේ.
මෙය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂයක් විය හැකි බව ලියුම්කරුගේ මතයයි. මේ අවස්ථාවේ මෙම අරගලයේ හරයන් විනාශ වන්නට නොදී, අප ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුව තිබේ. ඒහි දී රේජීමය පැන්නීමත්, රාජපක්ෂ රේජීමය පන්නා දැමීමෙන් පසුව ඇති වන තත්ත්වය පිළිබදව පුර්ව අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇත.
ඒ සදහා එකට සිටි ජාතීන් භේදභින්න කළ දේශපාලන ක්‍රමය වෙනුවට, ජාතික සමගිය තහවුරු වූ නීතිය මත පාලනය වන වඩා ප්‍රජාතන්තවාදී රාජ්‍ය ක්‍රමයක් ස්ථාපිත කර ගැනීමත්, වත්මන් ආර්ථික අර්බුදයට විසදුම් සොයා ගැනීම සදහා රාජ්‍ය වියදම් අවම වශයෙන් 50%කින් අඩු කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ලබාගෙන යන දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට මුල පිරිය යුතුය.