mahinda
අදහස් ප්රකාශ කිරීමේ අයිතිය හා භාෂණයේ අයිතිය පිළිබඳ වැදගත් නඩු සහ සිද්ධාන්ත ලංකාවේ තිබෙනවා.
1993 දී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට විපක්ෂයේ නායකයෝ එකතුවෙලා ශබ්දය පාවිච්චි කරලා ජනඝෝෂාවක් කළා.
ඒකෙන් කළේ ශබ්ද කරලා රජයට සිය විරෝධය පාන එක.
ඒ අවස්ථාවේදී විපක්ෂය ජනතාවගෙන් ඉල්ලා හිටියා දවල් 12 ඉඳන් විනාඩි පහක් ශබ්ද කරන්න කියලා.
ඒ වෙලාවෙ ඉංගිරිය හන්දියේදී සිරිමල් කියලා පුද්ගලයෙක් බෙරයක් අරගෙන ගිහිල්ලා ගැහුවා.
ඒ වෙනකොට පොලිස් නිළධාරීන්ට උපදෙස් දීල තිබුණෙ කවුරු හෝ මොනවා හරි ශබ්දයක් කරනවා නම් ඒ ශබ්දය නවත්වන්න කියලා.
පොලිස් නිලධාරීන් ගිහිල්ලා කිව්වා බෙර ගහන එක නවත්තනවා කියලා.
ඒ මනුස්සයා නැවැත්තුවේ නෑ.
ඊට පස්සෙ පොලීසිය බෙරේ උදුරගෙන පොළොවේ ගැහුවා.
ඒ මනුස්සයා යටත් වැසියෙක් නෙමෙයි, පුරවැසියෙක්.
එයා බෙරේ පලු දෙක අරගෙන ගැහුවා.
පොලීසිය මේක නවත්වන්න පොල්ලක් අරගෙන අර මනුස්සයට ගැහුවා.
මේ සිදුවීම වෙන්නෙ 1992 වර්ෂයේ ප්රේමදාස ජනාධිපතිවරයාගෙ කාලෙ,.
ඊට පස්සෙ ඒ මනුස්සයා මේ කාරණය පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පැවරුවා.
ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ මේ නඩුව කතා කරන අවස්ථාවේදි භාෂණයේ නිදහස සඳහා යොදාගන්නා මාධ්යය සම්බන්ධයෙන් තර්ක කිහිපයක් මතුවුණා.
මාධ්යය තීරණය කරන්නේ ආණ්ඩුව නෙමෙයි භාෂණයේ නිදහස ක්රියාත්මක කරන පුද්ගලයා තමයි කියලා
ශ්රේෂ්ඨාධිකරණයේ මාක් ප්රනාන්දු විනිශ්චයකාරතුමා කිව්වා
ඒ වගේම කිසිවෙකුට කැමති පරිදි හිතන්නත් හිතන පරිදි අදහස් ප්රකාශ කරන්නත් තියෙන අයිතිය සීමාකරන්න බැහැ කියලා අධිකරණය කිව්වා.
සීමාකරන්න පුළුවන් වෙන්නේ ඒ අයිතිය ක්රියාත්මක කිරීමේදි යම්කිසි වරදක් කරනවා නම් හෝ කෙනෙකුට වරදක් කිරීමේ අභිලාෂයෙන් යම්කිසි දෙයක් කරනවා පමණයි කියලත් මාක් ප්රනාන්දු විනිශ්චයකාරතුමා කිව්වා.
Sudarshana Gunawardana

Similar Posts