වර්තමාණයේ කුරුණෑගල මලියදේව විදුහලේ විදුහල්පති ලෙස කටයුතු කරනු ලබන සමන් ඉන්ද්‍රරත්න මහතා ගේ සමහර කි‍්‍රයාකාරකම් සම්බන්ධව 2019 පෙබරවාරි මස 26 දින ලංකා ගුරු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ප්රවෘත්ති සාකච්ඡාවක දී හෙලිදරව් විය.
එම ප්රවෘත්ති සාකච්ඡාවෙන් පසුව මේ සම්බන්ධව තවත් තොරතුරු අප වෙත ලැබීමත්, මේ සම්බන්ධව මැදිහත්වන ලෙස ඉහත විදුහල්පතිගේ කි‍්‍රයාකාරකම් මත පීඩාවට පත් වූ සිසුන්ගේ දෙමාපියන් කිහිප දෙනෙක අපගෙන් කළ ඉල්ලීමක් නිසා, පසුගිය මාර්තු මස 21 වෙනි දින අප කුරුණෑගල නගරයට පැමිණියෙමු. එහි දී සමන් ඉන්ද්‍රරත්න මහතාගේ කි‍්‍රයාකාරකම් නිසා පීඩාවට පත් වූ සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් මෙන්ම, කුරුණෑගල, ජෝන් කොතලාවල විදුහලේ හිටපු විදුහල්පතිවරයෙක් ඇතුලූ ගරුවරු කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අප සමග සාකච්ඡුාවට එක් විය. එම සාකච්ඡාවට පෙර ජොන් කොතලාවල විදුහලේ ඉගැනුම ලබමින් සිටි ශිෂ්‍යාවක් වු වෙනූෂා ඉමන්දි බණාඩාර හදිසියේ සිය දිවි හානිකර ගැනීම සම්බන්ධව ජාතික ළමාඅරක්ෂක අධිකාරිය විසින් එවකට එහි විදුහල්පතිව සිටි සමන් ඉන්ද්‍රරත්න මහතාට එරෙහිව ගොණු කළ නඩුව සම්බන්ධව සොයා බැලීමට ද අප කටයුතු කරනු ලැබීය. ඉහත නඩුවෙන් අදාල විදුහල්පතිවරයා නිදොස් කොට නිදහස් කර ඇති බවටත්, අදාල නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ සොයා ගැනීමට නොහැකිව අස්ථාන ගත වී ඇති බවටත් අප වෙත වාර්තා වී තිබීම නිසා මේ සම්බන්ධව සොයා බැලූ අතර, එහි දී අපට දැනගන්නට ලැබුනේ සාක්ෂි ප්‍රමාණවත් නොවන නිසා මෙම නඩුව බහා තබා ඇති බවත්, අදාල විදුහල්පතිවරයා තාවකාලිකව මුදාහැර ඇති බවයි. එම නඩුව ගැන සොයා බැලීමේ දී අදාල විදුහල්පතිවරයාට එරෙහිව 2016 වසරේ දී බීමත්ව රිය පදවා පැසැල් සිසුවෙකු යටකරගෙන යාම සම්බන්ධව නඩුවක් පැවැති බවත්, පසුව එය වන්දි ලබා දී සමතයක් මත අවසන් කරගෙන ඇති බවත් වාර්තා විය. ඉන් පෙර 2015 වසරේ දී ද බීමත්ව රිය පදවා අදාල විදුහල්පතිවරයා තම රිය කානුවකට පෙරලී එහි සිරවී ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ඔහු බේරාගෙන ඇති බවත් වාර්තා විය. එමෙන්ම, 2014 වසරේ දී වෙනූෂා ඉමන්දි බණාඩාර දිවි හානිකර සම්බන්ධව ජාතික ළමාඅරක්ෂක අධිකාරිය විසින් පැවරූ නඩුවේ සාක්ෂිකරුවෙකු වූ එවකට ජොන් කොතලවල විදුහලේ සිටි ගුරුවරයෙකුට බැන තර්ජනය කිරීම සම්බන්ධව අදාල විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගර ගතව සිටි ඇති බවටත් අප වෙත වාර්තා විය. මෙම විදුහල්පතිවරයාගේ කි‍්‍රයාකාරකම් සම්බන්ධව 2015 වර්ෂයේ දී පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් විනය පරීක්ෂණයක් සිදු කර ඇති අතර, එම පරීක්ෂණයෙන් පසුව ඔහු පරිපාලන සේවයේ ඔහු දරමින් සිටි 2වන ශ්‍රේණියේ සිට 3වන ශේ්්රණිය දක්වා තත්ත්වය පහත දමා ඇති බවටත්, ඔහු රජයේ පාසැලක විදුහල්පති ධුරය දැරීම තහනම් කර ඇති බවත් අප වෙත වාර්තා විය. මෙවැනි පසුබිමක් ඇති පුද්ගලයෙකු පසුව පළාත් රාජ්‍ය සේවයෙන් ඉවත් වී රාජ්‍ය සේවයට ඇතුලත් වී ජාතික පාසැලක විදුහල්පති ධුරය දක්වා මේ වන විට ඔහු පැමිණ තිබේ. මේ සදහා පළාතේ බොහෝ දේශපාලණඥයන් සහාය ඔහුට උපරිමයෙන් හිමි වී තිබේ. මේ අතර, ඔහුට ඇති තවත් චෝදනාවක් වන්නේ සිසුන්ගේ මානසිකත්වය කඩා බිද දැමීමට ඔහු කරනු ලබන විවිධ කෲර කි්රයාවන් සම්බන්ධවය. 2014 වසරේ දී 10 වසරේ ඉගැනුම ලබමින් සිටියදී වෙනූෂා ඉමන්දි නැමති ශිෂ්‍යාව සිය දිවි තොරකර ගැනීමට තරම් මානසික පීඩාවක් අදාල විදුහල්පතිවරයාගේ කි‍්‍රයාකාරකම් බලපා ඇති බවට ඇය විසින් ලියා ඇති අවසන් ලිපියේ ඉතා පැහැදිලිව සදහන්ව තිබේ. ඇයට පාසැල් ළමයින් 6000 ක් ඉදිරියේ පරුෂ වචනයෙන් බැන වැදීමත්, ඉන් පසුව විවිධ දඩුවම් කිරීමත්, නිසා අති වූ මානසික පීඩනය දරා ගැනීමට නොහැකි වීමත් නිසා සිය දිවි තොරකරගන්නා බව එහි ලියා තිබේ. එම සිද්ධියෙන් පසුවත් එවැනි කි‍්‍රයාකාරකම් හි කිසිදු අඩුවක් නොමැති බව පෙනී යන්නේ මේ වන විට මලියදේව විදුහලේ ශිෂ්‍ය නායකයින් වෙත ඔහු ඇති කරමින් සිටින පීඩනය ගැන දැනගන්නට ලැබුන විටය. ඔහු එම පාසැලට අලූතින් පත්වී එන විට එහි සිටි ශිෂ්‍ය නායකයින් සියල්ල වෙනස් කිරීම සදහා නැවත කමිටුවක් පත් කර තිබේ. නමුත් එම කමිටුවෙන්ද එහි සිටි බොහෝ ශිෂ්‍ය නායකයින්ම පත් වී තිබේ. නමුත් ඊට උරණ වූ විදුහල්පතිවරයා ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඇතුලූ කණ්ඩායමකට ඔහු විසින් විවිධාකාරයේ පීඩනයන් ගෙන ඒමට කටයුතු කර තිබේ. ඒ අතර ප්‍රධාන ශිෂ්‍යනායකයා සහභාගී වන අවසාන පාසැල් උත්සවයේ ස්තුති කතාව පැවැත්වීම විදුහල්පතිවරයා විසිින් අත්තනෝමතිකව නවතා තිබේ. දිගින් දිගටම සිදුවන අසාධාරණ කි‍්‍රයාවන්ට එරෙහිව ඔහුන්ගේ දෙමාපියන් අවසානයේ දී මැදිහත් වී, මේ සම්බන්ධව ඔවුන් විසින් පොලීසියට කළ පැමිණිල්ලක් මත සිදු කළ පරීක්ෂණයකින් පසුව අදාල විදුහල්පතිවරයාට ප්‍රධාන ශිෂ්‍ය නායකයාට ස්තුති කතාව පැවැත්වීමට ඉඩ ලබා දී තිබේ. එමෙන්ම, පසුගිය වර අපොස උසස් පෙළ විභාගයෙන් ශී‍්‍ර ලංකාවෙන්ම 6වන ස්ථානය දිනාගත් සිසුවා සිසු හා ගුරු දෙගුරු හමුවේ කළ කතාවක් නිසියාකාරව සිදු කිරීමට නොහැකිවීම නිසා උරණ වූ අදාල විදුහල්පතිවරයා සිසුවාගේ එම කතාව අතරමග නතර කර ළමයින් 8000ක් පමණ සිිටින එම සභාවේ දීම අදාල සිසුවාටත්, ඔහුට සාහාය දැක්වූ ගුරුවරියටත් ඉතා අපහාසාත්මක බැන වැදී පාසැලට විශාල කීර්තියක් ලබා දුන් සිසුවා අපහසුතාවයකටත්, විශාල මානසික පීඩනයක් පත්කර තිබේ. පසුගියදා කුරුණෑගල මහාධිකරණය විසින් වසර 2කට දඩුවමක් ලබා දුන් ඒවකට ජෝන් කොතලාවල විද්‍යාලයේ රම්‍ය ද සිල්වා ගුරුවරිය සේවය කරනු ලැබුවේ ද මොහු විදුහල්පති ලෙස සේවයට කරන අවධියේ වූ සිදුවීමකට අදාලවය. මේ ඉතා කෙටි කාලයක් තුල අප සොයාගත් කරුණු වන අතර, මේ සම්බන්ධව අප විසින් තවත් කරුණු සොයමින් සිටී, එමෙන්ම, මේ සම්බන්ධව අදාල විදුහල්පතිවරයාට එරෙහිව ගත හැකි නීතිමය පියවර සම්බන්ධවද කරුණු අධ්‍යයනය කරමින් සිටින බවද මානව හිමිකම් සම්බන්ධව කටයුතු කරනු ලබන නීතිඥ කණ්ඩායමක් අප වෙත දන්වා ඇත.
ඒ අනුව මෙම විදුහල්පතිවරයා විසින් කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ඇතුළු සිසුන් පිරිසක් වෙත සිදු කරමින් සිටින මානසික පීඩාවට එරෙහිව ඔවුන්ගේ දෙමව්පියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූ අතර එම පැමිණිල්ල පසු ගිය ජූලි මස 09 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරියේ විභාගයට ගැනුනි. මේ සඳහා පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ශ්‍රියානි ආරියලතා මහත්මිය සහ එස්.ඩි.ප්‍රියදර්ශනී මහත්මිය සහභාගි වූ අතර සමන් ඉන්ද්‍රරත්න විදුහල්පතිවරයා මෙම පැමිණිල්ලේ වග උත්තරකරු ලෙස සහභාගි විය.
මෙදින විමර්ශනයේදී පැමිණිලි පාර්ශවයේ දෙමව්පියන්ගෙන් දීර්ඝ වශයෙන් සිදුවීම් ගණනාවකට අදාළ චෝදනා අදාළ විදුහල්පතිවරයාට එරෙහිව එල්ල විය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරියා අදාළ චෝදනා සියල්ල විමර්ශන ගොනුවේ සටහන් කරනු ලැබූ අතර මානසික පීඩාවට ලක්වූ ප්‍රධාන ශිෂ්‍ය නායකයාව කොමිසම ඉදිරියේ කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කළ යුතු බව සඳහන් කරන ලදි. ඒ අනුව එම සිසුවා මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බැවින් එම විභාගය අවසන් වූ පසු ඉදිරි දිනයක ඔහුව කොමිසම වෙත කැඳවීම සිදු කරන බව ප්‍රකාශ කරනු ලැබීය. මේ අවස්ථාවේ වග උත්තරකාර විදුහල්පතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කාල වේලා මදි වීම හේතුවෙන් ඊළග කැඳවීම් දිනයේදී විදුහල්පතිවරයාට තම විත්තිවාචක ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බවද විමර්ශන නිලධාරියා ප්‍රකාශ කරනු ලැබීය.
මෙහිදී විදුහල්පති වරයා තමාට ද මේ අවස්ථාවේදීම අදහස් දැක්විය යුතු බවත් ඒ සඳහා අවස්ථාව නොලැබේ නම් එය අසාධාරණ බවත් කියා සිටීම හේතුවෙන් ඔහුට අවස්ථාව ලබා දුන් අතර නමුත් එය සටහන් කර ගැනීම ඊළග කැඳවීම් දිනයේ සිදු කරන බවද එහිදී නැවතත් කරුණු කියා සිටීමට ඔහුට අවස්ථාව ලබා දෙන බවද විමර්ශන නිලධාරියා අවධාරණය කරනු ලැබීය. මෙහිදී ඉදිරිපත් වූ චෝදනා පදනම් විරහිත බව විදුහල්පතිවරයා දීර්ඝ විස්තරයක් සිදුකරමින් ප්‍රකාශ කළේය. අනතුරුව විමර්ශනය ඉදිරි දිනයක් දන්වා එවන තුරු තාවකාලිකව අවසන් කෙරුණි.
පසුව මෙම විමර්ශනය නැවතත් ඔක්තෝබර් මස 17 වන දින මානව හිමිකම් කොමිෂන් සභාවේදී පවත්වනු ලැබූ අතර ඒ සඳහා මෙහි පැමිණිලි පාර්ශවය සඳහා කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක සිසුවාව කොමිෂන් සභාව වෙත කැඳවා තිබූ අතර එහිදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු විය. මෙහි වග උත්තර කරුවන එම විදුහලේ විදුහල්පති වන සමන් ඉන්ද්‍රරත්න මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමද සිදු විය.
මෙහිදී විමර්ශනය පැවැත්වූ මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරිවරයා විමර්ශනය සඳහා නීතිමය කාරණා වෙනුවට ආගමික මතවාද, සමාජ සිරිත් විරිත්, සම්ප්‍රදායන් හා සාරධර්ම පිළිබඳව විග්රහ කරමින් තමන් මීට පෙර සහභාගී වූ පාසල් ගැටළු සම්බන්ධ විමර්ශන පිළිබඳවද සඳහන් කරමින් අතිශයෝක්තියෙන් යුතුව දීර්ඝ දේශනාවක් සිදු කොට මෙම පැමිණිල්ල සඳහා පැමිණිලි පාර්ශවයට වග උත්තර කාර විදුහල්පති සමග සමථයකට එළඹෙන ලෙසට පක්ෂක්ග්රාහී ලෙස පෙරෙත්ත කිරීමක් සිදු කරනු ලැබීය. අනතුරුව විමර්ශනය අවසන් වන මොහොතේදී පැමිණිලි පාර්ශවයේ ශිෂ්‍ය නායක සිසුවාට වග උත්තරකාර විදුහල්පතිවරයාගේ දෙපානමදින ලෙස ප්‍රකාශ කරන ලදි. මෙම සිදුවීම ස්වාධීන හා සාධාරණ විමර්ශන ක්‍රියාවලියක් අපේක්ෂාවෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණි තවත් එක් වින්දිතයෙකුගේ අපේක්ෂාවන් සහමුලින්ම බොඳකරලන්නක් බව කිව යුතුය. හිරෝෂන් ලක්ෂාන්
|
|
|