dailyreporter

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ‌පෙන්වා දෙයි. මේ අර්බුදය හේතුවෙන්ම රැකියා අහිමි වූ පිරිස සියයට 14.2ක්.

මේ තොරතුරු හෙළි වී ඇත්තේ ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයකින්.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කල මෙම සමීක්ෂණයට අනුව මෙරට පවුල් සියයට 60.5ක මාසික ආදායම අඩු වී ඇති අතර, පවුල් සියයට 91ක මාසික වියදම වැඩි වී ඇති බව අනාවරණය වී ති‌බේ.

ඔවුන් අතරින් ආදායම ඉහළ ගොස් ඇත්තේ පවුල් සියයට 3.4ක පමණයි. පවුල් සියයට 36.6ක ආදායමනොවෙනස්ව පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ල සඳහන්.

මෙම සමීක්ෂණයේදී හෙළි වී ඇත්තේ ආදායම් අඩු වූ පවුල්වලින් සියයට 73.6ක් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවටයි.

කෙසේ වෙතත් සියයට 6ක් අමතර ආදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බවත් එමගින් හෙළි වී තිබේ.

සමීක්ෂණයට අනුව ආදායම් අඩු වූ පවුල්, ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග අතර ණය ලබාගැනීම, භාණ්ඩ උකස් කිරීම, වෙනත් පුද්ගලයින්ගෙන් ආහාර සහ මුදල් ඉල්ලා ගැනීම ආදිය වෙයි.

More Stories