කොරෝනා දෙවන ‍රැල්ල යාපනයෙන් ආරම්භ විය හැකි බවත් එයින් අතිශය භයානක තත්ත්වයක් ඇති විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන වෙළෙන්ඳන්ගෙන් මෙම වසංගතය නැවත පැතිර යා හැකි බවයි ඔවුන් පවසන්නේ.
ඉන්දියාවේ තවමත් නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමත් එය මේ දක්වාත් පාලනයකින් තොර වීමත් නිසා මෙරටට ඉන්දියාවෙන් නීති විරෝධී ලෙස පැමිණෙන පිරිස් වහාම නතර කර ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාව ද බරපතල අනතුරකට මුහුණ දෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  වැඩිදුරටත් සදහන් කරන්නේ.

More Stories