5000

ආදායම් රහිත හා අඩු ආදායම්ලාභී පවුල් වෙත ගෙන aවිසින් රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමට කටයුතු කරනු ලැබුයේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

මෙම දීමනාව අදියර කිහිපයක් යටතේ ලබා දුන් අතර එහිදි රජය ප්‍රකාශ කරනු ලැබුයේ මෙය ප්‍රාදේශිය මාධ්‍යවේදින්, පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්, පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන රියදුරන්, ත්‍රිරෝද රථ රියදුරන් ආදි පුද්ගලයින්ටද හිමි වෙන බවය.

රජය එසේ ප්‍රකාශ කළද ප්‍රාදේශිය මාධ්‍යවේදින් ලෙස සලකා මෙම රුපියල් 5000 දීමනාව හිමි වුයේ නැත. ඇතැම් ප්‍රාදේශිය මාධ්‍යවේදින් මෙම දීමනාව ලබා ගනු ලැබුයේ ආදායම් අඩු පවුල් වල ගෘහ මුලිකයා වශයෙනි.

නමුත් රජය මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ ප්‍රාදේශිය මාධ්‍යවේදින්ට මෙය හිමි බවකි. එහෙත් එය එලෙස හිමි වුයේ නැත.

මේ අතර ශ්‍රි ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමය ප්‍රවෘත්ති සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත  ලිපියක් යොමු කර තිබේ.

ඉන් කියා ඇත්තේ කොවිඞ් 19 වසංගතය හේතුවෙන් රටේ අනෙක් ජනතාව මෙන්ම ජනමාධ්‍යවේදීන්ද දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටින බවය. නමුත් රජය විසින් ලබා දෙන 5000 දීමනාව ජනමාධ්‍ය ආයතන වල සේවය කරන ජනමාධ්‍යවේදීන්ට, ප්‍රාදේශිය මාධ්‍යවේදින්ට මෙන්ම නිදහස් මාධ්‍යවේදින්ටද අහිමිව ගොස් ඇති බව පෙන්වා දෙන ඔවුන් ජනමාධ්‍යවේදින් මේ අවස්ථාවේ පත්ව සිටින අපහසුතා පිලිබඳවද එම ලිපියෙන් අවධාරණය කර ඇත.

අවම සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් යටතේ සේවය කරන ජනමාධ්‍යවේදින්ද මෙම රුපියල් 5000 දීමනාව ලැබිමට සුදුසු බවත් එබැවින් ඔවුන්ටද මෙම දීමනාව ලබා දෙන ලෙසත් එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මෙම දීමනාව ලබා දිමේදි වර්ගිකරණයකින් තොරව සියලුම ජනමාධ්‍යවේදින්ට ලබා දිම සුදුසුය. මන්ද? මේ අවස්ථාවේ සියලුම ජනමාධ්‍යවේදින් සිය ජිවිත ආවධානමක නොතකා මාධ්‍යකරණයේ නියැලි සිටින්නෝ වීම නිසාය.

ශානිකා මාධවී

More Stories