MT New Diamond   නෞකාවේ ගබඩා කොට තිබෙන බොරතෙල් මුහුදට කාන්දු වුවහොත් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට දැඩි හානි සිදුවිය හැකි බවට පරිසරවේදින් අනතුරු අගවයි.

සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසා සිටියේ, “අපි උපකල්පනය කරන්න ඕනේ මේක කලාපය තුළ නෙමෙයි මේ ලෝකයේ සිදුවීමට යන විශාලම පාරිසරික විනාශය ලෙසයි. ඒ තරමට විනාශ බලගතු විය හැකියි.“ යනුවෙනි.

“කිරින්දේ සිට නැගෙනහිර පැත්තට ඇති ඉතා සංවේදී පරිසර පද්ධතියට වෙන්න පුළුවන් හානිය ඉතාමත් දැවැන්තයි. කාන්දුවීමක් සිදුවුවහොත් එය සිදුවුනාට පසුව සුදානම් වීමට අපිට කාලය මදි.“ යනුවෙන් ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

මේ අතර නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් හම්බන්තොට සිට යාපනය දක්වා වු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර අතර ඉන්ධන උරා ගත හැකි Oil Boom යෙදීම, ඉන්ධන කාන්දුවක් සිදුවුහොත් එය තනි රටකට පාලනය කිරීම අපහසු නිසා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල සහාය ලබා ගැනීම සඳහා මුලික පියවර ගැනීම, මෙන්ම මෙම ඉන්ධන නෞකාව අයත් සමාගම සම්බන්ධව නීතිමය පියවර ගැනීම ආදි සියලුම කටයුතු පරිසරඅමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය හා මෙම කාරණයට සම්බන්ධ සියලුම ආයතනවල මැදිහත්වීම මත ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කර සිටිනවා.

More Stories