අප්‍රේල් මස පැවත්වෙන මහා මැතිවරණයේදි විකටයන් කවටයන් හොරුන් සූදුකරුවන් උත්තරීතර පාර්ලිමේන්තුවට නොයවා තුන්කල් දක්නා නුවනින් යුතුව කටයුතු කරනා අළුත් පිරිසක් එහි යැවීමට මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු පූජ්‍ය පක්ෂයන් හා රටේ ප්‍රජාව කටයුතු කලයුතු යැයි මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ.

නාහිමිපානන් මේබව ප්‍රකාශ කරනු ලැබුවේ මිහින්තලා රජමහා විහාරස්ථානයේ පැවති උත්සවයකදි නළු නිලියන් ගායක ගායිකාවන් හා ක්‍රීඩකයින් මෙවර මැතිවරණයට සහභාගිවිම සම්බන්ධයෙන් ඇතිවු කථා බහක් අතරතුරදිය.

එහිදි වැඩිදුරටත් අනුශාෂනාවක් කල නාහිමිපානන්.අද නළු නිළියන් ගැන විශේෂ කථාබහක් රටේ ඇතිව තිබෙනවා.විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයට විපක්ෂයට හා සෙසු පක්ෂවලට මතක් කරන්න කැමතියි 225 පාර්ළිමේන්තුවට යැවීමේදි සුදුසු ගැලපෙන අය තෝරලා නාමයෝජනා මණ්ඩලයේදි නාමයෝජනා දෙන්න කියලා.

විශේෂයෙන්ම රටේ ප්‍රජාව දැනගන්න ඕන පෙරවැරදි ඇති අයට පාර්ළිමේන්තුවේ දොර වසා දමන්න.නළු නිලියන් ගායක ගායිකාවන් හා ක්‍රීඩකයින් පිළිබදව රටේ විශාල කථා බහක් සිද්ධවෙලා තියනවා.පසුගිය සමයේ විකටයෝ කවටයෝ පාර්ළිමේන්තුවට ගිහිල්ලා පාර්ළිමේන්තුව කෝලම් මඩුවක් බවට පත්වුණා.නමුත් නළු නිළියන් ගායක ගායිකාවන් ක්‍රීඩකයින් පාර් ළිමේන්තුවට යවන්න ඕනමනම් තුන්කල් දක්නා නුවනින් කටයුතු කරනා අය තෝරලා යවන්න.

අපේ රටේ තුන්කල් දක්නා නුවනින් කටයුතු කල නළුවන් හිටියා විජය කුමාරතුංග මැතිතුමා ගාමිණි ෆොන්සේකා මැතිතුමා.එතුමන්ලා තුන්කල් දක්නා නුවනින් කටයුතු කරපු යුග පුරුෂයන්.ඒ නිසා තමන්ගේ වටිනා ඡන්දය භාවිතයේදි හුගක් හිතලා බළලා කටයුතු කරන්න.සුදුසුම පුද්ගලයා අනුමතකරලා යවන්න.ඒ වගේම වැලි හොරැන් පස් හොරුන් කැලෑ පාළුවන් බාර් පර්මිට් තියෙන අය සූදුකාරයන් ස්ත්‍රී දූෂකයන්ට මෙවර පාර් ළිමේන්තුවේ දොර වසන්න අපි කටයුතු කරමු.

මේ හොරුන් බොහෝම මානූෂිය මුහුණුවරින් අළුත් ඇදුම් ඇදලා අලුත් ෆොටෝ එක එක පැතිවලින් ගහගෙන ලස්සනට හිනාවෙලා ඔබලා ලගට එයි. ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ හා සෙසු පක්ෂවල නාමයෝජනා මණ්ඩලයටත් එයි.වහාම ප්‍රතික්ෂේප කරන්න.තුන්කල් දක්නා නුවනින් කටයුතු කරන අළුත්ම පිරිසකට මෙවර දියවන්නාවේ දොර අරිමු.

මහා සංඝරත්නය ක්‍රිස්තියාණි ආගමික ප්‍රධානින් හින්දු මුස්ලිම් ඇතුළු සියළුම ආගමික නායකයින් ඒක්ව මේ රට හදන්න මේ රට ගොඩගන්න පුළුවන් පිරිසක් පාර්ළිමේන්තුවට යවමු යැයි නාහිමිපානන් වැඩිදුරටත් පැවසුහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories