කොරෝනා නොහොත් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත ව්‍යාප්තිය චීනයෙන් ඇරඹෙන්නේ පසුගිය වසරේ අගභාගයේදීය. මෙය චීනය පුරා වේගයෙන් ව්‍යාප්ත වූ අතර මෙම වසරේ ජනවාරි පෙබරවාරි වන විට ඒය දැවැන්ත ලෙස චීනයේ ව්‍යාප්ත විය. අන්තර්ජාලයෙන් හා සමාජ මාධ්‍ය ජාලා තුළින් ඒහි දරුණු බව අපට දැක ගත හැකි වූ අතර ලෝකයම ඒ් පිළිබදව වික්ෂිප්ත විය.

චීනයේ මෙම වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය ගණන දරුණු ලෙස වැඩි වූ අතර මේ වන විට චීන ජාතිකයන් ලෝකය පුරාම සංසරණය වීම ඉහළ අගයක් ගන්නා බැවින් ලෝකයට මෙය පැතිරීමේ අවදානම වැඩි විය. චීනයෙන් පිටත මෙය වැඩි වශයෙන් ආසාදනය වූයේ දකුණු කොරියාවේ වන වඅතර ඉන් පසු ඉතාලියේ දරුණු ලෙස මෙම රෝගය දරුණු ලෙස ව්‍යාප්ත විය. අද වන විට මෙම රෝගය ලෝකය පුරාම ව්‍යාප්ත වී ගෝලීය වසංගතයක් බවට පත් වී ඇත.

වුහාන් සිසුන් ගෙන්වා ගැනීමේදී ආණ්ඩුව හොඳින් ක්‍රියාත්මක වීම

චීනයේ වුහාන් ප්‍රාන්තය මෙම වෛරසය දරුණු ලෙස පැතිර ගිය ප්‍රාන්තය විය. ඒහි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක්ද සිර වී සිටි අතර ඔවුන්ගේ වීඩියෝද සමාජ මාධ්‍ය ජාලා පුරා පැතිරෙන්නට විය. ලොව බොහෝ රටවල් චීනයේ සිටි ඔවුන්ගේ වැසියන් මුදාගත් අතර ඒ මගම යමින් ලංකාවද චීනයේ සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබීය.

වඩා අවදානම් සහගත වුනේ චීනයේ වුහාන් සිසුන් මෙරටට ගෙන්වා ගැනීමයි. ඒ් වන විට ලංකාවේ මෙම වෛරසය ආසාදනය වූ කිසිවෙක් වාර්තා නොකල පසුබිමක වෛරසය මෙරටට ඇතුල් නොවී සිසුන් ගෙන්වා ගැනීම අවදානම් සහගත කටයුත්තක් විය. ඒ් සම්බන්ධයෙන් රජය ඉතාම වැදගත් පියවරයන් ගණනාවක් ගත් අතර මෙම ක්‍රියාවන් පෞද්ගලිකවම ජනාධිපතිවරයා අධීක්ෂණය කල බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

රජය මෙහිදී සිසුන් රැගත් ගුවන් යානය මත්තලට ගුවන් තොටුපළට ගොඩ බස්සවා ඒහිදී සුවිශේෂී ආරක්ෂීත උපායමාර්ග අනුව සිසුන්ව ඇතුල් කරගන්නා අයුරු දැක ගත හැකි විය. ඉන් පසු ඔවුන්ව විශේෂ ඇදුම් දී විශේෂ බස් රථයකින් හමුදා ආරක්ෂාව මැද දියතලාව හමුදා කඳවුරේ ඒ් වෙනුවෙන්ම සූදානම් කර තිබූ නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යන ලදී.

මේ ක්‍රියාව බොහෝ දෙනා අගය කල අතර ඇත්තවශයෙන්ම රජය සිදු කරන ලද වැදගත් ඥානාන්විත ක්‍රියාවක් ලෙස මෙය සැලකිය හැක.

වුහාන් ක්‍රියාන්විතය ඉතාලි දකුණු කොරියා ශ්‍රමිකයන්ට නැත්තේ ඇයි?

ප්‍රශ්නය පැන නගින්නේ ඉතාලියට හා දකුණු කොරියාවට මෙම වෛරසය පැතිරීමත් සමග ඉතාලි හා දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ලහි ලහියේ පැමිණීමට පටන් ගැනීමත් සමගයි.

ඉතාලියේ හා දකුණු කොරියාවේ සිටින්නේ ලංකාවේ නිර්ප්‍රභූ ජන කොටස් වල සාමාජිකයන් වන රැකියාව සඳහා ඒම රටවලට ගොස් සිටින අයයි. ඉන් ඇතමුන් ගේමක් ගසා ඒහිම පදිංචි වී ඇති බව අප දන්නා කරුණක්. නමුත් චීනයේ සිටින්නේ මෙරට යමක් කමක් කරගත හැකි

පවුල් වල අයගේ ළමයි බව අප හොදින්ම දන්නා දෙයක්. ආණ්ඩුව චීනයේ සිසුන් ගෙන්වා ගනිද්දී ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙමින් කටයුතු කරනු ලැබීය.

නමුත් ඉතාලිය හා දකුණු කොරියාවෙන් පැමිණෙන්නන් මෙලෙස තොග වශයෙන් පැමිණෙන බව ආණ්ඩුව දැන ගත්තද ආණ්ඩුව ක්‍රියාත්මක වීමේදී දැක්වූයේ ඉතාමත් මන්දගාමී ස්වරූපයක්. මෙම රටවල් වලින් මිනිසුන් පැමිණෙන බව දැන දැනම ආණ්ඩුව මුල් අවස්ථාවේ නිද්‍රා ශීලීව සිටින ලදී. ඒ් නිසා බොහෝ දෙනෙක්ට නිරෝධායනයට ලක් නොවී රට තුළට පිවිසීමට හැකි විය.

විශේෂයෙන් ආණ්ඩුව මොවුන්වද වුහාන් සිසුන්ට කළාක් මෙන් ගුවන් තොටුපළේ මහජනයා ගැවසෙන ස්ථානයට රැගෙන නොගොස් ගුවන් පථය තුළ ගුවන් යානාවෙන් බස්සවා ගත් සැනින් ඔවුන්ව නිරෝධායනය සඳහා යොමු කිරීමේ සුවිශේෂී ක්‍රියාවලියක් ආරම්භ කළානම් මේ ආකාරයට තත්වය දරුණු නොවනු ඇත. අද වැඩි වශයෙන්ම මෙම රෝගය ව්‍යාප්ත වී ඇත්තේ මෙලෙස ඉතාලියෙන් හා දකුණු කොරියාවෙන් පැමිණි පුද්ගලයන්ගෙනි.

ආණ්ඩුව මෙහි අවදානම බොහෝ දෙනා පෙන්වද්දී සැලකීමකට ලක් කලේ නැත. ආණ්ඩුව වුහාන් සිසුන් නිරෝධායනය කිරීමේදී යොදා ගත් ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම නොවුනත් 75%ක ප්‍රමාණයකින් හෝ යොදා ගත්තේ නම් මේ අවදානම ඇති නොවනු ඇත.

ආණ්ඩුවට ඒ් නිසා අද පොලීසිය යොදවා නිරෝධායනයට ලක් නොවූවන් සෙවීමට සිදු වී ඇති අතර ඒය සාර්ථක වන විට තවත් පිරිසක් මෙම රෝගයට ගොදුරු වනු ඇත. ලංකාවට ඇත්තේ ඒක් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බැවින් මේ තත්වය ඉතාම පහසුවෙන් ආණ්ඩුවට සමනය කර ගැනීමේ හැකියාව පැවැතුණි. දැන් ගුවන් තොටුපළ වසන විට රෝගයේ රෝග වාහකයන් බෙහෝ පිරිසක් ලංකාව තුළට පැමිණ ඇත.

දැන කළ යුතුව ඇත්තේ මෙම රෝගය පැරදවීමට හැකි උපරිමයෙන් රජයට සහය වීම හා පෞද්ගලිකව කළ හැකි දේ සිදු කිරීමය.

-දුලාන් දසනායක

More Stories