අජිත් පැරකුම් ජයසිංහ
ලංකාව International Labour Organization කියන එක පවා වැරදියට පරිවර්තනය කරගත් රටක්. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය නෙමෙයි, ජාත්‍යන්තර ශ්‍රම සංවිධානය විය යුතුයි.
ශ්‍රමය සම්බන්ධ කාරණාවලදි වැඩිපුර ගැටලු තියෙන්නෙ කායික ශ්‍රමිකයාට වුණාට බුද්ධිමය ශ්‍රමිකයන්ට ගැටලු නැත්තෙ නැහැ. ඒ ගැන සංවිධානවලට හරි අවබෝධයක් නැහැ. නූතන ශ්‍රම ප්‍රවණතා ගැන තවම කාටවත් හරිහමන් විග්‍රහයක් නැහැ. ඒවා අධ්‍යයනය කර තිබෙන ප්‍රමාණය ඉතා අඩුයි.
ලංකාවෙ පිළිගත් ශ්‍රම ප්‍රමිති සම්පාදනය කර තිබෙන්නෙ රාජ්‍ය සේවය සමග සන්සන්දනය කරමින්. ඒ වුණාට, රාජ්‍ය සේවයෙන් පිටතට ඒ ශ්‍රම ප්‍රමිතිවල බලපෑම අවමයි. ඒ නිසා තමයි, මාත් ඇතුළුවන බොහෝ ශ්‍රමිකයන් අදත් වැඩකරන්නෙ.
මැයි දිනයේ ඉතිහාසය අනුව, එය ලෝක කම්කරු දිනය වීම සාධාරණයි. එහිදී කායික ශ්‍රමය අලෙවි කරන කම්කරුවන් ගැන අවධානය යොමුවීම සාධාරණයි. ඔවුන්ට තමයි වැඩියෙන්ම ගැටලු තියෙන්නෙ. ඔවුන් තමයි වැඩියෙන්ම සූරාකෑමට ලක්වෙන්නෙත්. උදාහරණයක් තමයි, දේශපාලකයන් ඇවිත් හැඩි කරලා යන කොළඹ පිරිසිදු කරන්නට අදත් වැඩකරන සනීපාරක්ෂක කම්කරුවන්.
ඒ වගේම කායික ශ්‍රමිකයන් සෙසු අයව සූරාකන එකත් කරනවා. උදාහරණයක් තමයි ලංකාවේ බහුතරයක් බාස්උන්නැහේලා.
හැබැයි, අද තියෙන මැයි දින පෙළපාලි, සැමරුම්, රැස්වීම් ආදියට කම්කරුවන් කීදෙනෙකු සහභාගි වෙනවාද? මේවායෙදි මං නම් හිතන්නෙ එක කම්කරුවෙකුටවත් කතාවක් පවත්වන්නට අවස්ථාව ලැබෙන්නෙ නැහැ. ඒවා කරන්නෙ දේශපාලන හා වෘත්තීය සමිති නායකයෝ.
ඇත්තම කියනවා නම් කම්කරුවො මේ විකාරවලට සම්බන්ධ වෙන්නෙත් නැහැ.