gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

සංශෝධිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිය කනස්සල්ල පළ කර තිබුණද කාරක සභා අවස්ථාවේදී එවැනි සංශෝධන යෝජනා පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට හැකියාවක් නොතිබුණු බව සඳහන් වේ.

එබැවින් එකී සංශෝධන සහිතව 2024 අංක 9 දරන ඔන්ලයින් ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2024 පෙබරවාරි 12 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අවසරය ලැබී ඇත.

මේ අනුව, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කිරීමටත්, පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Similar Posts