emai

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 10කට අධිකකාලයක් පුරා පැවති නඩු විභාගය අවසානයේ තීන්දුව  ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව මෙම සිද්ධිය හටගත් අවස්ථාවේ වැලිකඩ බන්ධනාගාර අධිකාරී ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවාට මරණ දඩුවම නියම කෙරුණු අතර මෙම සිද්ධියේදී වැලිකඩ බන්ධනාගාරයට පිවිසි එවක පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස්කොට නිදහස් කෙරුණා.

බොරැල්ල වැලිකඩ බන්ධනාගාරය අවට ප්‍රදේශය යුද පිටියක් කරමින් ඇවිලී ගිය කලබලකාරී තත්වය හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි බරපතල වැරදි සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්වූ 27 දෙනෙකු මරණයට පත්වුණා.

ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී සාක්ෂි සම්පිණ්ඩනය කර ගැනීමට හැකිවූයේ පුද්ගල මරණ 8ක් සම්බන්ධයෙන් පමණයි.

More Stories