ලොවම බිලිගත් ලංකාවේද මහා ව්‍යවසනයක් වූ කොරෝනා වෛරස් රෝගි තත්ත්වය පාලනය කරන්නට හා රෝගය පැතිරිම අවම කරන්නටද වෙනත්  බෝවන රෝග සඳහා උපකාරිවන අති නවින ආරක්ෂිත ඇඳක් නිර්මානය කරන්නට ලංකාවේ වෛද්‍යවරු කණ්ඩායමකට හැකිව තිබේ. මෙම නව ආරක්ෂිත විශේෂිත කුටියක ඉදිකළ ඇඳ සකස් කරන්නට පියවර ගෙන ඇත්තේ දියතලාව හමුදා රෝහලේ වෛද්‍ය පැතුම් කර්නර් මහතාය.

38 වන වියේ පසුවන හෙතෙම තමාගේ මිතුරු තවත් වෛද්‍යවරු කණ්ඩායමක් සමඟ මෙම ආරක්ෂිත ඇඳ සකස් කර තිබේ. සාර්ථකව නිෂ්පාදනය කර ඇති මෙම ඇඳ ලංකාවේ හා විදෙස් රෝහල් පද්ධතියට ගැලපෙන නිසා විදෙස් අපනයනයටද යොදාගත හැකි වීම ද මෙහි ඇති විශේෂත්වයි.

මෙය සත්තකින්ම අතිනවීන ආරක්ෂිත ඇඳකි. වෛද්‍යවරුන්ගේ ආරක්ෂාවද රෝගියාගේ ආරක්ෂාවද රෝගියාට ඇති සුව පහසුවද මෙම නවීන ඇඳෙහි සකස්කර ඇති අතර. රෝගියාගෙන් අවට පරිසරයට මුදා හරින කිසිදු ද්‍රව්‍යක් හෝ විෂබීජයක් හෝ ආස්වාස ප්‍රාස්වාස කිසිදු ද්‍රව්‍යක් හෝ කිසිදු ද්‍රව්‍යක් අවට පරිසරයට මුදා හරන්නට නොහැකිය. ඒ සියල්ලම මෙම ඇඳ සහිත විශේෂ කුටීරයේ එක් පද්ධතියක තැම්පත් වී විෂබීජ හරනය වීමෙන් පසුව පරිසරයට සෞඛ්‍ය ආරක්ෂිතව මුදාහරින්ට තරම් වූ තාක්ෂණයක් මෙහි අන්තර්ගතව ඇත.

ආරෝපිත බැටරියකින් පන ගන්වන්නේ නම් පුරා පැය හතරක් මෙය ක්‍රියාත්මකව පවතින අතර, විදුලියෙන් නම් පැය විසිහතරක කාලයක් මෙය ක්‍රියාත්මක කළ හැකිය. මේ නිසා ඕනෑම පාරිසර තත්ත්වයක් තුළ කාලගුණික අහයපත් වු පරිසරයක වුවද  ගුවනින් හෝ ගොඩ බිමින් රෝගියා අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගෙන එන්නට මෙම පහසුකම් සකසා ඇත.

විදෙස් රටවලින් මෙය මිල දී ගන්නේ නම් රුපියල් ලක්ෂ 6ක් හෝ 8ක් වැනි මිලක් නියම වේ. නමුත් මෙම වෛද්‍ය කණ්ඩායම මෙම නිර්මාණය සිදුකරන්නට වැය වී ඇත්තේ පරික්ෂණ හා විවිධ අත්හදා බැලීම් සිදුකරමින් මෙම ආරක්ෂිත ඇඳ නිර්මානය කරන්නට වැය වී ඇත්තේ ලක්ෂ පහකට ආසන්න මුදලකි. නමුත් මොවුන් මෙම ආරක්ෂිත ඇඳ අවසන් වරට නිෂ්පාදනය කරන්නට වැය වී ඇති මුදල රුපියල් ලක්ෂ 3ක් ට ආසන්න මුදලකි.

මෙය ලංකාවේ පරිසරයට ලංකාවේ වෛද්‍යවරුන්ට හා රෝහල් කාර්යමණ්ඩලයට හා රෝහල් පද්ධතියට සරිලන ආකාරයට සකස් කර ඇති වීම විශේෂත්වයකි.මෙය සෞඛ්‍ය ආරක්ෂිතව නවතම කුටීරයක සකස් කළ ඇඳකි.

මෙම නව ආරක්ෂිත විශේෂිත කුටියක ඉදිකළ ඇඳ සකස් කරන්නට පියවර ගෙන ඇත්තේ දියතලාව හමුදා රෝහලේ වෛද්‍ය පැතුම් කර්නර් මහතාය. 38 වන වියේ පසුවන හෙතෙම තමාගේ මිතුරු තවත් වෛද්‍යවරු කණ්ඩායමක් සමඟ මෙම ආරක්ෂිත ඇඳ සකස් කර තිබේ. මෙම කටයුත්ත ආරම්භ කර අවසන් කරන්නට මාස හයක් පමණ ගත වුනා. මෙය දැනට සෞඛ්‍ය අංශ නව නිපැයුම් අංශය, හා සියලුම බලධාරිනගේ අනුමතිය ඇතිව සකස් කර ඒ සඳහා අනුමතිය ලබා දී තිබෙනවා. මෙම උපකරණය දැනට රාගම ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගිනගේ ප්‍රයෝජන සඳහා ලබා දී තියනවා.

මෙම ආරක්ෂිත ඇඳ ඇමරිකාවේ දකුණු කොරියානු වැනි රටවල භාවිතා කරනවා.නමුත් මෙය ලංකාවේ වෛද්‍යවරු විසින් ලංකාවේ පරිසරයට ගැලපෙන ආකාරයට අපේම තක්ෂණය මගින් අප වෛද්‍ය කණ්ඩායම මේ ආරක්ෂිත ඇඳ සකස්කර නිර්මානය කළා. මෙය ඉතා වැදගත් වු නිර්මාණයක් වශයෙන් හදුන්වා දීය හැකියි.

මේ ඇඳ අපට ඉතාම අඩු මිලකට අපේ රටේ නිෂ්පාදනය කරන්නට හැකියාව තිබෙනවා.එය විදෙස් රටවලට ද අපනයනය කරන්නට හැකියාව තිබෙනවා. මේ සඳහා අපිට ලංකාව වාගේම ලෝකයට ගැලපෙන ආකාරයට මේ නවීන ආරක්ෂිත ඇඳ සකස් කරන්නට හැකියාව තිබෙන නිසා විදෙස් වෙළද පොළට මෙය යවන්නට හැකියාව තිබෙනවා.

ලොව මේ ඇඳන් සඳහා විශාල ඉලුමක් තිබෙනවා.මේ නිසා සඳහා ආයෝජකයෙක් හෝ රාජ්‍ය ආයතනයක්හෝ වෙනත් අංශයක් හෝ ඉදිරිපත් වන්නේ නම් ඉතාම අඩු මිලකට මේ ඇඳවල් නිෂ්පාදනය කර විදෙස් වෙළඳ පොළට වාගේම ලංකාවේ රෝහල් පද්ධතියට යොමු කරන්නට ලබා දෙන්නට හැකි බව වෛද්‍ය පැතුම් කර්නර් මහතා පවසයි.

සටහන හා ඡායාරූප – බෝගහගොඩ :  ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

More Stories