නා මල් පෙති මේ පුද බිමේ සුදුම සුදුවැලි තලය මත අතුරා ඇති සේය. බෝපත් ද බුදු ගුණ ගීත කියන්නාහුය. නා මල් කොළ පත්‍ර ඉති ද,නාමල් රේණු ද,ඒ අතර සුදු වැලි තලය සිප ගන්නා වු බෝපත්ද දැකිය හැකිය.සල්මල් පෙතිද කොළ ද පත්‍රද ඉතිද ඒ අතරට වැටී ඇත්තේ පොළව පුරා සකස් කර ඇති ඇතිරිල්ලක් මෙනි. නිරතුරුවම සල්මල් සුවඳ ද,නා මල් සුවඳ ද මල් පහන් සුව ඳ,හදුන් කූරු සුවදින් ද,විහාරය දෙවොල සුවඳවත් ය.
මේ විහාරය නිරතුරුවම පැය විසි හතරේම දැල්වෙන පහන් සිළු සිළි සිළි ගා හැඩවෙන ඝණ්ඨා නාදයෙන්ද,කෝදාගොඩ කුඹුරු යාය පැසුණු වී කරල් ද,කිරි ගවයන්ගෙන් සමන් විත ළමා වසු පැටවුන් ද ,කහ සිවුරේ අසිරිය ද ,බෝපත් ඒ ඒ මේ අත සැලෙන අසිරි සිය අගනේය. එය සිත ගත සාධු මහිමයෙන් සමාධිගත කරවමින් නිවනට යන්නට මඟ දෙපස පසක් කරන්වා වූ නින්නාදයක් හදවතට දැනේ.
ඒ අතරතුර දහවලට ද ,රාත්‍රිය පුරාවම පන්සල් බිමේ සිට ගමේ ඈත මෑත, මහ මූකලාන කදූ යාය වල් දක්වා ඒ මේ අත අහසේ චිත්‍රණ වන දේවතා එළි රැසකි. කෝදාගොඩ සුන්දර ගමෙහි අහස පුරාද,පොළව පුරා ද අසිරිය මළුව විහාරස්ථ පිංකෙනෙහි දැකිය හැකිය. අද්භූත වු ද මනරම් වූද සාධු හඩින් පිරිගිය මෙම පුද බිම සුරක්ෂිත කරන්නට අදාල පියවර ගන්නේ නම් අගනේ ය.
ගාල්ල,ඉමදුව,කෝදාගොඩ ගම්මානයේ රාජමාලකාරාම පුරාණ විහාරස්ථානය නැත හොත් මළුව පුරාණ විහාරස්ථානය පිහිටා ඇත.මේ විහාරය සම්බන්ධයෙන් විහාර හස්නේ සඳහන් වන්නේ බෝධිමළු විහාරය නමිනි.
මෙහි මහා අත්භූත සිදුවිම රැසක් අති බවට ගම්වාසිහු පවසති.දිනපතා රාත්‍රියේ මහා අද්භූත සිදුවීම් සිදුවන බව අදටද දැකිය හැකිය.මෙම විහාරස්ථානයේ බෝධින් වහන්සේ හා වසර ගණනක් සඳහන් කරන්නට නොහැකි තරමේ මහා අතු පතර විහිදුණු නා ගස් විස්මය ජනක ගස් සමුහයක් මැද පිහිටි ගල් කුළුණු වලින් වටකර සකස් කරන ලද නා කොටුව නැමැති ස්ථානයක මහා නිධානයක් ඇතැයි එම වෙහෙර වාසි රාජමාලකාරාම ප්‍රරාණ විහාරස්ථානයේ විහාරාධිකාරි වලස්මුල්ලේ සුධීර අප හිමියෝ අප සමඟ පැවසුහ.
ධා පුළුන් හෙවත්,ධා පුළුසෙන් හෝ ධාතු සේන රජතුමා ඈත අතිතයේ ප්‍රාදේශිය රජකෙනෙක් රජකම් කළ ප්‍ර දේශයක් නිසා මෙහි ඇති සත්‍යතාවය අදටද දැක ගත හැකිය. රජුට රජු සමඟ එක්ව කටයුතු කළ රුවැති කුමාරිකාවන් තිස් පස්දෙනෙකු කපාකොටා මරා මහා නිධානයක් මෙහි වළ දමා එයට උඩින් මේ කුමාරිකාවන්ගේ සිරුරු තැම්පත් කර ඇති බවට ජනප්‍රවාදයේ සඳහන්ය.මේ කතාන්දරයට සමාන වු කතා රැසක්ද ගමේ පිරිස් අප සමඟ පැවසුහ.ඔවුන් බහිරවයන් වී මේ විහාරස්ථානය විහාරයේ මහා පත්තිනි දේවාලය හා මහා නිධානය හා වස්තුව ආරක්ෂාකරන බවද කියති.
මේ අනුව, මේ රූමත් කුමරියන් මේ මහා නිධානය ආරක්ෂාකරන බහිරවයන් බවට පත් වී තිබෙනවා.සමහර ගම්මු පවසනවා මේගමට නම සකස් වු ආකාරයද මේ සිද්ධියට සම්බන්ධයි කියලා. මේ අනුව,කෝ+ ධාතූ + ගොඩ = හෙවත් කෝදාගොඩ ගම්වාසිහු අදට ද විමතියෙන් යුතුව පවසති.
කෝදාගොඩ මළුව විහාරස්ථානයේ රාත්‍රියේ දී මහා අත්භූත සිදුවිමි සිදුවන බවත් විහාරස්ථානයට හොර සතුරෙක් පැමිණිය හොත් සිදුවන දේ පවා සිතාගත නොහැකි බව, රාජමාලකාරාම ප්‍රරාණ විහාරස්ථානයේ විහාරාධිකාරි වලස්මුල්ලේ සුධීර අප හිමියෝ අප සමඟ පැවසුහ.
ඒ මේ විහාරස්ථානයට හා මහා නා ගස් වලට මෙන්ම නිධානය ඇතැයි කියන නා කොටුව නැමැති ස්ථානය සුරක්ෂිත කරන යක්ෂ,භූත,කුම් භාණ්ඩ,පිසාචක බහිරවයන් සමුහක් විසින් පැය විසිහතර පුරාවටම සිදු කරනවා.මෙම අදුෂ්‍යමාන පිරිසක් අප විහාරය සුරක්ෂිත කරන බව ගැමියෝ පැවසුහ.
අභූත සබ්ධ මහා අලෝක රටා හා රාත්‍රියේ දී ඇවිදින බව කියන මහා භූත ආත්මයෝ නිසා විහාරස්ථානය මහා විස්මිත වු පිං කෙතකි.නොයෙක් රෝග උපද්‍රව ඇති වී විහාරයට දේවාල පියසට එන සමහර රෝගි පිරිස් පවා විහාරස්ථානයේ නා ගස් බෝ ගස්,සල් ගස් සෙවන සිසිළ තුළ විවේකීව සිට බුදුන් දෙවියන් වැද ගිය ගල්හි රෝගි පුද්ගලයන් සුවපත්වන බව ද සුධීර හිමියෝ අප සමඟ පැවසුහ.
විහාරාධි පති අප හිමියන්ට කිසිදු අනතුරක් හෝ අන්තරාවක් නොවන අතර, විහාරස්ථානයට අනතුරක් හෝ අවැඩක් කරන්නට පන්සල් වත්තට පැමිණිය හොත් ඔහුට හෝ ඇයට සිදුවන්නේ කුමක්දැයි ඔවුන් හෝ නොදනි.එතරම් මහාබලයක් මෙම රාජමල්කාරාම රජමහා විහාරස්ථානය වටා විශ්මිය ජනිත කරවමින් දැකිය හැකිය.
කෝදාගොඩ ගමේ පිහිටි මහා හස්කම් හා මහා ඉතිහාසයක් ඇති මළුව පන්සල වටා ගෙතුනු අභිරහස් විස්මිත කතාන්දර රැසකි.
අප මේ විහාරස්ථානය මුලින්ම සකස්කර තියෙන්නේ දේවාලයක් වශයෙන්.පසුව තමයි විහාරස්ථානයක් වශයෙන් පත්ව තියෙන්නේ. දෙවුන්දර දේවාලය සකස් කරන්න පෙර මේ දේවාලය ඉදි වුවා යැයි විහාරස්ථායේ වැඩ විසූ නායක හිමිවරු අප සමඟ පවසා තියනවා.මහා පත්තිනි දේවාලයක් ලෙසයි පවත්වාගෙන ගොස් තියෙන්නේ.
නා ගස් වසර දහසකට අධික කලයක් පැවති නා ගස් සමුහයක් මෙහි තිබෙනවා.මේ නා ගස් විහාරස්ථානය පුරා තියනවා.සල් ගස් ද දැකිය හැකියි.ගල් කුළුණු,ගල් පහන්,පැරණි උළුකට හා කිරි ගරුඩ පිලිම වහන්සේලා,පරණි කාසි හා තවත් දේවල් රැසක් මෙහි සංරක්සිතව තිබෙනවා.…….? (විහාරයේ හා විහාරවාසි හිමිගේ ආරක්ෂාවට විහාරය සතු සමහර දේ ගැන සදහන් නොකරමි.)
විහාරස්ථානය තුළ පොලව යටිත් විවිධ පුරා විද්‍යා බදුන් හා වළං කැබලි පිලිම ආදිය මතුව තියනවා.ඒ වා ආරක්ෂිතව රැකවරණයක් ඇතිවයි තියෙන්නේ.කෝදාගොඩ ප්‍රදේශයේ රජකළ බව කියන ධා පුළුන් හෙවත්,ධා පුළුසෙන් හෝ ධාතු සේන රජතුමා පළමුව ඇඳහූ දෙවාලය තමයි පසුව අපේ මේ රජමහා විහාරය පන්සල් බවට පත්ව තියෙන්නේ.
නිරතුරුවම උදේ සවස තම රාජ කුමාරියන් සමඟ ධා පුළුන් රජතුමා දේවාලයට එන සිරිතක් වී තියනවා. අපේ විහරස්ථානයේ ඇති පත්තිනි දේවාලය ඒ කාලයේ ද අද වාගේම මහා හාස්කම් ඇති ස්ථානයක් වශයෙන් අදටත් දැකගත හැකියි. රජුමිය ගිය පසුව,තමයි විහාරස්ථානයක් වශයෙන් සකස් කර තියෙන්නේ.රජුගේ සියලුම ධනය හා වස්තුව,රන් ආභරණ හා බිසොවරුන්ගේ රන් රිති ආභරණ හා සියලුම ධනය හා වස්තුව අප පන්සලේ නා කොටුවේ වළ දමා තියනවා. ඒ මතයි නා කොටු කියන ස්ථානය සකස් කර පත්තිනි දෙවියන්ට දේව මෑණියන්ට පූජාකර තියෙන්නේ.මෙම ස්ථානයට අවසරයක් නොමැතිව රැයටද දහවලටද කිසිවෙකුටවත් එන්න බෑ.එතරම්ම මහා අද්භූත බලයක් මෙම නා කොටුවේ තුළ තිබෙනවා.
මෙම නා කොටුව තුළ සකස් කරනු ලද මහා වළක යටිත් මුතු වු මහා ගළුගලක් මත,ඒ ගල යට බිසිවරුනගේ හා රජුගේ සියලුම ධනය හා වස්තුව, ආභරණ වළ දමා ඒ ගල උඩ සිය කැමැත්නේන්ම එම මහා ගල් පොත්ත මත රාජකුමාරිකාවන් තිස් පස්දෙනෙක් දිවි නහගෙන දිවි පුදා තියනවා.
ඒ දේවාලය ආරක්ෂා කිරීමේ හා පත්තිනි දෙවියන්ට සිදුකරන්නා වු විශේෂ භාරයක් වශයෙන් හා දේවමාතාවන්ට ගරුත්වයක් භක්තියක් වශයෙන්. මෙසේ පත්තිනි දේවතාවිය වෙනුවෙන් දිවි පිදු රාජ කුමාරිකාවන් මේ පිරිස තමයි එදා සිට මේ දක්වා දේවාලය හා විහාරස්ථානය සුරක්ෂිත කරනවා කියන්නේ.මේ විහාරස්ථානයට කිසිවෙකු හානියක් කරන්නට හැකියාවක් නෑ.
කුමාරිකාවන් දිවි පිදු ධනය හා වස්තුව තැම්පත් කළ ස්ථානය පසුව එය කොටුවක් ආකාරයට සකස් කර කල්කණු යොදා ආරක්ෂාකාරි ආකාරයට සකස් කර තියනවා. මෙය තමයි අප මුලින් ප්‍රකාශ කළ නා කොටුව කියන්නේ.
එහි වසර ගණනාවක් පැරණි නා ගස් සිටුවා ආරක්ෂා කර තියනවා. සමහර සතියේ දිනවල අප විහාරස්ථානයට රාත්‍රියේ සතර පේරුවේ සමහර දායකදායිකාවෝ එන්නේ නෑ. එන්න හිතෙන්නේ නෑ.එන්න දෙන්නේ නෑ.ඒ කතාන්දරය මහා කතාන්දරයක්.මහා අදුෂ්‍යමාන නෑ….නෑ… ? …හිම්… ඒ කතාන්දරය නොලියා ඉදිමු.විහාරස්ථානයේ නා කොටුව නම් ස්ථානය තුළ තමයි නිධන් තැම්පත්කර තියෙන්නේ කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.
පොත් පත්වල් හා පුස්කොළ පොත්වල ධා රජුගේ බිසොවරුන්ගේ රන් ආභරණ ධනය වස්තුව තැම්පත් කර තමයි විහාරස්ථානයේ මේ මහා නිධානය සකස් කර තියෙන්නේ නා කොටුව කියන ස්ථානයි. මෙහි ඇති හා විහාරස්ථානය පුරා ඇති මහා ගස් වල වයස කියන්නට නොහැකි තරම් මහා විශාලයි අතු පතර විහිදි ඇති නාගස් හා සල් ගස් ද සමුහයක් තියනවා.මේවා මහා හාස්කම් තියනවා.පුරාවිද්‍යාවේ මහත්වරු නම් කියන්නේ අවුරුදු දහසකටත් (1000) වඩා පැරණිය කියලා.ඇවිත් බලන්න කිසිදු පරික්ෂණයක් මේ සමබන්ධයෙන් සිදු කරලා නෑ. පුරා විද්‍යාවට ිපි ලීවා කිසිදු ප්‍රතිචාරයක් නෑ. මේවා ආරක්සා කරන්න කටයුතු කළ යුතුයි.
මෙම නා කොටුව අසල චෛත්‍යයක් තිබි ඇති බවට සාධක තියනවා. එක දවසක් රජු බලා සිටිය දීම චෛත්‍ය පොළවට ගිල ගත් බව කියනවා ජනප්‍රවාදයේ සඳහන් පරිදි එම චෛත්‍යයේ කොත් කැරැල්ල දක්වාම මේ චෛත්‍ය ගිලා බැස තියනවාලු.රජු මේ නිසා විස්මයට පත්වු බව සඳහන් වෙනවා.
අපේ ගමේ නම එනම් කෝදාගොඩ සැදි ඇති ආකාරය ද පුදුම සහගතයි.කෝ…දා…ගොඩ …තමයි පසු ව කෝදාගොඩ බවට පත්ව ඇති බව ජනවහරේ තියෙන්නේ. විහාරස්ථානයට ගෙන එන ලද ධාතුන් වහන්සේලා නමවල් කිහිපයක් එක්වරම අතුරුදන් වූ නිසා මේ නම මේ ගමට වර නගන්න ඇතැයි කෝදාගොඩ ගමේ අද සිටින වයස අවුරුදු 92 , 86 හා 80 වැනි වියේ පසුවන පිංවතුන් පවා කියනවා.ඒ අය අදට ද ගමේ ඡීවත්ව ඉන්නවා. ධා පළුසෙන් නැතිනම් ධාතුසේන ධා පුළුසන් යැයි නම් දරණ රජකෙනෙක් තමයි මේ මාලිග තැන්න රාජමාලිගාවේ මේ පළාත පාලනය කරගෙන සිට ඇත්තේ. රජු දේවාලයට ආ දිනක වෛත්‍ය අතුරුදන්ව තිබෙන බව දැක මෙම දේවාලයේ පත්තිනි දේවාලයේ අනුහස් පිළිබඳව කල්පනා කර පිහිට ආරක්ෂාව පතා තියනවා. ඒ අනුව තමයි මේ දේවාලය ආරක්ෂා කරන්න විවිධ පියවර ගෙන තියෙන්නේ.
පත්තිනි දේවාලය හා රාජුගේ රජුට අයත් ඇතුන් ගාල් කළ ස්ථානය මේ අසලයි අදටත් තියෙන්නේ. එය ඇත්ගන්දර නැති නම් ඇත්ගන්දර වත්ත නමින් දැකිය හැකියි. අදටත්ය ඒ ආකාරයෙන්ම තියනවා.මේ අසල පොකුණ වත්ත කියා පොකුණක් තියනවා මෙය රජුගේ බිසවරු දිය නෑ ස්ථානය වේ. මෙහි යම් යම් අභිරහස් කතාන්දර රැසක්ද තියනවා.
මේ පන්සල අසලම තවත් පැත්තක දං ගමුව වත්ත තියනවා.රජු හා දේවින් වහන්සේලා ආහාර ගත්තා වු ස්ථානය තමයි මේ ආකාරයට දං ගමුව වශයෙන් නම් කර තියෙන්නේ.මෙයට තවත් කතා ද ගම් මු කියනවා.
ඊට ඉහළ කදු මුදුනේ තමයි මාලිග තැන්න නැතිනම් මැලිගාව තිබි තියෙන්නේ.පන්සල අසල මෙහි තවත් පැත්තක අං පිටිය කියා ස්ථානයක් අදටත් තියනවා. මෙහි අං කෙළිය සිදුකළ ස්ථානය වෙනවා.රජුගේ අනුග්‍රහය ඇතිව මේ ගැමි ක්‍රීඩා,ජන ක්‍රීඩා,ආගමික වතාවත්,දේව පුජාවන් ද සිදුකළ ස්ථානය මේ ස්ථානය බවයි අදටත් ගැමියන් කියන්නේ.
මළුව පන්සල අවට තමයි අන්දුගොඩ,ඇල්ලලගොඩ,හොරදුගොඩ,කෝදාගොඩ,ගම්මාන පිහිටා තියෙන්නේ. මේ ගම්මාන සකස් වු හැටි ඒවාට නම් හැදුනු හැටි ද විහාරස්ථානය හා රාජ මාලිගාව රජු නිසා ගම් නම් හැදුණු බවයි ජනතාව ජනප්‍රවාදයේ සඳහන් වන්නේ.
විහාරස්ථානයේ එක යායට එක රෑනට පිහිටා ඇති නා ගස් වල විවිධ හැඩ තල දැකිය හැකිය.එහි බිය ජනක බවක්ද ? දැකිය හැකියි.පත්තිනි දෙවියන්ට ප්‍රජා පූජා කරන්නට ගෙන ආ විවිධ වස්තු නා ගස් වල ඇති ගස් බෙන්වල සඟවා තියනවා.පත්තිනි දෙවියන්ට විවිධ ආභරණ තම්පත් කර පුජා කරන්නට පැමිණි පිරිස මෙසේ ගස් වල වස්තුව සඟවා තියනවා.
මේ ගස් වල විවිධ හැඩ තල ඇති වී අත්තේ ඒ විවිධ තැම්පතු නිසයි. නා ගස්වල විවිධ ස්ථානවල විවිධ වු ආකාරයට විවිධ වු ප්‍රමාණයට ගස්වල මුල්වල ගස්වල කඳන්වල විවිධ නෙරාගිය විස්මිත ස්ථාන රැසක් තියන නිසා මෙය පිළිගත හැකියි.
සටහන හා ඡායාරූප – බෝගහගොඩ : ඒ. ඩබ්ලිව්. ඒ නිමල්