Long walk to freedom (1995): නිදහස සදහා දිගු ගමනක් නෙල්සන් මැන්ඩෙලා ස්වයං චරිතාපදානය

“වෙනත් පුද්ගලයෙකුගේ සමේ පැහැය, හෝ ඔහුගේ පසුබිම හෝ ඔහුගේ ආගම නිසා වෛර කිරීමට කිසිවෙකු ඉපදෙන්නේ නැත. මිනිසුන් වෛර කිරීමට ඉගෙන ගත යුතුය. ඔවුන්ට වෛර කිරීමට ඉගෙන ගත හැකි නම්, ඔවුන්ට ආදරය කිරීමට ඉගැන්විය හැකිය. මක්නිසාද යත් ආදරය වඩාත් ස්වභාවිකව මිනිස් හදවතට පැමිණෙන දෙයක් නිසා ප්‍රතිවිරුද්ධ දෙයට වඩා – භාරත් රත්න නෙල්සන් රෝලිහ්ලා මැන්ඩෙලා

“මදීබා” ලෙස ආදරයෙන් හඳුන්වන භාරත් රත්න නෙල්සන් රෝලිහ්ලා මැන්ඩෙලාගේ උපත අද අපි සමරන්නෙමු. ඔබේ අදහස් සදාකාලික වන තෙක් දිගටම මුළු ලෝකයටම  ආශ්වාදයක් ලබා දෙනු ඇත                 (Delhi School of Social Work FB page).

ජුලි 18 මුළු ලෝකයටම සුවිශේෂි දිනයක් වන්නේ නෙල්සන් මැන්ඩෙලාගේ ජන්ම දිනය  අද  අපි සමරන නිසාය. ඒම මුලීක සැමරුම ඉදිරියෙන් තබා සමාජ වැඩ වෘත්තිකයින් වන අප හට මෙය සුවිශේෂී වන්නේ මන්ද යන්න  මෙම ලිපිය තුලින්  සාකච්ඡා කෙරේ.

නෙල්සන් මැනඩෙලා දකුණු අප්‍රිකාව තුල පමණක් නොව ලෝකයේ, කැපී පෙනෙන දේශපාලන පරිවර්තනයකට දායක වූ විශීෂ්ට ගණයේ නායකයෙකි.  සමාව  දීම, සාමකාමී බව, සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය යන අගනාකම් මූලීක කරගෙන සමාජ සාධාරණත්වය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පුරෝගාමී සේවාවක් කල ඔහුගේ ජීවත ආදර්ශයන්  තුලින් සමාජ වැඩ වෘත්තිකයෙකුට උගත ගත හැකි පාඩම් බොහොමයක්  ඇත.

සමාජ වැඩ වෘත්තීය ප්‍රයෝගික භාවිතය පදනම් වූ වෘත්තියක් සහ ශාස්ත්‍රීය විෂයක් වේ. නමුත් මැන්ඩෙලා සමාජ වැඩ භාවිතය ශාස්ත්‍රීය හැදෑරුවෙකු නොවුනත් ඔහුගේ භාවිතය සහ සමාජ වැඩ භාවිතය අතර මනා සම්මිශ්‍රණයක් දක්නට ලැබේ.

සමාජ වැඩ භාවිතයෙහි දී ,  සමාජ වෙනස්කම් ප්‍රවර්ධනය සහ සංවර්ධනය ඇතිකරමින් සමාජයක් ඒ්කාබද්ධ කිරීම සහ බලගැන්වීම සිදුකර මිනිසුන්ට විමුක්තිය උදාකරදීමේ ප්‍රබල උත්සාහායක නිරත වන වීෂය පථයක් නිසා ඒහි භාවිතාවන දර්ශනික ඉගැන්වීම්, අගනාකම්  වන සමාජ සාධාරණත්වය, සංහිඳියාව, සාමුහික වගකීම සහ විවිධත්වයට ගරුකිරීම  සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම කේන්ද්‍රීය සංකල්පයන් (IFSW 2014) හා මැන්ඩෙලාගේ ජීවිත භාවිතයන් අතර සමානකමක් දක්නට ලැබේ.

අවුරුදු  67 ක් සිය ජීවිතය මානව වර්ගයාට වඩා යහපත් දේශයක් ගොඩනැගීමට, මානව හිමිකම් නීතිඥයෙකු ලෙස, හෘද සාක්ෂීයේ සිරකරුවෙකු ලෙස,  ජාත්‍යන්තර සාමය  ඇතිකිරන්නෙකු  මෙන්ම නිදහස් දකුණු අප්‍රිකාවේ පළමු ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයා ලෙස  සිදුකල භූමිකාවන් විමර්ශනය කිරීමේ දී ලෝකය යහපත් ලෙස වෙනස් කිරීමේ හැකියාව හා වගකීමව ගොඩනැගීමට  උත්සාහ කරන සමාජ වැඩ වෘත්තිකයෙකුට අනාගත ගමන් මග සකසා ගැනීම සදහා කදිම ආදර්ශයක් සපයයි.

මැන්ඩෙලාගේ   අද්වතීය ජීවන පාඩම්,  ඔහුගේ සමාජ සහ දේශපාලන භූමිකාවන්, සිය ජීවිතය මානව වර්ගයා වෙනුවෙන් සේවය කිරීමට සිය ජීවිත කාලයම  කැප කළ බව   තවදුරටත්  පැහැදිලි වේ.

සමාජ වැඩ වෘත්තීය, උදව් කිරීම මූලීක කරගෙන සමාජ සාධාරණත්වය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සදහා කැප වූ විෂයක් වන අතර සමාජයේ  විමුක්තිකාමී වෙනසක් සිදුකිරීමට බලාපොරෝතතු වන සමාජ වැඩ වෘත්තිකයින්ට සදාචාරාත්මක දේශපාලන නායකත්වයට හිමිකම් කියූ මැන්ඩෙලාගෙන් ලැබෙන, යෝධ සෙවනැල්ගෙහි වැදගත්කම  යළි යළිත් මෙනෙහි කළ යුතුයි.

පීඩනයට ලක්වන ප්‍රජාවට විමුක්තිය උදා කරදීමේ    උණ කෙතරම් උෂ්ණත්වයකින් සමාජ වැඩ වෘත්තිකයෙකුට  තිබුණත්, සමාජ ව්‍යාපාරයකට අත්‍යවශ්‍ය වන්නේ   ආවේගශීලිත්වය  නොව ඉවසිලිවන්තබව සහ  උපක්‍රමශීලීව කටයුතු කිරීම බව මැන්‌‌ඩෙලාගේ ජීවන දර්ශනයෙන් පසක් කර දෙයි.

දශක හතරක් පුරාවට සම්මාන සියයකට අධික ප්‍රමාණයකින් පිදුම් ලැබූ මොහ‍ු 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කීමට තරම් වාසනාවන්ත විය. එපමණක් නොව වර්තමානයේ නෙල්සන් මැන්ඩෙලාව හඳුන්වනු ලබන්නේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ පියා වශයෙන් සලකන ඔහු කාලෝචිත මාතෘකා වෙනුවෙන් තම කටහඬ හා අදහස් පුබුදු කළ ශ්‍රේෂ්ට දේශපාලනඥයෙකු වශයෙනි.

දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලාගේ වංශයේ වැඩිහිටියන් විසින් මැන්ඩෙලාට තිළිණ කළ ගරු නම්බුනාමය “මැඩිබා” නම් වේ. එකී නාමය නෙල්සන් මැන්ඩෙලා යන නාමයන් සමඟ අපූරුවට පෑහිණ බව ඔහු පිළිබද රචනා කර ඇති බොහෝ පොත් පතින් අපට පසක් වේ.

මහත්මා ගාන්ධි යනු මැන්ඩෙලාගේ ජීවිතයේ පරමාදර්ශය කොට ගත් විශිෂ්ට චරිතයකි. මැන්ඩෙලා එකී චරිතය තම ජීවතයට නව අදහස් හා හැඟීම් ජාතික කරවීමට සමත් වූ වටිනා සම්පතක් ලෙසින් සලකනු ලබයි.

එමෙන්ම මහත්මා ගාන්ධිතුමාගේ අවිහිංසාවාදී දර්ශනයත්, විරුද්ධ පාර්ශවයන් කෙරෙහි ගෞරවයෙන් කටයුතු කිරීමේ හැකියාවක් මැන්ඩෙලා විසින් ස්වකීය ජීවිතයට ද ඈඳා ගත් යහපත් ගුණාංග වේ.

මෙම ගුණය සමාජ වැඩ භාවිතය තුල දක්නට ලැබෙන අද්වීතිය මූලධර්යකි. මහත්මා ගාන්ධි, මැන්ඩෙලා මෙන්ම මාටීන් ලුතර් කිං ද සමාජ වැඩ අධ්‍යයන ශික්ෂණය තුල නිරන්තරයෙන් භාවිතා කරන පරමාදර්ශීය උදාහරණ වෙයි.

මැන්ඩෙලා රචනා කල, Rules for Prison යන කෘතිය අවුරුදු 27 සිර දඩුවමකට මුහුණ දුන් ඔහු බන්ධාගාර රැදවියකට සැලකීමේ දී අනුමනය කල යුතු නව ප්‍රවේශයක් සැපයීය. ආමානුෂික මානව හිමිකම් අගය නොකරන ක්‍රියාදාමයන්ට නව ප්‍රවේශයක් සැපයීය.  සමාජ වැඩ භාවිතයේ දී අනුගමනය කරන මානව හිමිකම් ප්‍රවේශයට අනුව යමින් සෑම පුද්ගලයෙකුටම සමාජ විපර්යකාරකයෙකු වන්නේ කෙසේද යන්න අවබෝධය වැදගත් බව දක්වා  ඒ් සදහා බිය නොවන ලෙස දක්වයි.

මැන්ඩෙලා රීති තේමාත්මක අංශ නවයකට ආමන්ත්‍රණය කරනු ලබයි . ඒ්වා නම් මිනිසුන් ලෙස සිරකරුවන්ගේ ගෞරවය සහ වටිනාකමට ගරු කිරීම, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා;විනය ක්‍රියාමාර්ග සහ දඩුවම්, අත්අඩංගුවේ පසුවන මරණ සහ වධහිංසා චෝදනා විමර්ශනය කිරීම; අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම, නීතිමය නියෝජනයට ප්‍රවේශය, පැමිණිලි සහ ස්වාධීන පරීක්ෂණ, යල් පැන ගිය පාරිභාෂිතය ප්‍රතිස්ථාපනය කිරීම; සහ නව බන්ධනාගාර ප්‍රමීතීන් ක්‍රියාත්මක කිරීම සඳහා කාර්ය මණ්ඩලය පුහුණු කිරීම මූලීක වේ.

2015 මැයි 22 වන දින එක්සත් ජාතීන්ගේ අපරාධ වැළැක්වීමේ හා අපරාධ යුක්තිය පිළිබඳ කොමිසම (CCPCJ) වියානා නුවරට රැස්වී මැන්ඩෙලා රීති සම්මත කරන ලදී. මැන්ඩෙලා රීති අනුමත කරන යෝජනාව ජූලි 18 මැන්ඩෙලා සිරකරුවන්ගේ අයිතිවාසිකම් දිනය ලෙස ප්‍රකාශයට පත් කරනුයේ සිරගත කිරීමේදී වඩාත් මානුෂීය තත්වයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ය (CCPCJ 2015). ශ්‍රී ලංකාව වැනි රටක  ජාතික බන්ධනාගාර ප්‍රමිතීන් සංවර්ධනය කිරීම සඳහා මැන්ඩෙලා විසින් දැක්වූ රීති, කෙතරම් දුරට අදාළ ද යන්න  “සිරකරුවාද මනුෂ්‍යයෝ යන ලේබල් බිත්ති මත ප්‍රදර්ශණය කරනවාට වඩා  ” වෙනස්කම්  අවශ්‍ය  බව අද  දින නැවත මතක් කර දෙනු ලබයි.

1918 දී දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්කේයි හි   කුඩා ගම්මානයක උපත ලැබූ  ඔහු අප්‍රිකාව තුල ක්‍රියාත්මක වූ වර්ණභේද වාදයට එරෙහිව සටන් කර, ජාතියක් හෙහෙයවීමට තමාගේ මුලපීරීම තුලින් වඩා හොද ලෝකයක් නිර්මාණය කර දීමට උර දුනි.

ඔහුගේ  ප්‍රබල  උත්ප්‍රේරක (Motivator)  කුසලතාවය විසින් ලබා දුන් පණිවිඩය නම්,  ආරම්භයේ  තනි පුද්ගලයෙකු වෙනස් කිරීමට  වුවත් පසුව දහස් ගණන් මිනිසුන් වෙනස් කළ හැකි බව පසක් කර  දැක්විය. මැන්ඩෙලා  සියලු දෙනාටම කැපවීම, ධෛර්යය සහ පරිත්‍යාගය පිළිබඳ ආදර්ශයක් විය .

එවකට දකුණු අප්‍රිකාව පාලනය කල සුදු ජාතිකයින් 1985 දී “නිදහසේ දේශපාලනය සිදු නොකරන බවට නිරත නොවන බවට කොන්දේසි යටතේ නිදහස් කිරීමට රජය ඉදිරිපත් විය. මැන්ඩෙලා  එය ප්‍රතික්ෂේප කළේය. “මම “සහ ඔබ, ජනතාව නිදහස් නොවන අවස්ථාවක මට කිසිදු භාරයක් දිය නොහැකි අතර,” ඔහු පැවසීය. “ඔබේ නිදහස සහ මගේ දේ වෙන් කළ නොහැක  ” ඒ මතය තුලින් ප්‍රබල සමාජ වැඩ කුසලතාවයක් වන වෙනුවෙන් පෙනී සිටීමේ (Advocacy)  කුසලතාවය ප්‍රකට වේ.

ඔහුගේ අරගලය ඔහුගේ ජනතාව බව ඔහු දනී. ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම,  දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී ගැටලුව ලෝකයට ගෙනයාම,  යුක්තිය පසිඳලීම සහ ඔහු ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ පණිවිඩය ලෝකයට විවෘත කළේය. 1980 දශකයේ මැද භාගයේදී වර්ණභේදවාදී පාලනය යටතේ දකුණු අප්‍රිකානුවන් විඳින දුක් වේදනා ගැන ලෝකය සෙමෙන් අවදි විය.

කළු අප්‍රිකානුවන්ගේ නිදහස සඳහා මැන්ඩෙලාගේ අරගලය පිළිබඳව ලෝකය දැනුවත් විය. ආන්තීකරණයට ලක්වන ප්‍රජාවගේ  මානව හිමිකම් විමර්ශකයින් වශයෙන් කටයුතු කරන සමාජ වැඩ වෘත්තිකයින්  සඳහා මැන්ඩෙලාගේ මානව හිමිකම් ප්‍රවේශය  ආලෝකයක් වන අතර, අතීත හිංසාවන්ගෙන් සුවය ලබා ගැනීම  සහ බෙදී ගිය ජනතාව එක්සත් කිරීම සඳහා මග පෙන්වීමක් ද මැන්ඩෙලා  දිදුලන ආදර්ශයක් ද සපයනු ලැබේ.

මැන්ඩෙලාගේ පණිවිඩය සාමය, යුක්තිය සහ නිදහස, සියලු දෙනාටම සහයෝගය දැක්විය හැකි ව්‍යාපාරයකි.  සමාජ ව්‍යාපාර වල යෙදෙන්නට බලාපොරොත්තු වන අනාගත  සමාජ වැඩ වෘත්තිකයින්ට මහජන සහභාගීත්වය සහ මහජන විශ්වාසය ගොඩනගා ගැනීමට අවශ්‍ය කේන්ද්‍රීය මූලධර්ම සපයනු ලැබේ. විශේෂයෙන්ම  අනාගත සමාජ  වැඩ  ක්‍රියාකාරීන් සඳහා පණිවුඩ යැවීම සහ පෙළ ගැසීම සඳහා ඔහු පූර්වාදර්ශය සපයනු ලබයි.

යුක්තිය සහ සාමය සඳහා ඔහු කළ සේවය විමර්ශනය කිරීමේ දී  ශ්‍රී  ලංකාව වැනි රටක දේශපාලඥයන්ගේ භුමිකා සමග සන්සන්දනය වීම නිතැතින්ම සිදු වන අතර ඔවුන්ගේ  අව්‍යාජ , මායාකාරී බව සැබැවින්ම  පසක් වෙයි.

මිනිසුන් වෙනුවෙන් කටයුතු කරනවා විනා  ඔවුන්ගේ පෞද්ගලික අභිමතාර්ථ සාධනය කරගැනීමට කටයුතු කරගැනීමත්  ඔවුන්  අඩුම තරමින් ලෝක ආදර්ශ වලින් පාඩම් ඉගෙන ගන්නවාද යන්න මහජනතාව වශයෙන් අපිට දක්නට  නොලැබේ.

Long walk to freedom යන කෘතිය මගින් දක්වන ඔහුගේ ජීවිතයේ නිදහස වෙනුවෙන් සිදුකල  හැලහැප්පීම් හා අවසාන ජයග්‍රහණය පිළිබදව වීර කාව්‍යය සමාජ වැඩ වෘත්තිකයකු විසින් අනිවාර්ය  කියවිය යුතු පොතකි.

දකුණු අප්‍රිකාවේ විමුක්ති ව්‍යාපාරය විමර්ශනයේද  දී අරගලයේ  ඉතිහාසය, සුවිශේෂි අත්දැකීම්, අනුගමනය කල මූලධර්ම සහ ඇගයුම්, ව්‍යාපාරයේ  දැක්ම සහ නායකත්වය ගොඩනගා ගැනීමට මැන්‌ඩෙලා විසින් අනුගමනය කල පක්ෂග්‍රාහී නොවන ක්‍රම විධි නූතන ප්‍රජාතන්ත්‍රවාදී මෙවලම් භාවිතය  පිළිබද කදිම නිදර්ශනයකි.

වර්ණභේද විරෝධී විප්ලවවාදී සහ හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා විසින් 1995 දී ලෝන්ග් වෝක් ටු ෆ්‍රීඩම් නම් ස්වයං චරිතාපදාන ග්‍රන්ථය පදනම් කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ.

මැන්ඩෙලා: ලෝන්ග් වෝක් ටු ෆ්‍රීඩම් යනු විලියම්-නිකල්සන් විසින් තිර රචනය කරන ලද  ජස්ටින් චැඩ්වික් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2013 බ්‍රිතාන්‍ය-දකුණු අප්‍රිකානු චරිතාපදාන චිත්‍රපටයකි.

මේ පිළිබදව හිටපු  ජනාධිපති බැරැක් ඔබාමා දැක්වූ යේ ඉතිහාසය තේරුම් ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍ය කියවීමක් ලෙස මැන්ඩෙලා දක්වන්නේ, ලෝකය වෙනස් කරන්න  මැන්ඩෙලාගේ මාවත යොදා ගන්නා ලෙසයි.

යුක්තිය, සංවාදය සහ සමාජ සහජීවනය මූලීක කරගෙන නිදහස් මිනිසුන් ගොඩනගන්නට සාර්ව මට්ටමින් වැඩ කරන  සමාජ වැඩ වෘත්තිකයිනි, නව දේශපාලන සංස්කෘතියක සමාරම්භය සදහා මාර්ගය විවෘත කළ යුතුව ඇත. ප්‍රායෝගික භාවිතය අපිට පෙන්වූ සුවිශේෂී දේශපාලඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද ප්‍රයත්නයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය, දැක්ම හා උපාය මාර්ග අපට ලේසියෙන් අතහැර දැමිය නොහැක.

පරමාදර්ශ නොමැතිව පණ අදින දේශයකට, විවිධත්වයට ගරු කිරීමේ ප්‍රබල බව ලොවට පෙන්වූ  ලෝක පරමාදර්ශ වලින්වත්  පාඩම් උගත ගත යුතු බව මගේ අදහසයි.

 

More Stories