lpl

2024 LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වීමට නියමිතයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය ආරම්භ වීමට පෙර තරගාවලියේ කණ්ඩායම් පහ විසින් ම ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම Pre – Singed අවස්ථාව යටතේ තම කණ්ඩායම් සඳහා එක් කර ගෙන ඇති අතර, ඊට අමතරව පෙර තරගාවලියේ දී ක්‍රීඩා කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම තවදුරටත් තම කණ්ඩායම්වල රඳවා ගැනීමට ද තීරණය කර තිබෙනවා.

මේ අතර මෙවර තරගාවලිය සඳහා ගිය වර Dambulla Aura සහ Galle Titans යන නම්වලින් තරග වැදුණු කණ්ඩායම් මෙවර Dambulla Thunders සහ Galle Marvels ලෙස සිය නම් වෙනස් කර ගෙන (නව හිමිකරුවන් යටතේ) තිබෙනවා.

කණ්ඩායම්වල සිදු වී ඇති කැපී පෙනෙන වෙනස්කම්

B-Love Kandy කණ්ඩායම විසින් ගිය වර ඔවුන්ගේ නායකයා වූ වනිඳු හසරංග තවදුරටත් තම කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර ඇති අතර, ඊට අමතරව ඇන්ජලෝ මැතිව්ස් ද කණ්ඩායමේ රඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන් Andre Fletcher සහ Kyle Mayers යන ක්‍රීඩකයින් දෙදෙනාව ද මෙවර තරගාවලියේ දී සිය සංචිතයට ඇතුළත් කර ගැනීමට තීරණය කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් LPL තරගාවලිය ආරම්භයේ පටන් ම Jaffna කණ්ඩායමට නායකත්වය දුන් තිසර පෙරේරා මෙවර Colombo Strikers සමඟ එක් වී ඇති අතර, ඔවුන්ගේ ප්‍රධාන දඟපන්දු තුරුම්පුවක් වූ මහීෂ් තීක්ෂණගේ සහය ද මෙවර Jaffna වෙත අහිමිව යනු ඇති.

මහීෂ් මෙවර Galle Marvels කණ්ඩායම සමඟ එක් වී ඇති අතර, ගිය වර Jaffna වෙනුවෙන් වාර්තාගත ලංසුවක් සමඟ එක් වූ ඩිල්ශාන් මදුශංක මෙවර Dambulla Thunders සමඟ එක් වී තිබෙනවා. ඔහුගේ සහය වෙනුවෙන් මෙවර IPL තරගාවලිය නියෝජනය කිරීමට වරම් ලද නුවන් තුෂාර මෙන්ම බංග්ලාදේශයේ Mustafizur Rahman ද Dambulla සමඟ එක්වීමට නියමිතයි.

Jaffna කණ්ඩායම සමඟ පෙර තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයින් එසේ ඉවත්ව යන අතරේ, ගිය වර Dambulla වෙනුවෙන් ක්‍රීඩා කළ නායක කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු මෙන්ම Noor Ahmed මෙවර Jaffna සමඟ එක් වී තිබෙනවා. එමෙන්ම ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක Azmatullah Omarzai ද මෙවර Jaffna Kings සමඟින් ගිවිසුම් ගත වී තිබීම විශේෂත්වයක්.

මේ අතර Colombo Strikers කණ්ඩායම විසින් මෙවර නවසීලන්තයේ Glenn Phillips සහ පාකිස්තානයේ Shadab Khan තම සංචිතයට එක් කර ගෙන ඇති අතර, ඊට අමතරව සදීර සමරවික්‍රම, චාමික කරුණාරත්න සහ නිපුන් ධනංජයට ද සංචිතයේ ඉඩ වෙන් කර තිබෙනවා.

Galle Marvels විසින් භානුක රාජපක්ෂ, ලසිත් කෲස්පුල්ලේ සහ Tim Seifert තවදුරටත් සංචිතයේ රඳවා ගැනීමට පියවර ගත් අතර එංගලන්තය ප්‍රවේගකාරී පිතිකරු Alex Hales සමඟ ද ගිවිසුම් ගත වුනා.

ශ්‍රී ලංකාවට දෙවැනි පුහුණු තරගයෙනුත් පහසු ජයක්
ශ්‍රී ලංකාවට පළමු පුහුණු තරගයෙන් පහසු ජයක්
චමරි ප්‍රමුඛ ශ්‍රී ලංකාව ඉතිහාසය වෙනස් කරයි!
නේපාලයේ Dipendra Singhගේ පිත්තෙන් හයේ හයක්!
කමිඳු ICC සම්මානයක් සඳහා සුදුසුකම් ලබයි
ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම් සමඟ ගිවිසුම් ගත වූ සහ රඳවාගත් ක්‍රීඩකයින්;

B – Love Kandy – වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, දුශ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස් Andre Fletcher සහ Kyle Mayers
Galle Marvels – නිරෝශන් දික්වැල්ල, මහීෂ් තීක්ශණ, භානුක රාජපක්ෂ, ලසිත් කෲස්පුල්ලේ, Tim Seifert සහ Alex Hales
Jaffna Kings – චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, Noor Ahmed සහ Azmatullah Omarzai
Colombo Strikers – තිසර පෙරේරා, සදීර සමරවික්‍රම, නිපුන් ධනංජය, චාමික කරුණාරත්න, Shadab Khan සහ Glenn Phillips
Dambulla Thunders – ඩිල්ශාන් මදුශංක, නුවන් තුෂාර, දුශාන් හේමන්ත, ප්‍රවීන් ජයවික්‍රම, Ibrahim Zadran, Mustafizur Rahman
ක්‍රීඩක වෙන්දේසිය අද දහවල් ආරම්භ කිරීමට නියමිත අතර, මෙහි දී අදියර 18ක් මගින් මෙම ක්‍රීඩක වෙන්දේසිය සිදු කිරීමට නියමිතයි.

ක්‍රීඩක වෙන්දේසියේ දී විශේෂ අවධානයක් ලැබිය හැකි ක්‍රීඩකයින්.

දේශීය – දසුන් ශානක දිනේෂ් චන්දිමාල්, මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ, බිනුර ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, ප්‍රමෝද් මදුශාන්, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, කුසල් ජනිත් පෙරේරා, ජනිත් ලියනගේ, ශෙවෝන් ඩැනියෙල්, ධනංජය ද සිල්වා
විදේශීය – Lungi Ngidi, Shamar Joseph, Rilee Rossouw, Alex Carey, Usman Khawaja, Shoaib Malik, Jason Behrendorff, Martin Guptill, Chris Lynn, Colin de Grandhomme, Colin Munro, Craig Ervine, Duan Jensen, Dwaine Pretorius, Fabian Allen, Iftikhar Ahmed, Ish Sodhi, Obed McCoy, Adam Milne, Naseem Shah, Rahmanullah Gurbaz, Rassie Van der Dussen
කෙසේ වෙතත් මෙවර LPL තරගාවලිය ඇමරිකාවේ Major League Cricket තරගාවලිය සමඟ මෙන්ම එංගලන්තයේ The Hundred තරගාවලිය සමඟ එකම කාල සීමාවක පැවැත්වීමට නියමිත නිසා වෙන්දේසියේ දී විදෙස් ක්‍රීඩකයින් තෝරා ගැනීමට එය ප්‍රධාන වශයෙන් සලකා බලනු ඇති.

Similar Posts