ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වයට හෝ ආයතනික සංස්කෘතියට පමණක් සීමා නොවිය යුතු බවත් කාන්තා අයිතිවාසිකම් ජනාධිපතිවරණ ප්‍රචාරක ගැටලුවකට වඩා වැඩි දෙයක් බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක, අයි.සි.සී.තරග තීරක රොෂාන් මහානාම මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම හරහා දීර්ඝ සටහනක් යොමුකරමින් ඔහු පවසන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය යනු කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට අධ්‍යාපනයට, සෞඛ්‍ය සේවා සහ රැකියා අවස්ථා සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීමත් සියයට 52ක් වන කාන්තාවන්ට මේ රටේ දේශපාලන හා ආර්ථික තීරණ ගැනීමේදී ඉඩක් ලබාදීම බවත් ඔහු පවයි.

“මූලික සනීපාරක්ෂක කටයුතු සඳහා පහසුකම් නොමැතිවීම සිසුවියන්ගේ පාසල් පැමිණීමට ගැටලුවක් ඇතිකරනවා. කාන්තා අධ්‍යාපනයට මෙන්ම කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වයට එයින් බලපෑම් ඇතිවෙනවා.

21 වැන සියවසේදී වුණත් මූලික කාන්තා ජීව විද්‍යාත්මක කාර්යයක් රහසිගතව සිදුකිරිමට සිදුව තිබෙනවා. සමාජයක් වශයෙන්, අපි ඒවා ගැන කතා කිරීමට පටන් නොගන්නා තුරු මෙම බධා ඉවත් කිරීමට අවස්ථාවක් නෑ.

දියණියන් තිදෙනෙකුගේ පියෙකු වශයෙන්, පුරුෂයින් වන අපට ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඇති බව මම තරයේ විශ්වාස කරනවා.

#Padman හැෂ් ටැගය වර්තමාන ඩිජිටල් ජනගහනය අතර අත්‍යවශ්‍ය දැනුමක් ඇති කර ඇති තිබෙනවා. එය අපගේ සහයෝගය අවශ්‍ය වැඩසටහනකි. ශ්‍රී ලංකාවේ සියලුම ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට දැරිය හැකි සහ පහසුවෙන් ළඟා විය හැකි කාන්තා සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන තෙක් අප මෙම සංවාදය දිගටම කරගෙන ගොස් වේගවත් ප්‍රතිඵල පෙන්විය යුතුයි.

ඒ වගේම මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ අපගේ සහාය අවශ්‍ය තවත් පිරිසක් වෙනුවෙන් ඔබගේ අවධානය යොමු කිරීමට යොදා ගන්නවා. ශාරීරික ආබාධ සහ දුර්වලතා, මානසික රෝග, සංස්කෘතික සුළුතරයන් සහ විශේෂයෙන් අපයෝජනයට ලක් වූ සහ අනාථ දරුවන් සිටින පුද්ගලයින් සමාජයෙන් බැහැර කිරිමේ හෝ කොන් කිරීම්වලට ලක්ව තිබෙනවා. දේශපාලන පක්ෂග්‍රාහීත්වය, ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය, ආගම, විවාහක තත්ත්වය, ලිංගික දිශානතිය, ආබාධිතභාවය හෝ වෙනත් ඕනෑම සාධකයක් නොසලකා සියලු පුද්ගලයන්ට සමාන අවස්ථා නිර්මාණය කිරීමට අප එක්ව කටයුතු කළ යුතුයි.

ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන බවට මැතිවරණ වේදිකාවේ සිදුකරන ලද යෝජනාවක් පදනම් කරගෙන Padman යන නාමය යොදාගෙන ඔහුට එරෙහිව සමාජ ජාලතුල අපහාසාත්මක වැකි නිර්මාණය නමුත් මේ වනවිට එම මතය වෙනත් තීරණාත්මක තැනකට වර්තනය වෙමින් ඇති බව පෙනෙන්නට ඇත.

මගේ මිණිබිරියන් ජීවත්වන රට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හෑෂ්ටැගයක් බවට නොව සම්මතයක් ලෙස පත්ව ඇති රටක් බවට පත්කිරීම වෙනුවෙන් සිදුකරන ඕනෑම මුලපිරීමකට මම මගේ සහාය දෙනවා” යැයි මහානාම වැඩිදුරටත් පවසයි.

More Stories