mahinda-rajapaksha

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා.

1945 උපත ලද මහින්ද රාජපක්ෂ මහතා මෙරට දේශපාලනයේ සුවිශේෂී සලකුණක්. 2005 සිට 2015 වසර දක්වා මෙරට ජනාධිපතිධූරය දැරීම, 2004 වසරේ සහ 2019 වසරේ අග්‍රාමාත්‍යධූරයට පත්වීම ඒ අතරින් ප්‍රධානයි.

30 වසරක් පුරාවට රට වෙලාගත් ශාපලත් යුද්ධය නිමා කිරීමේ ගෞරවයද හිමිවන්නේ මේ කෘතහස්ත දේශපාලනඥයාටයි.

එතැන් පටන් රටේ සංවර්ධන යුද්ධය ඇරඹු එතුමන් මෙරටට තවත් ජයග්‍රහණ රැසක් උරුම කර දුන්නා.

මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජන ප්‍රසාදය සහ ආශිර්වාදය මැද, සිව්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරය හොබවමින් සිටිනවා.

1970 වසරේ පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසද කටයුතු කළා.

2002 සහ 2018 යන වසරවලදී විපක්ෂ නායකවරයා ලෙසත්, 2005 සිට 2015 වසර දක්වාත්, 2019 සිට 2021 දක්වාත් මෙරට මුදල් අමාත්‍ය ධූරය හෙබවූයේ මහින්ද රාජපක්ෂ මහතායි.

අඩසියවසකට අධික සිය දේශපාලන ජීවිතය තුළ ඔහු රටට දිනාදුන් දේ බොහෝයි.

 

More Stories