gossip news today

ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සහ නිසි පෝෂණ අවශ්‍යතාවයන් නිසිලෙස නොසැරිපෙන තත්තවයකට පත්ව ඇත.මෙම සියලු කරුණු හමුවේ පීඩිත ගසෙන් වැටුන ජනතාවට ගොනා ඇන්නා මදිවට කනටත් පහරක් ලබාදෙමින් නිල සහ නෙ‍ානිල මට්ටමින් ඖෂධ මිල ඉහළ ගොස් තිබේ.රෝගීන් සහ ඖෂධ අලෙවිසැල් හිමියන් පවසන්නේ 10%- 100% අතර මිළකින් බොහෝ ඖෂධ මිළ ඉහළ ගොස් ඇති බවයි.

එක් අමාත්‍යංශයක්ව පැවති සෞඛ්‍ය අමාත්‍යංශය කොටස් හතරකට බෙදා විද්‍යාත්මකව පාලනය කරනවා යැයි පාරම්බෑ ආණ්ඩුව අවසානයේ දී විද්‍යාත්මක පාලනය කිරීමේ එකම ක්‍රමවේදය මිළ වැඩිකිරීම බව පසක් කරමින් සිටි. ඖෂධ නියාමන අධිකාරිය, ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව අද වන විට අයාලේ යන තත්තවයට පත්ව ඇත.එම ආයතන ප්‍රධානීන් ඉල්ලා අස්වෙති.නැවත මසකින් ඉල්ලා අස්වන බව කියති.

ඖෂධ සම්බන්ධ ආයතන වල ඉහල පුටු සංගීත පුටු තරගයක් මෙන් සෙලවෙයි.මෙවැනි තත්තවයක් තුල එම ආයතන තුළ නිසි පාලනයක් හෝ කළමනාකරණයක් සිදුවන්නේ නැත.මෙම හේතුවම ඖෂධ ජාවාරම්කරුවන්ට ඖෂධ මිළ ඉහළ දමමින් ‘කළ දුටුකල වළ ඉස ගැනීමේ න්‍යාය ක්‍රිරියාත්මක කිරීමට අවස්ථාවක් බවට පත්ව තිබේ.

ඖෂධ මිළ ඉහළ යාමට ඩොලර් හිගය පමනක් නොව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මගඩියද හේතුවක් වී ඇති දැයි අපට සාධාරණ සැකයක් ඉපදී තිබේ. ඖෂධ මාෆියාව එතරම්ම බලවත් බව අපි දනිමු.

ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන සෞඛ්‍ය ඇමතිවරු හතරක්,ලේකම්වරු රොත්ත බුරුත්තක් සිටියද, අතට ලැබුණ දේ කටට දාගත නොහැකි අසරණ රෝගීයාගේ බෙහෙත් වට්ටෝරුව මිළ ඉහළ දමමින් කොට්ටෝරුවෝ විදිත් නම්,තවත් කුමන කතා ද

අහිංසක රෝගීයා බේරා ගැනීම සදහා අපි සෞඛ්‍ය බලධාරීන්ට පහත යෝජනා ඉදිරිපත් කරමු.

01 පැරසිටමෝල් , විටමින් සි පෙත්තේ සිට ඉහලට සියලුම ඖෂධ සදහා පාළන මිළක් ඇති කිරීම සහ නැවත රිවස් නොවන ගැසට් පත්‍රයක් මගින් එය ප්‍රකාශයට පත් කිරීම

02 ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ පාරිභෛාභෝගික කටයුතු අධිකාරිය මගින් ඖෂධ අලෙවිසැල් නියාමනය නිසි ලෙස සිදුකිරීම.මිල ඉහළව අ‍ලෙවිකරණ ආයතන වසා දැමීමට කටයුතු කිරීම.(සහල් මෝල් වැටලුවා මෙන් නොවේ)

ඖෂධ මාෆියාවෙන් අසරණ රෝගීන් බේරා ගනිමු

aboutceylon

More Stories