lingika
ලිංගීක ශ්‍රමීකයන් නීතීගත කිරීම ප්‍රායෝගීකද.? නෛතීක මතය
With new additions
අයාලේ යැම පනත ලංකාවේ නීතීයට හඳුන්වා දෙන්නේ 1841 තරම් ඇත යුගයකදීය. එය මුලීකවම භාවීතා වන්නේ එවකට වතු ආර්ථීකය පෝෂනය කරන්නට ඉන්දීයාවෙන් ගෙනා සංක්‍රමණීක සේවකයන් පාලනය හා ඔවුන් වත්තකින් වත්තකට පැන යාම වැලැක්වීමටය.
එහෙත් එහි 2 වන හා 9 වන ඡේදයන්හි මහා මාර්ග හා මංමාවත්හි කලහකාරී ලෙස හැසිරීම හා 9 වන ඡේදයේ විස්තර කරන පරිදි සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ලිංගික ශ්‍රමික ආදයමින් ජීවත්වන්නන් හෝ ක්‍රමාණුකුලව අනීතික හෝ අස්වාභාවික ලිංගික චර්යාවන්ට පුද්ගලයන් procure රැස් කරන්නන් මේ අයලේ පනත යටතේ වගකීමට බැඳේ ඔවුන් INCORRIGIBLE ROGUE නිරන්තර පාදඩයන් හෝ තක්කඩීන් ලෙස සැලකේ .
කාගැනද මේ කියන්නේ ?? ඒ ගැන පසුව නඩු තීන්ඳුවකින්ම සොයා බලමු
එය නෛතික වරදකී එයට දඬුවම් ඇත. ඊට අමතරව 2005 අංක 30 දරණ වෛශ්යා වෘත්තීය සඳහා කාන්තවන් හා ළමයින් ජාවරම් කිරීම වැලැක්වීම හ ඊට එරෙහීව කටයුතු කිරීම පනත වැදගත්වේ
එහීදීද ළමයින් හා කාන්තාවන් ජාවරමට හසුවන්නන් වීම නිසා ඔවුන්ට එරෙහීව නීතීමය අරෝපනය පැන නොනගී.
වින්දීතයන්ට සහන හා සුබසාධනය සැලසීම සැලකේ.
පොලිස් ආඥා පනතද භාවිතා කල හැක
අනවිස 1995 හා 2006 සංශෝධන හරහා ද 360 හා අනෙකුත් වගන්ති වැදගත්.
ඝණිකා නිවාස පනත Brothels යටතේ ද එහී වෘත්තීමය කටයුතු වල නියැලෙන කන්තාවන්ට නෛතික වරදක් අරෝපනය කර නැත. සහයවන්නන් හා හෝ පවත්වාගෙන යන්නන් පමණකී.
අයාලේ යාම පීළිබඳ පනතේ 9 ( 1 ) අ , වගන්ති 1919දී සංශෝධනය වී ඇතී අතර එහිදි එම වගන්තිය තමන්ගේ ජීවත්වීමට ලිංගික ශ්‍රමිකයන්සේ කටයුතු කරන්නාවු පුද්ගලයන් වරදට හසු කර නැත. ඔවුන් නිදොස් පුද්ගලයන් සේ සැලකේ.
මෙහිදි සයිබෝ එරෙහිව චෙල්ලාම් නඩුවේදී 58 NLR 25 ජයවර්ධන විනිසුරුතුමාගේ තීන්ඳුව පැහැදිලිවම තීරණය කර ඇති අතර එහිදි කුරේ එරෙහිව ජේම්ස් අප්පු නඩුවේදී අපගේ කීර්තිමත් අගවිනිසුරුවරයකු වු ඒබ්රහම් අගවිනිසුරුතුමාගේ නඩු තීන්ඳුව තව දුරටත් සලකා බලා සහතික කර ඇත.
මේ නඩු තීන්ඳුව අනුව ඒබ්රහම් අගවිනිසුරුතුමා ලංකා නීතියට බලපැ එංගලන්ත නීතිය විස්තර කර ඇත. ඒ අනුව එම නීතියෙන් විස්තර කරන්නේ යම් පිරිමි පුද්ගලයකු ලිංගික ශ්‍රමික ආදායමෙන් පුර්ණව හෝ අර්ධව ජීවත් වීම නිරන්තර පාදඩයකු වීමට සාධකයක්වේ යන තේරුම් ගැනීිමයි.
මෙහිදී ලංකා නීතිය ගොඩ නැගිමේදී එම පිරිමියා යන්න හැලී ගොස් තැනැත්නන් යන්න අදේශ කර ඇති අතර එය යුරෝපයේ මෙම තත්ත්වය වැරදී ලෙසට අර්ථකතනය කර ඇති බව නඩු තීන්ඳුවේ කියයී. ලංකවේ ගැනූන්ටද බලපවත්වයි.
මෑතකාලීන නඩු තීන්දුවක් වූ ජීනා මැඩම් නඩූව නොහොත් රෝස්මරී ජූඩ් පෙරේරා ඒරහිව රජය නඩුවේදී බුවනෙක අලුවිහාරේ විනිසූරුතූමා මෙම අයාල පනතේ 9.1වගන්තිය බ්රතානය නඩු තීන්දු ඇසුරින් තවත් පුලුල් කල බව මගේ මතයයි.
ඒහිදී සේවයට බඳවා ගැනීම හෝ procurement යන වචනය නිසි ලෙස අර්ථකථනය නොවී තිබීම තුල ලද නිස 360 අ වගන්තිය නඩු තීන්දු මත විවරණය කර ඉතා හොද නඩුවක් තීන්දුවක් ලබා දෙන ලදී.
ඒහිදී රියෙන්සි අර්සකුලරත්න ජනාධිපති නිතීඥතූමා මතු කරන්නේ ප්රියංගිකා නැමති සේවා සපයන්නිය තවත් අයෙක් සමග පැමිණ තෝරා ගැනීමට පෙනී සිටීමම ඉහත බදවා ගැනීම නිෂේධනීය කරන බවයි ඒනම් දැනටම ඇය නියැලෙන්නියක බවයි.
ඒබ්රහම් අගවිනිසුරු තුමා ද ප්රශ්නය දකින්නේ බූවනෙක අලූවිහාරේ විනිසූරුතූමා දකින ආකාරයටය.
ඒනම් දැනටම පුද්ගලිකවම නියැලෙන්නේ නම් 9.1 ට අදාල නොවන බවයි ඒවකට 21ට හා වත්මනේ 18 ට අඩූ නම් පමණක් මෙය වරදකී.
තවද ලංකා නීතිය අනුව පිරිමි හෝ ගැහැනු පුද්ගලයකු මේ පුර්ණ හෝ අර්ධ ලෙස ලිංගික ශ්රමික ආදායමෙන් ජීවත්වීම යන වචනය අපැහැදිලි වීම නඩු තීන්ඳුවේදී නිවැරදි කරයි.
එනම් මේ කතා කරන්නේ එංගලන්ත අත්දැකීමේදි බුලී bullies යනුවෙන් හඳුන්වන හෝ අපේ වහරේ පිම්පියා pimp යන අවරගනයේ හැඳින්වීම ලබන චරිතයයී නැතුව ලිංගික ශ්‍රමිකයකු නොවේ යන්න මේ නඩුවේදී පැහැදිලිවම ස්පුට කරයි. තවද එය පවා බැලු බැල්මට හා පැහැදිලිව පෙනෙන පරීිදී වරදක් වීම වැදගත් බව තවත් නඩු තීන්දුවක් උපුටා ගනිමින් කියයි.
එම නඩු තීන්ඳුව අනුව තම ජීවීකාව කරගෙන යාමට ලිංගික ශ්‍රමිකයකු වන පුදගලයකු වරදකරුවකු නොවේ
” Speaking generally,” said the learned Chief Justice, ” the Ordinance and the Ordinances which it amends do not penalize illicit sexual intercourse, except where the act takes place under circumstances which are a public scandal, or on outrageous offence to individual rights, or where it takes place with a girl under the prescribed age; Similarly, the procurement of women for an act of sexual intercourse is not punishable, except in the case of a woman under twenty years of age (see section 6). But what the Ordinance does penalize is the making a living out.of the corruption and degradation of others.
It does this in three ways:—
(a) It enhances the penalties for brothel-keeping (section 4); (6)
(b) It punishes persons who live on the earnings of prostitution
(c) (section 9 (1) (a) ) ; and (c) It further punishes persons who systematically procure persons of whatever age for the purpose of illicit intercourse. With regard to (b), the person here aimed at is the type of character known in Europe as the bully, that is to say, a person who has a woman under his control, and who by the use of his influence or authority compels or induces her to offer herself for prostitution, and lives wholly or in part on earnings so realized.” But owing to the omission of the word ” male ” from our section, not only ” male bullies ” but also ” female bullies ” would come within the operation of the sub-section.
Later in the same j udgment he says :— ” If a person is charged with living on the earnings of prostitution, it is not right to give general evidence that he does this ; the name of the alleged person on whose earnings he is said to live must be specified.
Prostitution is not an offence per ae under our law, and if the 1923. learned Magistrate’s conclusion is right, the Ordinance would have the effect of making a very important alteration in our law, and DEN B A. j . prostitution would stand penalized. But, as Bertram C.J. points c —— out in his judgment, what the sub-section penalizes is ” the making CheUani of a living out of the corruption and degradation of others.
” The words of the sub-section themselves make this clear. I refer in particular to the word ” knowingly;” * li the sub-section was intended to refer to prostitutes, the use of the word ” knowingly ” is highly inappropriate; for if a prostitute earns money and lives on such earnings, there can be no mistake as to what her earnings are, and there can be no question of her doing so ” Imowingly.” There could be no possibility of her doing so ” uruinowingly ” under a misapprehension, or mistake.
The use of the word ” knowingly ” throws on the prosecution the burden of proving that the accused had the requisite knowledge, and the accused may prove that such knowledge was absent. This would apply in a case when another person is charged with the living on the earnings of a prostitute, but in the case of the prostitute herself it would be meaningless.
Both according to the intention of the Ordinance and the words of the sub-section itself, the latter has no application to prostitutes who live on their own earnings or prostitution. The words of the Fmglish Act too support this construction. There is also, in my opinion, in this case a joinder of accused persons which is not permitted by law and which is fatal to the convictions..
Persons could only be charged together if they are accused of jointly committing the same offence or of different offences committed in the same transaction (section 184 of the Criminal Procedure Code). The accused no doubt occupied the same house, but each was ” living on her own earnings. I therefore set aside the convictions and acquit the accused. Set asid
තවද අබේකෝන් එරෙහිව කුලතුංග නඩුවේදී ගණිකා නිවාසයක සේවය කරන කාන්තාවක සහය වන්නීයක ලෙස නොසලකන බව තීරණය විය. මේ බව මැතකදී කොටුව මහෙස්ත්රාත්ව සිටි රංග දිසානායක මැතිතුමා නඩුවකදී තීන්ඳු කරන ලදි.
කොලපාට සමාජය
කුඩා ආර්ථීකයන් ඇති ලංකාව වැනි රටවල වල රාත්රී ආර්ථීකයක් තිබිය යුතු බව හා ලිංගික ශ්‍රමිකයන් නීති ගත කල යුතු බව තම කෘතියේදී C A චන්ද්රප්රේම 1997 පැවසීය ඔහුව දැඩී ලෙස වීවේචනය වීය.
මෙම කතිකාවේ පුරෝගාමී නිර්වචනයක් කලේ ඔහු ය. යු ඇන් පී UNP මතවදය තුල ලිවීම නිසා ඔහූව හතර වටෙන් විවේචනය විය අද මන්ත්රීවරියන් ඒයම කියයි. වර්ථමානයේ හරිනි අමරසුරීය ඩයනා ගමගේ හා කෝකිලා ගුණවර්ධනද අඩූ වෑඩි වශයෙන් එයම කියා ඇත. ජවීපේ , හා ශ්‍රී ල පෝ ප නියෝජනය කරන මන්ත්රීවරියන් එසේ පවසා ඇත.
තායිලන්තයේ පැට්පොන්ග් හී හෝ බොම්බායේ කාමාටීපුරම් හී හෝ ඉන්දුනිසීයාවේ හෝ ජර්මනියේ හෝ සිංගප්පුරුවේ මෙය නිදහස්ව සිදූවේ සමහර තැන්හි නීති අපේ රටේ මෙන් අපරාධයක් නොවේ හෝ ජර්මනියේ මෙන් නීතිගතය . Legalized නීතිගත කිරීම හා decriminalized අපරාධහරනය දෙකකී. ලංකාවට අපරාධහරනය වඩා උචිතය.
ඒය නීතිය වූවද ,
සමාජ අර්බුදය එය නොවේ මෙය තෝරා ගන්නවුන් කවුරුන්ද යන්නය. එය තෝරා ගැනීමක්ද ? වැටීමක්ද යන්නය පිරිමින්ද ඒසේ වන්නේද යන්නය ?. පිරිමි ලිංගික ශ්‍රමිකයකු එසේ කී වරක් හැසිරේද ? ඔවුන් දිනකට ව්යාඝ්ර ගෙන හෝ කාන්තා සේවදායිකවන් 10 ක් හෝ 15 සංතර්පනය කරයිද ? නැත්නම් ඒසේ දිනකට 15ක් හෝ 20ක් සංතර්පනය කරන්නට සිදුවන්නේ කාන්තාවන්ට පමණද .? මෙය නියාමනය වේද නැත්නම් ඉන්දීයාවේ හෝ තායිලන්තයේ මෙන් කුඩා ළමුන් පවා කුට්ටනය කරයිද? සේවා හා සෑපයූම න්යායට අනුව සැපයුම් දීමට හා fantasies සංතර්පණය විශාල කාරණයකි.
මගේ නෛතික මතය නම් ලංකාවේ මෙය නීති විරෝධී නැති නිසා Decriminalised ඒ ගැන සුවිශේශී නෛතීක තත්ත්වයක් අවශ්ය නැති බවයී. අවශ්ය වන්නේ අපරාධහරනිය නීතිය රටේ පිලිගැනීමට කටයුතු කිරීම පමනි. අධිකරණය තම කාර්යය බොහෝ දුරට කර ඇත.
යුරෝපයේ හෝ වෙනත් තැනක මෙයට බොහෝ වීට හසුවන්නේ සංක්රමණික කාන්තාවන්ය ඔස්ට්රේලියාවේ මෙය වඩා ලිබරල් වුවත් එහීද ආදයම් අඩු කොටස් මෙයට හසුවේ.
අසන බැරැරුම් පැනය නම් අපීරිසිදු , බීමත් ප්රචන්ඩ පිරිමියකු තම ශරීරය මත හොවා ගැනීමට හා ඔහුගේ ඔනැම කැත අප්රසන්න ඉල්ලීමක්ම මුදලට ඉටු කිරීමට අවනතවීමට තරම් අමාරු තෝරාගැනීමක් අප කවුරුන් කරයිද?
මේ ගැන නඩුවක් දාන්න ශ්රමික කාන්තාවන් හා Transgender සමහර සංක්රාන්ති ලිංගික ප්රජාව උනන්දු කලද නඩු කීම ඔවුන් දකින්නේ අගතිගාමී ව්යායාමයක් හා අනවශ්ය කරදරයක් හා නිතීඥවරුන්ගේ සතුටට කරුණක් ලෙසයි. ඔවුන් ව CONDOM කොන්ඩොමයක් අරන් ගියත් අල්ලන කොට කට පියාන ඉන්නේ ඒ නිසාය.
එය තෝරා ගැනිමක්ද? , මෙම ඉල්ලීම් වල අධී අප්රසන්නභාවය හා තෝරා ගැනීමක් නැතිවීම ඔබට සීතා ගැනිමටවත් නොහැක , ඒය තේරුම් ගන්න නම් ඔබ පිටකොටුවට ඩයස් පෙදෙසේ නටාමීවරුන් යන ගණිකවාසයකට යායුතුයි.
බිම වැතිර සිටින කාන්තාවගේ ශරීරයේ ඕනෑම සිදුරකට ඕනෑම දෙයක් ඇතුල් කරන්න පුළුවන්. ඒය පිරිසිදු ද කියා අහන්න ඇයට ශක්තිය නැත.
හොංකොංහී පැවතී ZeeTing සීටින්ග් නැමති ජාත්‍යන්තර ලිංගීක ශ්‍රමික සංවිධානයේ ජාත්‍යන්තර සමුලුවට ආරාධීතයකු ලෙස සහභාගීවු අතර අත්දැකීම් නම් කිසිදු මිනිසකු තෝරා නොගන්නා වෘත්තීය නීතිගත කිරීම අනවශ්‍ය බවය.
ඔවුන්ට තමන්ගේ පාඩුවේ ඉන්නදීම වැදගත්ය. විශේෂයෙන්ම ලංකාව වැනි එය නීතිවිරෝධී නොවන රටක එය නීතීගත කිරීමට ඉල්ලීම පොලොවෙන් ඉහල සිට කරන්නාවු ඉල්ලීමකී.
පිම්පියා නැතුව නිතීගත වූවද , බීමත් හා කලහකාරී පිරිමින් මෙල්ල කල හැකි ද ? අද පවතින SPA වල පිරිමියා නියාමනය නොකරයිද? මෙය කියන තරම් හෝ හිතන තරම් ලේසි නෑ.
අම්බපාලි හිටපු ලිච්ඡවි සමය තරම් අද අප ප්රජාතන්ත්රවාදී ද නැත.

More Stories