ලංකාවේ වර්තමාන පාසල කියන්නේ වර්තමාන පස්චාත් නූතන සමාජය හොඳටම පෙන්වන තැනක්. මේ සාරි උද්ඝෝෂණයම එයට හොඳම උදාහරණය. ලංකාවේ කොළඹ කේන්ද්‍රයේ උසස් පාසල් සහ යම් ප්‍රධාන නගරවල උසස් පාසල් ඇරෙන්න වාටියේ අනෙක් පාසල් කොවිඩ් යුගයේ සහ පසු කොවිඩ් යුගයේ හරියට තමන්ගේ රාජකාරිය කළේ නෑ. ඇත්තටම දැන් විභාග කාලසටහන විතරක් නෙවෙයි සිලබස් විතරක් නෙවෙයි හැමදෙයක්ම මඤ්ඤං වෙලා තියෙන්නේ. බොහෝ ගම්වල දරුවෝ දැන් ඉස්කෝලේ යන්නෙත් දුරාවාරයේ. ළමයින්ට තිබුණ අධ්‍යාපනය ගැන ආසාව හීන වෙලා. මත් වසංගතය සමහර පසල් වෙලාගෙන. සමහර පාසල් වල ඉන්න ගුරුවරු කෙළින පිස්සු නිසා ඒ පාසල් දහම් පාසල් වෙලා.
පහුගිය ගුරු අරගලය වෙලාවෙ මම ජෝසාගෙන් ඇහුවා උබලා උබලගෙ පඩි වැඩිකරගන්න කරන මේ සටන, විභාග කේන්ද්‍රීය අධ්‍යපනය වෙනස් කරන්න නොකරන්නේ ඇයි කියලා. මිනිහගේ උත්තරේ උනේ ඊළඟට තියෙන්නේ ඒ සටන කියලා. ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත උනත් නිතරම මේක කීවා. මේ සාරි ඉල්ලීම හරහා දියත්වෙන්නේ ඒ අරගලය ද කියන්න මම දන්නේ නෑ. ඒත් මටනම් කියන්න තියෙන්නේ පස්චාත් නූතන ප්‍රශ්නවලට පස්චාත් නූතන උත්තර නෑ කියන දේ. අපිට මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඕනී නම් අපිට ඒකට යන්න වෙන්නේ නූතන යුගයට. ඒකයි ඇත්ත.
ඇත්තටම මේ සාරියට විරුද්ධ වෙන අය කියන්නේ ක්‍රීඩා කරන්න බෑ වේලන්න බෑ මදින්න බෑ වගේ කතා. ක්‍රීඩා කරන්න ඕනීනම් වෙන ඇඳුමක් අරගෙන යන්නයි තියෙන්නේ. දැනටත් වෙන්නේ ඒක. හරි අපි සාරිය අයින් කරන්න එකඟවෙමු. අවුලක් නෑ ඊටපස්සේ පස්චාත් නූතන විසඳුමක් විදිහට ඕනෑම කැමති ඇඳුමක් අදින්න ඉඩ දෙනවද? දරුවන්ටත් එහෙම ඕනෑම ඇඳුමක් ඇදගෙන පාසලට එන්න ඉඩ දෙනවද?
ගුරුවරුන් ගේ වගේ ම දරුවන්ගෙත් ඇඳුම වෙනස් කරන්න ඕනී. එකේ කතා දෙකක් නෑ. ඒත් සාරිය ගලෝලා වීසිකරන තැන නෙවෙයි උත්තරය තියෙන්නේ. සමස්ත විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය දැනුම සහ කුසලතාවය උඩට ගේන්නයි අපි මහංසි වෙන්න ඕනී. ඒකට මුලින්ම ගුරුවරු තමන්ගේ සිතුවිලි රටාව වෙනස් කරගන්න ඕනී. දහම් පාසල් නොයන දරුවෝ හොය හොයා ඔවුන්ව පන්සලට දක්කන ගුරුවරු ඉන්න පාසල් පද්ධතියක් වෙනස් කරන එක ලේසි නෑ. පහසු නෑ.
අපි පහුගිය කාලේ අපි දැක්කා නීති අධ්‍යාපනය ඉංග්‍රීසි කරන්න ඕනී කියලා උද්ඝෝෂණයක්. සිංහල දෙමළ භාෂාවලින් මේවා උගන්වන්න ඕනී. ශ්‍රේෂ්ඨාධිකරණයේ උනත් මේ භාෂා දෙකෙන් තමයි නඩු කතා කරන්න ඕනී. ඒත් අපි පොදුවේ පිස්සු ලෝකයක කැරකෙමින් ඉන්නවා. අපේ ඉල්ලීම් පදනම් වෙලා තියෙන්නේ හීනමානය අස්සේ. දූපත්කරණය අස්සේ. මේ සාරි කතාවත් ඒ වගේ එකක්. ප්‍රශ්න කෙලකෝටියක් තියෙනවා, අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. පාසල් අද නෑ. ගිරා කූඩු තමයි හැම තැනම තියෙන්නේ. එහෙම තැනක ටීචර්ගේ සාරිය ගැළෙව්වා කියලා වැඩක් වෙන එකක් නෑ.
සමස්ත අධ්‍යාපන ක්‍රමයම වෙනස් වෙන්න ඕනී. ඒකත් හරියට ව්‍යවස්ථාව වෙනස් කරනවා වගේ කරලා වැඩක් නෑ. අධ්‍යාපනය කියන්නේ සෙල්ලමක් නෙවෙයි. රටක් විදිහට අපි අද අත් විඳින ප්‍රශ්නවල කේන්ද්‍රය තියෙන්නේ පාසල අස්සේ. ඒකයි ඇත්ත. ලංකාව වෙනස් කරන්න නම් මේ ගිරා කූඩු ටික වහලා දාලා වෙන තැනක් හදන්න ඕනී. ඒකට පෙරමුණ ගන්නේ නැතුව සාරිය ගැළෙව්වා කියලා වැඩක් නෑ.
– කේ. සංජීව