කළුතර බෝම්ඹුවල ධර්මාලෝක විද්‍යාල ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් මස දී එවක ආණ්ඩුවෙන් මුදල් ලබා දී ඇත්තේ 2019 දෙසැම්බර් මස වන විට පිටියේ සංවර්ධන කටයුතු නිමා කිරීමටය.

නමුත් ක්‍රීඩා පිටිය අද පත්ව ඇත්තේ ඉතා ඛේදනීය තත්ත්වයකට ය.

තාක්ෂණ නිලධාරීන්ගේ අවිධිමත් වැඩපිළිවෙළ මීට හේතුව බව විද්‍යාලයේ බලධාරීන් පවසයි.

දරුවන්ට ඇති එකම ක්‍රීඩාංගණය වැහි කාලයට දිස්වන්නේ මඩවඟුරක් ලෙසිනි.

පුහුණු වන්නට පිටියක් නැතිවත්,විද්‍යාලයේ සිසුන් පිටපිට සිව් වතාවක් ත්‍රෝබෝල් ශූරතාව දිනාගන්නේත්, තවත් ක්‍රිකට් ශූරතාවකට හිමිකම් කියන්නේත් ඔවුන්ගේ නොසන්සිඳුණු ධෛර්ය නිසාවෙන්.

මේ ජයග්‍රහණ සියල්ල ලබන්නට මොවුන් පුහුණුවීම් සිදු කරන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය අසල භූමියක බව කියන්නට සිදුවීමත් කණගාටුවට කරුණක්.

මේ, බාධා ජයගෙන ක්‍රීඩාව දිනන දරුවන්ට අතහිත දෙන්න යැයි කරන ආයාචනයක් නොව, වරද කොතැනදැයි සොයා දරුවන්ගේ අනාගතය යළි සකස් කර දෙන්නැයි බලධාරීන්ට කෙරෙන මතක් කිරීමක්.

 

More Stories