පාලින්ද නුවර මගුරු ගඟෙන් වෙන් කෙරුණු  සුදු වැලි මානාන  – ඉලුක්පත ගම්මාන යාකෙරෙන අඟුළු ඇළ ඒ  දඬු පාලම  ඉටු නොවන දේශපාලන පොරොන්දුවක් බවට පතත්ව ඇතැයි ඉලුක්පත , සුදුවැළි මානන ජනතාව කියති.

වීදිය බණ්ඩාර සෙනෙවියාගේ පාලන සමය දක්වා දිවෙන  ඉතිහාසයක් ඇති මඟුරු ගඟේ ඉලුක්පත තොටුපලේ පාලම් සිහිනය සෑම ඡන්දයකදිම අළුත් වන බව මඟුරු ගඟ හරහා  මරණය අතින් ගෙන ගඟ තරණය කරන්නෝ කියති.

ගලහිටියේ අනුර ජයන්ත මහතා

විදිය බණ්ඩාර පාලන කාලෙ  තිබුණා කියන තොටුපළට පසු කලෙක ගම්වල මිනිස්සු එකතු වෙලා ලී දඬු යොදා ඒ දඬු පාලමක් හදාගන තියෙනවා. මෙගොඩ සුදු වැලි මානාන  අස්කෙළිය,මෝල්කාව  බුලත්සිංහල වගේ පැති වලටත් එගොඩ ඉලුක්පත, දේවාල පාර, ලත්පඳුර වගේ ප්‍රදේශ වලටත් දින පතා මිනිස්සු එගෙඩ, මෙගොඩ වෙන්නෙ මෙි දිරා ගිය ලී දඬු වලට ජීවිත අවදානම බාර දීලයි.

ඉලුක්පත පාසලට දින පතා දරුවො පහලවක් – විස්සක් දෙනා  එගොඩ මෙගොඩ වෙන්නෙ මරණය අතින් අරගනයි. ගං වතුරට ඒ දඬු සියල්ල ගත පාවෙලා යනවා.ආයෙත් මිනිස්සු ගස් කපල ඒ දඬු පාලම හදා ගන්නවා. පය ලිස්සල ගියොත් අඩි තිහ  හලිහක් පහළ ගං  පතුලට වැටෙනවා..

සුදු වැලි මානානේ  එස්.ඩී සුනිල් මහතා 

මිනිස්සු තේ දළු ගෝනිය කර තියාගන එන්නෙ, දරුවො පාසලට, පන්සලට  බදුරලිය නගරයට ,බදුරලියට යන්නෙ මෙි මාරක අවදානම ඇතිවයි.පසුගිය කාලය පුරා මෙතන පාලමක් හදන්න  මැනල, පරික්ෂා කරල විවිධ පොරන්දු දෘල තියෙනවා, ඡන්දෙන් පසු  ඒව ගඟට ඉණි කැපුවා වගේ වෙලා යනවා.

පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවෙි සභාපති ධමිමික රණසිංහ මහතා.

මෙතන  පාලමක අවශ්‍යතාවය තියෙනවා.පසුගිය කාලෙ හිටපු සමහර මැති ඇමතිලා පොරොන්දු දීලත්තියෙනවා.මෙික ලොකු ව්‍යාපෘතියක් ප්‍රාදේශිය සභාවට තනිව කරන්න බැහැ.නමුත් අපි මෙි පිළිබඳව බස්නාහිර පළාත් සභාවට දැනුම් දීල තියෙනවා. ඉදිරියේදි  පලාත් සභාවෙිත්, මධ්‍යම රජයේත් අවධානය යොමු කරල මෙිකට  විසදුමක් ලබාදිමට කටයුතු කරනවා.

සෝමරත්න පොද්දෙණිය   – මිගහතැන්න

More Stories