Coronavirus3

1918, ස්පාඤ්ඤ උණ රෝගය ලෝකය පුරා පැතිරුණා. මිලියන් 500ක පිරිසකට රෝගය වැළඳුනා, එයින් මිලියන 50ක් මිය ගියා.

1957/58  පැතිරී ගිය ආසියානු උණ වසංගතය පුද්ගලයන් මිලියන් 1.1කට ජීවිත අහිමි කළා.

 2002 – 2003 කාලය තුළ ලෝකය පුරා පුද්ගලයන් 8100කට සාර්ස් රෝගය වැළඳුනා. ඒකෙන් මියගිය පිරිස 774ක්.

2019 – 2020 කොරෝනා වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව සටහන් වන්නේ 40 171 ක.මේ වන විට මියගිය පිරිස 908 ක්.

වෛරසය ගැන මුලින්ම අහන්න ලැබෙන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර්,  ඒ චීනයේ වුහෑන් ප්‍රාන්තයෙන්.  වෛරසය ගැන පළමුවරට සොයා ගත්තේ හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස් පිළිබඳ විද්‍යාඥයෙකු වුණු ලියෝ පූන්. 

“මේ ගැන මොකුත්ම දැන ගන්න කලින් නියුමෝනියාව වැළඳුණු රෝගීන් විශාල පිරිසක් අපි ළඟට ආවා. කිසිම ප්‍රතිජීවකයකට ඔවුන් ප්‍රතිචාර දැක්වුවේ නැහැ. ඒ තමයි මෙහි ආරම්භය”

කොරෝනා  වෛරසය සතුන් අතර බහුලවම පවතින එකක්. ඒ වගේම මේ වෛරසයේ ප්‍රභේද විශාල ගණනක් පවතිනවා.  කොරෝනා බෝ වෙන්නේ සතුන්ගෙන්. පළමුවෙන්ම ඔවුන් කරපු පර්යේෂණවලදී මේ වෛරසය මුහුදු ජලයේ ජීවත් වන සපර්යින් ආශ්‍රිතව පවතින්නක් බව සොයා ගැනුණා.

ඒ වගේම විශේෂ දෙකකට අයත් වවුලන්ද මෙම වෛරසයේ වාහකයන් විදියට සොයාගෙන තිබුණා. මේ නිසාම චීනයේ ප්‍රචලිත ආහාරයක් වුණු සර්පයින් සහ වවුලන් යෙදූ සුප් වර්ග ආහාරයට ගැනීම වහාම නතර කරන්න කියලා නියෝග කෙරුණා.

පර්යේෂණවලින් හෙළි වුණේ මේ වෛරසය “සිවෙට්” නමින් හඳුන්වන දකුණු ආසියානු කලාපයේ ප්‍රසිද්ධ බළල් විශේෂයෙන් මිනිසාට ආසාදනය වෙලා තියෙනවා කියලයි. මේ වෛරසය ආසාදනය වූ සතුන් සපා කෑම හෝ එවැනි සතුන්ගේ මාංශ ආහාරයට ගැනීම එය ශීඝ්‍රයෙන් බෝ වීමට හේතු වී තිබෙනවා.

කොරෝනා ශරීරගත වීමෙන් පස්සේ ඇතිවන රෝග ලක්ෂණ අපි ඒ තරම් ගණන් ගන්නේ නැති මට්ටමේ ඒවා. ඒ කියන්නේ කැස්ස, උගුරේ වේදනාව, සොටු ගැලීම, ස්වසන අපහසුතා, උණ, හිසරදය වගේ දේවල්.

වෛරසය ඉක්මණින් පැතිරෙන්නේ දුර්වල ප්‍රතිශක්තිකරණයක් සහිත කුඩා දරුවන් සහ වියපත් පුද්ගලයින් අතරත් ගැබිනි කාන්තාවන් අතර වීමත් විශේෂ කාරණයක්.

ප්‍රතිශක්තිකරණ මට්ටම අවම වීමත් මේ වෙද්දී කොරෝනා නිසා මිය ගිය පිරිසෙන් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 50 ඉක්මවූවන් වීමත් නිසයි.

සතුන්ගෙන් මිනිසාට බෝ වුණාට පස්සේ මිනිසුන් අතර මෙය ඉතාම පහසුවෙන් බෝ වෙන්න පටන් ගන්නවා. ඒ  සොටු, සෙම, කෙළ ආදිය වගේම මලද්‍රව්‍ය මගින්. ඒ නිසා හැකිතාක් නාසය සහ කට ආවරණය කරගෙන සිටීම වැදගත්.

මේ රෝගී තත්ත්වයට මේ දක්වාම සියයට සියයක් නියමිත ඖෂධ සොයාගෙන නැහැ. සියල්ල තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේ. සොටු දිය ගැලීම, උගුරේ අපහසුතා, කැස්ස ආදියට හුමාලය භාවිත කරන්නත්, හැකිතාක් විවේකීව ඉන්නත්, දියර ආහාර වැඩියෙන් භාවිත කරන්නත් නිර්දේශ කරලා තියෙනවා.

මද්‍යසාර සහ අධික උෂ්ණත්වය කියන කාරණාවලදී කොරෝනා වෛරසයට යම්කිසි බලපෑමක් ඇති කරන්න පුළුවන් කියන කාරණය.  මේ වෛරසය සෙල්සියස් අංශක 57 කට වැඩි උෂ්ණත්වයක විනාඩි 30 කට ආසන්න කාලයක් තැබීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් කියලා පර්යේෂණ වාර්තා පෙන්වා දෙනවා.

එතනෝල් මද්‍යසාර සියයට 75 ක සාන්ද්‍රණයක වගේම පෙරොක්සියා, ඇසිටික් අම්ලය සහ ක්ලෝරීන් සියයට 75 කට වැඩි සාන්ද්‍රණවලදී කොරෝනා වෛරසය අඩපණ වෙනවා කියලත් සාන්ද්‍රණය වැඩි කිරීමෙන් වෛරසය විනාශ කරන්න පුළුවන් කියලත් මේ වෙද්දී සොයාගෙන තිබෙනවා.

නමුත් මේවා තවමත් පර්යේෂණ මට්ටමේ පවතින නිසා සියයට සියයක් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවාද කියලා කියන්න බැහැ.

ඊයේ(9) දිනය වනවිට මෙම වෛරසයෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන් සංඛ්‍යාව 908 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වනවිට වෛරසය තවත් රටවල් 27 කට පැතිරගොස් ඇත්තේ එම රටවල පුද්ගලයන් 330 දෙනෙකුට ද වෛරසය ආසාදනය කරමින් .

මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව සටහන් වන්නේ 40 171 ක් ලෙසයි .

 

Similar Posts