කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පුණ්ඩළුඔය ෂින් වතුයායේ ලයින් කාමර පේලියක් තුල හටගත් ගින්නකින් ලයින් කාමර 15 විනාශයට පත්ව සිය දෙනකු පමන අවතැන්ව ඇත.
16වන දින රාත්‍රියේ මෙම ගින්න හට ගෙන ඇති අතර එම අවස්ථාවේදි එම වතුයායේ පිරිස එක්ව එම ගින්න නිවා දැමිමට පියවර ගත්තද ඒ වන විටත් එම වතුයායේ ලයින් කාමර 15ක් විනාශයට පත්ව ඇත.
එම ගින්න හේතුවෙන් එහි පදිංචිව සිටි සිය දෙනකු අවතැන්ව ඇති අතර එම පිරිස මේ වන විට එම වතුයායේ ශ්‍රි මුත්තුමාරි අම්මාන් කෝවිලේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින බව පුණ්ඩළුඔය පොලිසියේ නිලධාරියකු පැවසිය.
මෙම ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන් හට ගන්නට ඇතැයි සැක සිතන බවත් මේ පිලිබදව පුණ්ඩළුඔය පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts