Coronavirus3

පසුගිය කාලයේ ආනගතයේ සිදුවන විවිධ දේවල් පිළිබඳ අනාවැකි කීමට ඉදිරිපත්වූ ජ්‍යොතිෂ්‍යවේදී මංජුල පීරිස් කොරෝනා වසංගතය පැතිරයාමෙන් පසුව අප්‍රේල් 13 වනදින දෙරණ නාලිකාවේ පාර කියන තාරකා නමැති වැඩසටහනකට එක්වෙමින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් අදහසක් පළ කර තිබේ.

1918 ලංකාවට ආ හැලීගේ වල්ගා තරුව සම්බන්ධයෙන් කරුණු දක්වන ඔහු කොරෝනා වසංගතය පැතිරුවේ වල්ගා තරුවෙන් යයි දන්වා සිටී.

ඔහුගේ අදහස මෙපරිදිය.

මීට වසර ගණනාවක් ආපස්සට ගිහාම 1918-1920 කාලෙ සොයාගත්තා ඇලීගේ වල්ගා තරුව කියලා එකක්. ග්‍රහයින්ට අමතරව වල්ගතරුත් තියනවා සැරිසරන මේ වල්ගා තරු සූර්යයාට ළං වෙනකොට පිච්චෙනවා.

වල්ගා තරු කියන්නෙ ධූවිලි අංශු එකතු වෙලා වලිගයක් හැදෙන එකක්. එහි බලපෑමක් සහ ග්‍රහ සංයෝග වලින් ඇතිවුණ බලපෑමෙන් ඇතිවුණ එකක් මේ කොරෝනාව.

ජූලි මාසෙ 30 වනදා බ්‍රහස්පති නීච භාවයෙන් මිදෙන කම් මේ ව්‍යසනය තියනවා.

මෙම අදහස පිළිබද සමාජ මාධ්‍ය තුළ උසුළු විසුළු හා විවිචෙන ගණනාවක් පළවී තිබෙන අතර අසත්‍ය පතුරුවන්නේ යයි දෙරණ නාලිකාවටද චෝදනා එල්ල කර තිබේ. කිසිවෙකු මෙය නිවැරදි පැහැදිලි කිරීමක් ලෙස පිළිගැනීමට ඉදිරිපත්ව ඇති සෙයක් නොපෙනිණි.

තාරකා විද්‍යාඥයින්ගේ විද්‍යාත්මක පොත පතෙහි දැක්වෙන ආකාරයට වල්ගා තරු අතර හැලීගේ වල්ගා තරුව වඩාත් ප්‍රසිද්ධ වල්ගා තරුවයි. එය කලින් කල පැමිණෙන වල්ගා තරුවක් වන අතර සෑම වසර 75 කට පමණ වරක් පෘථිවියට නැවත පැමිණේ. එමඟින් මිනිසෙකුගේ ජීවිත කාලය තුළ දෙවරක් දැක ගත හැකිය.

අවසන් වරට පැමිණියේ 1986 දී වන අතර එය 2061 දී නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. හැලිගේ ගණනය කිරීම්වලින් පෙනී ගියේ අවම වශයෙන් සමහර වල්ගා තරු සූර්යයා වටා කක්ෂගත වන බවයි. ඒ අනුව එය 2061 නැවත දර්ශනය වන වල්ගාතරුවක් බවත් දැන්ම විනාශ නොවන බවත් පැහැදිලි කර තිබේ.

More Stories