සරලවම උත්තරය නෑ ! කොරෝනා වසංගතයක් බවට පත් වෙලා තිබුණට තවමත් පෙන්නන්නේ 3.5%ක මරණ ප්රතිශතයක් විතරයි..ඉතුරු කොරෝනා හැදුන සියල්ලම සුව උනා..හැබැයි කොරෝනා කියන්නෙ මීට කලින් මිනිස්සුන්ට ආසාදනය නොවුණ , වෛද්ය විද්යාව සතුව බෙහෙත් හෝ දැනුම නැති රෝගයක් නිසා රෝගය තවදුරටත් පැතිරීම වලක්වගන්න තමයි මිනිස්සුන්ව නිරෝධායනයට ලක් කෙරෙන්නෙ..

වයිරස් එකක් කියන්නෙ අජීවී දෙයක්.ඒක හරියටම කීවොත් ප්රෝටීන් කොපුවකින් වැහිච්ච DNA හරි RNA හරි කෑල්ලක් ..හැබැයි එයාලට ගුණනය වෙන්න ධාරකයෙක් (host) කෙනෙක් ඕනේ.ඉතින් වයිරස් කියන්නෙ ඔහොම ඉඳල ලද අවස්තාවේ ධාරකයෙක්ගෙ ශරීරයකට රිංගලා ඒ ශරීරයේ තියෙන සජීවී සෛලයකට තමන්ගෙ DNA හරි RNA හරි කෑල්ල රිංගවල නැවත ගුණනය වෙවී අලුත් වෛරස් හදාගන්න එක.පූර්ණ පරපෝශී..මෙහෙම ගුණනය වෙද්දී එයාලා හදාගන්න DNA/RNA එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්.ඒ නිසා මේ වෛරස් එකක් නිශ්චිතවම සුව කරන්න බෙහෙත් වෛද්යවරුන්ට හදාගන්න බෑ..මොකද විනාඩියක් යද්දී ඉන්නෙ වෙන වෛරස් එකක්.

එහෙනම් කොහොමද වෛරස් හොඳ වෙන්නෙ ? වෛරස් එකක් ආසාදනය උනාම ඒක සුව වෙන්න පුළුවන් අපේ සිරුරෙන්ම ඇතිවෙන ප්රතිශක්තිකරණය නිසා..ඒ නිසා වෛද්යවරු කරන්නේ රෝගීන්ව විවේකීව තියාගෙන ප්රතිශක්තිකරණය වැඩි වෙන විදියෙ ප්රතිකාර කිරීම සහ ද්විතීයික ආසාදන (හරියට බැක්ටීරියා ආසාදන වගේ ) ඇතිවීම වලක්වන්න පුළුවන් බේත් දෙන එක.හොඳම උදාහරණය සාමාන්යය සෙම්ප්රතිශ්යාව..සාමාන්යය සෙම්ප්රතිශ්යාව හැදෙන්නෙ සුලබ වෛරසයක් වෙන rhinovirus කාණ්ඩ නිසා..

ඉතින් හෙම්බිරිස්සාව හැදිල බේත් ගන්න ගියාම අපිට බේත් දෙනවනෙ? හොඳට බලන්න ඒ දෙන්නෙ antibiotics , ප්රතිජීවක – බැක්ටීරියා වලින් වෙන්න පුළුවන් ද්විතීයික ආසාදනයක් වලක්වාගන්න සහ ප්රතිශක්තිකරණය වැඩි කරන බේත්. උදා : විටමින් c / b ආදිය ! ඒ දෙන්නෙ අපේ සිරුරේ සුදු රුධිර සෛල වලින් ප්රතිශක්තිකරණය ඇතිවෙලා වෛරසය මර්ධනය වෙනකන් ආරක්ශාවට ..හැබැයි වයිරස් රෝගය සුව කරන්නෙ අපේ සිරුරෙන්මයි.

ඊලඟ කාරණය නිරෝධායනය.අපේ රටේ මිනිස්සු මේ වචනේ ඉගෙන ගන්නෙත් මේ කොරෝනා එක්ක..නිරෝධායනය නැත්නම් quarantine කියන්නෙ රෝගයක් ,එහෙම නැත්නම් හානිදායක රෝගකාරක බැක්ටීරියා ,වෛරස්,දිලීර හරි පළිබෝධකයින් (parasites,insects) එක තැනකින් තව තැනකට බෝවෙන එක වලක්වන්න පාවිච්චි කරන සරලම විද්යාත්මක ක්රමය.

උදාහරණයක් විදියට අපේ රටේ පොල් ගස් වලට ආව වැලිගම විල්ට් එක.එතකොට කලේ ඒ පොල් ගස් කපල ගිනි තිබ්බ එක සහ වැලිගම – දකුණෙන් අනෙක් ප්රදේශ වලට පොල් සහ පොල් ගස් වල අනෙක් කොටස් ප්රවාහනය තහනම් කිරීම.ඊළඟ හරකුන්ගේ ෆුට් ඇන්ඩ් මවුත් ඩිසීස් එක,මේක ලංකාවෙ වැඩියෙන්ම තියෙන දිස්ත්රික්ක වල රෝගය වැඩිවෙන කාලෙට ඒ දිස්ත්රික්ක වලින් පිටතට හෝ ඇතුලට හරක් ප්රවාහනය තහනම්..ඒ විදියේ නිරෝධායනයක් තමා කොරෝනා වෛරස් එක වෙනුවෙන් මිනිස්සුන්ට දාල තියෙන්නේ..

මැජික් එකක් නෙවෙයි.ඕනෑම රටකට ශාක හරි සතුන් හරි ආනයනයට අපනයනයට කලින් මේ නිරෝධායනයක් සිදු කිරීම අනිවාර්යයයි.එහෙම නිරෝධායනයක් මඟින් රෝගකාරක / හානිදායක ජීවීන් නෑ කියල ඔප්පු උනොත් විතරයි ආනයනයට අපනයනයට අවසර ලැබෙන්නේ..ඉතින් මේ දේම මිනිස්සුන්ට ඇප්ලයි වෙද්දී මිනිස්සුන්ට පොඩ්ඩක් අවුල්.

අන්තිමට කොරෝනා හැදෙයි කියල බයෙන් ලංකාවට දුවගෙන එන්නෙ ඉහත කරුණු කිසිවක් නොදන්න මිනිස්සු ද ?එහෙම කියන්නත් බෑ, මෙයාල එන්නෙත් ගොඩක් දියුණු රටවල් වල ඉදන්.ඒත් තාමත් විද්යාත්මක කරුණු මොකුත් දන්නෙ නැද්ද ? කරුණාකරල ෆේස් බුක් එක ඇරෙන්න අනෙක් සෞඛ්ය සංවිධාන වල නිල වෙබ් අඩවිත් පරිශීලනය කර නිවරැදි තොරතුරු ඉගෙන ගන්න.

එහෙම මොකුත් නොදැන ලංකාවට ඇවිත් අනෙක් මිනිස්සුන්ට රෝගය බෝවෙන අවධානම නිසා සිදුකරන නිරෝධායනයට එරෙහි වෙනවා.විහිලුවක් නෙවෙයි ද?.දින 14ක් වෙන් වෙලා ඉන්න අකමැති.අපිට ගෙවල් වලට යන්න දෙන්න,පහසුකම් මදි,කන්න මදි අරක මදි මේක මදි කියනවා.පැහැදිලිවම ශ්රී ලාංකිකයො කියන්නෙ ආත්මාර්ථකාමී ජාතියක්.අපේ මිනිස්සු දාස් ගණනින් ඔහොම ලංකාවට ආවොත් ඒ ඒ රටවල් වල ඔවුන් කරපු රැකියා ?

ඔය බහුතරයක් ඉන්නෙ නිශ්පාදන ආයතන වල.ඔහොම හැම කෙනෙක්ම අයින් වෙලා ආවොත් කෝ ඒ ආයතන වලට සේවකයෝ ? හරි ඒ කතාව පැත්තකට දාල එන අයට එන්න දෙමුකෝ..ඇයි දින 14ක් නිරෝධායනයට සහයෝගය දෙන්න බැරි, මේ අය නිවෙස් වලට ගියත් නිවසටම වෙලා ඉඳලා රෝග ලක්ශණයක් තිබුණොත් වහාම රෝහල්ගත වෙයිද ? විද්යාවෙන් ආර්ථික අතින් දියුණු රටවල් වලටවත් පාලනය කරගන්න බැරි වසංගතයක් ලංකාවේ පැතිරුණොත් මොකද වෙන්නෙ ?

ඉතින් ,කොරෝනා හැදිලා මැරෙයි කියල බයේ ලංකාවට ආවද? එන්නද යන්නෙ?ඉතින් එද්දි ප්ලේන් එක කඩන් වැටිල මලොත්? ඇවිත් පාරෙ යද්දී බස් එක ඇක්සිඩන්ට් වෙලා මලොත්..ලංකාවට ආවට පස්සෙ ඔයා බාත්රූම් එකේ ලිස්සලා වැටිලා මලොත්..කවුද දන්නෙ ප්ලේන් එකෙ එද්දි බෝ වුනොත්..ලංකාවට වෛරස් එක පැතිරිලා මෙහෙදි බෝ වෙලා මලොත් ?

එහෙම නැත්නම් බලන්න අනේ හෙම්බිරිස්සාව හැදිල උනත් ඔයා මැරෙන්න පුළුවන්..ඔයාට පුළුවන් ද මරණය වලක්වන්න ? ජීවිතය නම් “තණ අග පිණි බිඳුවක්” වගේය.මැරෙන්න තියෙනවා නම් ඒක වලක්වාගන්න කාටවත් බැරිය..ඒ සත්ය නොදන්නවා නම් ඔය ඉන්න ඉන්නා රටවල් වලින් අකුලන් ලංකාවට ආවාට කමක් නැත.අනේ මෙහේ එන්නයැයි අපි ඔයාලාව පිලිගන්නවැයි කියා කවි ලිය ලිය දැම්මාට කමක් නැත.ලංකාවට ඇවිත් නියමිත ආකාරයට නිරෝධායනට ඔබේ සහයෝගය දෙන්න.මන්ද ලංකාවේ වෛද්ය සහ විද්යාත්මක ක්ෂේත්රයේ තවමත් ඉහලින්ම ඉන්නේ ඉස්තරම් මොළය.කරුණාකරල සහයෝගය දෙන්න.නැත්නම් නෑවිත් ඉන්න ! Don’t create unnecessary drama 😐🔪

ප.ලි. – මේ වන විට ලංකාව තුලින් පලමු කොරොනා ආසාදිත ශ්රීලාංකිකයකු හමුවී ඇති බැවින් නාට්ය හා රඟපෑම් නවත්වා සෞඛ්ය අංශ වලට පූර්ණ සහයෝගය දෙන්න.

ෆේස්බුක් ලයිව් ආවා කියල වීරයෙක් නොවන බවත්,ෆේස්බුක් එකේ දකින දකින දේ ශෙයා කල පමණින් ඔබ දේශපාලන , වෛද්ය විද්යාව හෝ නීතිය දන්නවා යැයි කරුණාකර නොසිතන ලෙසටත් , අවස්ථානුකූලව යථාර්ථවාදී ලෙස කටයුතු කර සහයෝගය දෙන ලෙසටත් ඔබේ හය හතර නොදත් මිතුරන්ව දැනුවත් කරන්න.

අන්තර්ජාල උපුටාගැනිමකි.

ස්තූතියි

More Stories