මේ වන විට කොරෝනා වෛරසය රට පුරා දීප ව්‍යාප්ත ව පැතිරෙමින් පවතින අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්ගේ අනාවරණයන්ට අනුව මෙම තත්වය ඉතා දරුණු ලෙස ඉදිරියේදී ව්‍යාප්ත වීමට ඉඩ ඇත. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ ඉතාමත් දරුණු ව්‍යසනයකට ගොදුරු වෙමින්ය. ඇත්ත වශයෙන්ම ඉතිහාසයේ දරුණුතම ගෝලීය ව්‍යසනයකට විවෘත වෙමින්ය.
ලංකාවේ පළමු කොරෝනා රෝගියා හඳුනාගත් ජනවාරි මස අග සිට ආණ්ඩුව විසින් තීරණ ගැනීමේ දී සිදු කල මන්දගාමීත්වය හේතු කොට ගෙන කොරෝනා රෝගය මෙරටට ඇතුල් විය. ඒ වන විටත් මේ රෝගය පිළීබද අදාළ අංශ විසින් රජය දැනුවත් කොට තිබුණි. නමුත් රජය විසින් තීරණ ගැනීම් විවිධ හේතු මත මන්දගාමී විය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු විවිධ විද්වතුන් රට ඉතාමත් අවදානම් තත්වයක ඇති බවත් සති දෙකක් රට වසා දමන ලෙසත් රජයට බලපෑම් කරන ලදී. නමුත් නම යෝජනා දිනය රජයට ඊට වඩා වැදගත් වූ අතර රජය අවශ්‍ය තීරණය පසුපසට දමා තිබුණි. ඒ හේතුවෙන් මෙම රෝගයේ ව්‍යාප්තිය වර්ධනය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතයයි. මෙම රෝගය දරුණු ලෙස ව්‍යාප්ත වුන ඇතැයි කියූ පුත්තලම ප්‍රදේශයට පනවා තිබූ ඇදිරි නීතිය නාම යෝජනා වෙනුවෙන් සෞඛ්‍ය අංශයන්හි කිසිදු විමසීමකින් තොරව ඉවත් කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
අවසානයේ නාමයෝජනා දිනයෙන් පසු රටපුරාම ඇදිරි නීතිය පැනවීමට රජය තීරණය කරන ලදී. ඒ දින දෙකක් යන තෙක්ය. මේ ඇත්තවශයෙන්ම ලොක් ඩවුන් කිරීම වැනි තීරණයකි. නමුත් මෙහිදී රජය මෙම තීරණය ගත්තේ කිසිදු නිසි සැලැස්මක් නොමැතිව බව පෙනේ. තීරණ ගැනීමේදී ආණ්ඩුවද යම් සන්ත්‍රාසයකට පත් වී ඇති බවක් මින් පෙනේ.
ආණ්ඩුව බ්‍රහස්පතින්දා (18) දා වන තෙක් කිසිදු තීරණයක් ලබා නොදුනි. ඉන් පසු සිකුරාදාද වැඩ කරන දිනයකි. රජයේ ඇතැහ් අංශ නිවාඩු ලබා දී කිබුණද පෞද්ගලික අංශ බොහෝ සේවකයන් සේවයට වාර්තා කල යුතුව තිබුණි. විශේෂයෙන් සියලුම පෞද්ගලික අංශ වල ගිණුම් හා වැටුප් අංශයන් හි සේවකයන් සේවයට සිකුරාදා දින කැඳවා තිබුණි. ඒ මාසික වැටුප් ගෙවීම වෙනුවෙනි. මෙවන් තත්වයක් තුළ රජය ඇඳිරි නීතිය පිළිබද තීරණය දැනුම් දුන්නේ උදෑසන 9.00ටය. ඒ වන විට සියලුම සේවකයන් කොළඹට හා නගරබද පෙදෙස්වලට පැමිණ අවසන්ය.
මේ ආකාරයට ඇදිරි නීතිය දැමූ පසු ජනයා ඒකරාශී වීම වැළැක්විය නොහැකි බව රජයට අවබෝධයක් නොවීය. එසේ ඒකරාශී වීම වැළැක්වීමට කිසිදු සැලැස්මක්ද රජයට නොවීය. අවසානයේ ඇදිරි නීතිය ප්‍රකාශ වීඹත් සමග මිනිසුන් වෙළද සැල් වලට ගොඩ විය. එකා පිට එකා පෙරළාගෙන භාණ්ඩ තෝරන්නට විය. කොළඹ සිටි පිරිස් ගම් බිම් බලා යාමට සූදානම් විය. බස් රථ සෙනගින් පිරුණි. උදේ සිට රෑ වනතෙක් දැන්වීම් තුළින් ජනයාට ඒකරාශී නොවී සිටින ලෙස බණ කියන ආණ්ඩුව ඒකරාශී වීමට නිමිත්ත සැකසුවේය. කොරෝනා ව්‍යෘප්තියට කරුණු සැකසුණි.
ඉන් පසු නැවතත් රජය තීරණය කලේ සියලු දුම්රිය ගමන් සවස 3.00 ට අත් හිටුවන බවයි. ඒ අනුව සවස 1න් පසුව 3.00 තෙක්ම ගමන් කලේ ඒ ඒ ප්‍රදේශ වලට යන අවසන් දුම්රියන්ය. රස්සාවට කොළඹ පැමිණි මිනිසුන් අන්ත අසරණ විය. මීළගය අධීවේගි මාර්ග වසන බවට නිවේදනය කලේය.
මේ මිනිසුන් සිය නිවෙස් කරා ප්‍රවාහනය කිරීමට කිසිදු සැලැස්මක් ආණ්ඩුවට නොවීය. විශේෂයෙන් ආණ්ඩුව මේ ගත් සැලැස්මක් නොමැති තීරණ නිසා රටේ අහිංසක මිනිසුන් බරපතළ අනතුරකට වැටුණි. අවසානයේ කෙසේ හෝ මේ මිනිසුන්ට සිය නිවෙස් කරා යාමට සිදුවුනේ එකා පිට එකා තෙරපෙමින්ය. මේ තත්වය මත කොරෝනා බෝවීමේ අවදානම බොහෝ සෙයින් වර්ධනය විය. විශේෂයෙන් මේවායේ ප්‍රතිඵල ලැබෙන්නේ තවත් දින 14කින් පසුවය. එවිට මේ අහිංසක මිනිසුන්ට කිසිදු ආපදාවක් ඇති නොවේවායි අප ප්‍රාර්ථනා කළ යුතුයි. නමුත් කොරෝනා ගෝලීය වසංගතය මගින් මේ අපව ගෙන යමින් සිටින්නේ ප්‍රාර්ථනා වලංගු නොවන අවධීයකටය.
මේ ගෝලීය වසංගතයට අවශ්‍ය වන්නේ ගෝලීය චින්තනයක් සහිත විසඳුම් මිස පටු මිලිටරිවාදී මනසක් තුළ ඇති විසඳුම් නොවේ. එවන් චින්තනයකින් ප්‍රශ්නයට ප්‍රවේශ විය හැකි විද්වතුන් වසංගත රෝග විශේෂඥයන් ලංකාව තුළ ඕනෑ තරම් ඇත. අවශ්‍ය වන්නේ ඔවුන්ට සවන් දෙමින් මේ ව්‍යසනයට එරෙහි බලකා වල ඔවුන්ට නායකත්වය ලබා දීමයි. හමුදාව කළ යුත්තේ ඊට සහය වීමයි. මේ වන විට නම් මෙය උඩු යටිකුරු වී ඇති බව පෙනේ.
-නීතිඥ දුලාන් දසනායක-