ලෝකය හරිත උයනක් කරන්නට තම ඇවිදින නිවස කර මත තබාගෙන ලොව වටා යන අපේ කාලයේ අමුතුම පරිසරහිතකාමි අපුරු පුදුම මිනිසෙක් මේ දිවල ලංකාවට පැමින සිටිති.මොහු ලොවටම සිසිල ලබා දෙන දකුණු අප්රිකානු ජාතිකයෙකි.එහෙම මට හමු වුයේ ගාල්ල,කඹලාන, Hotel Lean at 83 දීය.
Hotel Lean at 83 අධිපති නීල් මහතා හදිසියේ මට දුරකතන ඇමතුමන් දී කීවේ මල්ලි මාර පොරක් මගේ හොටලයට ආවා. මේක රටම නොවෙයි ලෝකයම දැනුවත් කල යුතු දැනගත යුතු මිනිහකේ.එයා ගේ කතාව පත්තරයකට නම් වටනවා කියාය.
හෝටලයට අමුතුම අමුත්තා මට සම්බන්ධකර දුන් Hotel Lean at 83 අධිපති නීල් මහතාය.
අපේ කතාන්දරයේ කතා නායකයා nthony Stone ඇවිල්ලා තියෙන්නේ S.outh Africa වල ඉදලා එයා ලංකාව වටේ පයින් යනවා දෙවුන්දර තුඩුවේ ඉදලා පේදුරු තුඩුව දක්වා.හැබැයි මෑන්ස් කොළඹ ඉදලා කතරගමට ගිහිල්ලා නුවර, යාපනය ගිහිල්ලා කොළඹට එන්නේ.රෝද දෙකක් තියෙන පොඩි ටේලර් එකක් බඩේ බැදගෙන කරේ තියාගෙන ඇවිදින්නේ එකේ තමයි හැම දෙයක් ම තියෙන්නේ හරියටම රික්සෝ කාරයෙක් වගේ.ඔයාලා ඉතිං රික්සෝ කාරයෙක් දැකලා තියෙන එකක් යෑ. සමහර විට දැකලත් ඇති.දැකලා නැතිනම් වැඩිහිටියෙක්ගෙන් අහලා බලන්න කියලා කියන්න කැමැතියි.
ඉතිං.එයාට U tube Chanel එකක් තියනවා ඉතිං ලංකාවේ මේ ගමනේ විස්තර මේ Chanel එකේ දාලා ලැබෙන සල්ලි වලින් ලෝකයේ රටවල් වල ගස් ඉන්දන්න දෙනවා කියලා nthony Stone කියලා අපේ කතා නායකයා කීවේ ය.
ඉතිං අපි මොනවද මේ ලෝකය වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවද කියලා මට කල්පනා උනා.
එයා කියනවා.ගිනි ග්නා ලොව සිසිල් කරන්න තමයි ගස් වවන්නේ උවමනා. සිල්ල ලොවක් තනන්න. අන්න ඒ පරිසර හිතකාමි අරමුනට මම ලොව වටා රටටවල පයින් ගිහිල්ලා ජනතාව දැනවත් කරලා එක ගහක් වැලක් හරි එක මිනිසෙක් තමා සංචාරයක රන රටේ මිනිසෙක් හිටවන්න මම උනන්දු කරනවා.
සමහරු මේ ගමන යන විට මට උපකාර කරනවා.මුදල් ආදාර පවා දෙනවා. මගේ ලොව රටට රටවල සිටන මිතුරන් තමයි මට මේ හරිත ලොවක් සඳහා ගමනකට සහාය ශක්තියබර පැන දෙන්නේ. මේ ලංකාවේ Hotel Lean at 83 අධිපති නීල් මගේ මිතුරා මට උපකාර කළා.මගෙන් මම හෝටලයේ හිටියට බිල ගත්තේ නෑ. එයා කීවා ඒ බිලට ට මුදලට වඩා මම කිරන සේවය වටිනවා ඒ නිසා මම මුදල් ගන්නේ නෑ ඔන දවසක අපේ හෝටලයේ ඉන්න . එන්න. කියලා එහෙම මිනිසුන් සිටින ලංකාවට මම ආදරෙයි.ලෙංගතු මිනිසුන් සිටින ලංකාවේ ද ගහක් වැලක් සිටවන්න මම මේ යන සංචාරයේ දි පා ගමනින්ම ගිහින් ජනතාවට කියනවා.
අපේ කතාන්දරයේ කතා නායකයා වූ nthony Stone ටූ පෝන්ස් ස්ටෝන් නැතිනම් ඇන්තනී ස්ටෝන් දකුණු අප්රිකාවේ වාසය කරන වයස අවුරුදු පනස් දෙකක (52) පුද්ගලයෙකි.
මම මේ ගමන දෙවුන්දර තුඩුවේ සිට රට වටේම යමින් පේදුරු තුඩුව දක්වා ගමන් කරනවා.මගේ කරේ තියන් සිටින නිවස තමයි අපුරු එය නිදහස් තැනක කදී මගේ කරේ තියන් සිටන නිවස බිම තියලා. ඒ නිවසේ තමයි මහන්සියට රෑට නිදිය ගන්නේ. කෑමත් නැති වුනත් මම මේ ගෙදර සිටිනවා. පසුදා උදෙන්ම මම සිසිල් ලොවක් තනන්න ගමන් කරනවා යැයි, ඇන්තනී ස්ටෝන් මහතා කීය.
රටවල් සිය ගණනක ගමක් ගමක් පාසා ගමන් කරන මොහු වසර 30 කට අධික කාලයක් තුළ ලොව විවිධ රටවල්වල ගස් වැල් සිටුවන්නට හරිත මෙහෙවරක් කරන පරිසරයට ආදරය කරන මිනිසෙකි. අපි ඔහුට සුභ පතමු.
සටහන හා ඡායාරූප නිමල් අල්ගෙවත්ත