dailyreporter

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරඟය අතරතුරේ හසිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි ලාබාල තරුණියක මියගිය බව දියතලාව පොලිසිය පවසයි.

මේ අනුව දියතලාව ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරග මාරක අනතුරින් මියගිය ගණන අට දක්වා ඉහළ ගොස් තිබේ.

ෆෝඩ් ලේසර් මැස්ඩා එන්ජින් ධාරිතාව 1500 සිසි මෝටර් රථ කාණ්ඩයේ තරගයේදී තරග වැදුන මෝටර් රථ දෙකක් එකිනෙක ගැටි එක මෝටර්රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩා වැදීමෙන් මෙම මාරක මෝටර් රථ අනතුර ඉකුත් අප්‍රේල් මස 21 සිදුවිය. එම අනතුරින් එදින අවුරුදු 8 ක් වයසැති සිගිති දැරියක ඇතුලු හත්දෙනෙක් මියගොස් 21 දෙනෙක් තුවාල ලැබූහ.

More Stories