Saliya Peiris

යම් දුරකථන හඬපට ගෙන හැර දක්වමින් දැනට තීරණය වී ඇති නඩු තීන්දු වලට පහර දීමක් සිදු වන්නේ නම් එය වහාම නැවැත්විය යුතු බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

විනිස්චකාරවරුන් වැරදි තීරණ දෙන්නේ නම් ඒවා නිවැරදි කිරිමට පද්ධතියක් ඇති බවත් තීන්දුව ලබා දී ඇති නඩුවක් වුවත් එය නැවත විවෘත කරන ක්‍රමවේදයක් අප අධිකරණ පද්ධතියේ පවතින බවත් එම ක්‍රමවේද භාවිතා නොකොට ඊට පරිබාහිරව විවේචනය නොවිය යුතු බවත් ඔහු පවසයි.

මෙම හඬපට වලින් කියවෙන පුද්ගලයින්ට ඔවුන්ගේ පැත්තෙන් කරුණු පැහැදිලි කිරිමක් කිරිමට අද සමාජ මාධ්‍ය හෝ පොදු මාධ්‍ය වලින් ඉඩක් නොලැබෙව බවත් මේවා ඉදිරිපත් වන්නේ ඒක පාර්ශවීය බවත් ඔහු පවසයි.

එමෙන්ම මෙහි සමහර කාරණා, හඬපට වලදී මුලු අරමුණ අප තේරුම් ගත යුතු බවත් හෙතෙම පවසයි.

පෞද්ගලිකත්වයට ඇති අයිතිය අප රටේ නීතියෙන් ආරක්ෂා වී නොමැති බවත් නමුත් සමහර රටවල පෞද්ගලිකත්වයට ඇති අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස සලකනු ලබන අතර අපේ රටේ එවැනි අයිතියක් නැතුවා සේම නඩු තීන්දුද එම පැත්තට දියුණු වී නැති බවද සාලිය පිරිස් මහතා පවසයි.

පටිගත කිරීම් නීති විරෝධි වුවත් ඒ තුලින් සමාජයට අනාවරණය විය යුතු යම් යම් දේවල් අනාවරණය වන්නේ නම් අනවශ්‍ය පමණින් මේවා සීමා කිරිම ගැන දෙපාරක් සිතිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ දුරකථන සංවාද පටිගත කිරිම නීතිය හා ආචාර ධර්ම යන තේමාව යටතේ ශ්‍රි ලංකා පදනම් ආයතනයේ පැවති සංවාදයකදීය. මාධ්‍ය සහ අධ්‍යාපනය සඳහා වු මධ්‍යස්ථානය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙම සංවාද මෙහෙයවීම මාධ්‍යවේදී සංජය නල්ලපෙරුම මහතා විසින් සිදු කරන ලදි.

Similar Posts