Election Commission and Voter's rights

පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මන්ත්‍රිවරු වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීමට නියමිත අතර, මන්ත්‍රිවරු අඩුම පිරිසක් තෝරාපත් කර ගැනෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු 19 ක්ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු හතර දෙනකුද තෝරාපත්කර ගැනීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

දෙවැනියට වැඩිම මන්ත්‍රිවරු පිරිසක් තෝරා ගැනෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 18 කි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කර ගැනීමට නියමිත මන්ත්‍රි සංඛ්‍යාව 15 කි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු 12 දෙනකුද,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් මන්ත්‍රිවරු 11 බැගින්ද, ගාල්ල, අනුරාධපුරය, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් මන්ත්‍රිවරු 09 බැගින්ද,නුවරඑළිය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් මන්ත්‍රිවරු 08 බැගින්ද, මාතර, හම්බන්තොට, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්කවලින් මන්ත්‍රිවරු 07 බැගින්ද, යාපනය, වන්නි සහ මොනරාගල දිස්ත්‍රික්කවලින් මන්ත්‍රිවරු 06 බැගින්ද, මාතලේ, මඩකලපුව, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවලින් මන්ත්‍රිවරු 05 බැගින්ද තෝරාපත්කර ගැනීමට නියමිතය.

Similar Posts