දෙමළ ජාතික සන්ධානයේ සහය  නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට පළකිරීමට ඒකමතිකව තීරණය කරනු ලැබීය.

දෙමළ ජාතික සන්ධානය මේ තීරණය ගන්නා ලද්දේ දෙමළ ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින ලද සියළුම ඉල්ලීම් ගැන සලකා බලා නොව සජිත් ප්‍රේමදාස මහතා දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින් අතරින් දෙමළ ජනතාවට කුමන හෝ සහනයක් ඔහුගෙන් ලැබෙනු ඇතැයි යන විශ්වාසය නිසා බවද දෙමළ ජාතික සන්ධානය සදහන් කරයි.

මේ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ  හවුල්කාර පක්ෂ තුනක් වන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ශය ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානයද විග්නේස්වරන් මහතාගේ ටී.එම්.කේ.පක්ෂයද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ  ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයද සහභාගී වී සිටියහ.

සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් පසුව  සම්බන්ධන් මහතා දෙමළ මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණේ ඔවුන් විසින් ඉදිරිපත් කරණ ලද කාරණා  13 සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා අනුකූලතාවයක් සෘජුවම දක්වා නැතත් දැනට  ඉදිරිපත් කොට ඇති මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් යම් සාධනීය තත්ත්ත්වයක් පෙන්නුම් කරන්නේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් පමණක් බවයි.

දෙමළ ජාතික සන්ධානය විසින් කරනු ලැබු ඉහත තීරණය ඇතුළත් නිල නිවේදනය අද (04) නිකුත් කරන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදි සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානයේ සියළු පක්ෂ ඒකමතිකව තීරණය කිරීම සුවිශේෂි කරුණක් යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

More Stories