ආන්දෝ­ල­න­යට තුඩු දුන් නුව­ර­එ­ළිය ඓති­හා­සික තැපැල් කන්තෝ­රුව පිට­රට සමා­ග­ම­කට විකුණා දැමීමේ තීර­ණ­යට විරුද්ධ වී නුව­ර­එ­ළිය තැපැල් කාර්යා­ලය තැපැල් දෙපා­ර්ත­මේ­න්තු­වට රැක ගැනීම වෙනු­වෙන් සහ­යෝ­ගය දුන් රාජ්‍ය නිල­ධා­රීන්, තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රීන්, සේවක මණ්ඩ­ලය ඇතුළු පොදු ජන­තාව මෙන්ම මාධ්‍ය­යට ස්තුතිය ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමු­වක් පෙරේදා (15) නුව­ර­එ­ළිය තැපැල් කාර්යා­ල­යේදී පැවැ­ත්විණ.

මෙම මාධ්‍ය හමුව නුව­ර­එ­ළිය ජාතික ජන බල­වේ­ගයේ තැපැල් වෘත්තීය සේවා සංග­මය විසින් සංවි­ධා­නය කරනු ලැබ තිබූ අතර, එම අව­ස්ථාව සඳහා ජාතික ජන බල­වේ­ග­යට අනු­බ­ද්ධිත වෘත්තීය සමිති රැසක නියෝ­ජි­ත­යන් රැසක් සහ­භාගී වී සිටි­යහ.

නුව­ර­එ­ළිය දිස්ත්‍රික් ජාතික ජන බල­වේ­ගයේ තැපැල් සේවක සංග­මයේ අනු­ශා­සක දඹ­ගොල්ලේ සෝමා­නන්ද හිමි, නුව­ර­එ­ළියේ අයි­තීන් සුරැ­කීමේ සංවි­ධා­නයේ කැඳ­වු­ම්කරු නිලාන්ද ද සොයිසා, තැපැල් හා විදුලි සංදේශ නිල­ධා­රීන්ගේ සංග­මයේ නුව­ර­එ­ළිය ශාඛා ලේකම් අජන්තා හිටි­හාමු, සමස්ත ලංකා විදුලි පණි­විඩ සේවක සංග­මයේ නුව­ර­එ­ළිය ශාඛා ලේකම් එම්.ජී. උපාලි ඥාන­සේ­කර යන මහත්ම මහ­ත්මීන් ඇතුළු පිරිස මෙහිදී අද­හස් දැක්වූහ. එහිදී වෘත්තීය සමිති නියෝ­ජි­ත­යන් අද­හස් දක්ව­මින් කියා සිටියේ පසු­ගිය රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ආණ්ඩුව යටතේ ඓති­හා­සික වටි­නා­ක­ම­කින් සම­න්විත නුව­ර­එ­ළිය තැපැල් කාර්යා­ලය පිට­රට සමා­ග­ම­කට අලෙවි කිරී­මට ගත් තීර­ණය තරයේ හෙළා දකින බවත්, එම තීර­ණය අත්හි­ටු­වීම පිළි­බ­ඳව වත්මන් රජ­යට ස්තුතිය ප්‍රකාශ කරන බවත්ය.

More Stories