ජෝර්ජ් ෆ්ලොයිඩ් ඔබ මියගොසින්. ඔබ මියෙන තෙක් ඔබ නන්නාඳුනන මිනිසෙක්. ඔබේ පවුල, ඔබේ මිතුරු කැලක් හැර ඔබ දන්නා වෙන කිසිවෙකු නැහැ. කොටින්ම ඔබ මිය යන්නට මොහොතකට පෙර ඔබ අපරාධකරුවෙක්, එහෙත් ඔබ මියගොස් ක්ෂණයකින් ඔබ වීරයෙක්. ඔබ ලෝක පොලිස්කාරයාට අභියෝග කල, ලෝක පොලිස්කාරයා බංකරයකට හිරකල ජාත්‍යන්තර වීරයෙක්.
උඹගේ නිරුද්ධ ප්‍රාණය උඹගේ නායකයා භූගත බංකරයක සිර කරන්නට සමත් වූවා, උඹට හුස්ම ගන්නට බැහැ කියල කියපු උඹේ වචන උඹ වෙනුවෙන් මිනිසුන් ගැහැණුන් සටන් කරන්නට පෙලඹ වූවා. එහෙත් ඔබ මේ කිසිවක් දන්නේ නැහැ, ඔබ සදාකාලික නිද්‍රාවක, ඔබට මේ කිසිවක් අසන්නට, දැන ගන්නට ලැබෙන්නේ නැහැ. යකඩ සපත්තුවක් ඔබගේ ජීවිතය ගෙන ගොසින්.
මිත්‍රයා, ඔබ වෙනුවෙන් රටක් නැගී සිටියා, ඔවුනට ඔබගේ වේදනාව දැනුනා, තෙරපී, මිරිකී ගිය උඹේ ගෙලෙන් නැගුනු වේදනාව, හුස්මක් ගැනීමට අපහසුවෙන් අසරණව බලා සිටි ඇස් ඔවුන් දුටුව. කොකේශියානුවන්, නීග්‍රෝවරුන්, හිස්පැනිකයන්, ආසියානුවන්, ඉන්දියානුවන් සියලුදෙනාම ඔබේ වේදනාව දැක්ක. ඔවුන් සියලුදෙනාම විශ්වාස කලේ, සටන් කලේ ඔබ එලෙස මරා දැමිය නොහැකිය….. එය සමාජයක් ලෙස විරුද්ධ විය යුතු අපරාධයක් ය යන කාරණයටයි.
ඔවුන්ගේ සටනට ඔබ කල්ලෙකු වූයේ නැත, ඔබ හොර නෝට්ටුවක් අතැති අපරාධකරුවෙකු වූයේ නැත, ඔබ සුලු ජාතිකයෙකු වූයේ නැත. ඔවුන්ගේ සටන වූයේ මිනිසෙකුට මෙවැනි ඉරණමක් අත්විය නොහැක යන්න පමණි.
මිත්‍රයා ඔබ වෙනුවෙන් නැගී සිටි සියල්ලෝම එක් පණිවුඩයක් අපට ලබා දුන්න, අපි හිතන්නට අකමැති වුනු පණිවුඩයක්, ඒ මනුෂ්‍ය ජීවිතයක වටිනාකම , සමේ පැහැයෙන්, ජාතියෙන්න්, ආගමෙන් එහෙමත් නැත්නම් දේශපාලන මතවාදයකින්, තක්සේරු කරන්න බැහැ, තීරණය කරන්න බැහැ කියල.
උඹට සුව නින්දක් මිත්‍රය, ඒ වගේම ස්තූති කරනව උඹ වෙනුවෙන් නැගී සිටි,කතා කල, සටන් කල මිනිස්සුන්ට, කඳුලු සැලූ සැබෑ මිනිසුන්ට. ජීවිතයක වටිනාකම හඳුනාගත් මිනිසුනට…
උපුටා ගැනීම – උපුල් කුමරප්පෙරුමගේ මුහුණු පොත