කිරළ ගෙඩියෙන් දිවි ගෙවන, අම්බලන්තොට දිරිය කත, එල්.ඒ රසිකා මහත්මිය අම්බලන්තොට එක්කස්ස, කඩොලාන වන සම්පත් මධ්‍යස්ථානයේ, කිරළ සෙවණේ කිරළ බීම සකසා අලෙවි කිරීම සිදු කරයි. මීට වසර පහකට පෙර සුළුවෙන් කිරළ බීම ව්‍යාපාරය ආරම්භ කර ඇති ඇය ඉතාමත් පිරිසිදුවට, ගුණාත්මකභාවයෙන් යුතුව අඩු මිලකට පාරිභෝගිකයාට කිරළ බීම අලෙවි කරමින් සිටී. මේ වනවිට ඇයගේ ව්‍යාපාරය තුලින් පවුල් කීපයක් ජීවත් කරවන බවයි ඇය අප සමග කියා සිටියා…
Similar Posts
බෑග් ව්‍යාපාරයෙන් ජීවිතය ජයගත් ඇය
රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින ප්‍රියදර්ශනී මහත්මිය ව්‍යාපාරයක් ලෙස බෑග් මැසීම සහ අලෙවි කිරීම සිදු කරනු ලබයි. ඇගලුම් සේවිකාවක ලෙස වසර ගණනක් සේවය කල ඇය සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා ඒ රැකියාවෙන් ඉවත්ව ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා. ඇය සිය සැමියාගේද උපකාර ඇතිව වසර 20ක් පුරා මෙම ව්‍යාපාරය සාර්ථකව සිදු කරමින් සිටිනවා. මේ ඇගේ කතාවයි.
ඩිජිටල් වෙළඳපල යොදාගෙන සිය ව්‍යාපාරය සාර්ථකත්වයට පත්කරගත් ඇය සෙව්වන්දි ජයතිලක
සේවී Indoor Plants 2021 ආරම්භ කළ ව්‍යාපාරයකි. කොවිඩ් වසංගතයත් සමඟ ගෘහස්ථ ශාක සහ මල් පැල වගා කිරීම ඉහළ ගිය අතර ඇය(සෙව්වන්දි ජයතිලක මෙනවිය) මෙම වෙළඳපළ ඉලක්ක කර ගනිමින් අධ්‍යාපන කටයුතු අතරතුර අමතර ආදායමක් ලබා ගැනීමේ අරමුණින් සුළුවෙන් ආරම්භ කළ ව්‍යාපාරයකි. මේ වනවිට රැකියා අවස්ථාවන් 20ක් පමණ නිර්මාණය කරමින් ඇය සිය ව්‍යාපාරය සාර්ථකත්වය සිදු කරගෙන යනු…
ස්ව උත්සාහයෙන් බයිට් නිෂ්පාදනය කරන ධම්මිකා ප්‍රියන්ති
ධම්මිකා ප්‍රියන්ති මහත්මිය බයිට් නිෂ්පාදනය සහ කුළුබඩු නිෂ්පාදනය සිදු කරන ව්‍යවසායිකාවකි. කලක් විදේශ ගතව සිට රූමැටික් අතරයිටිස් රෝගය නිසා ලංකාවට පැමිණි ඇයට රෝගය හේතුවෙන් උපයා ගත් සියල්ල අහිමිව ඇත. පසුව ඇය නොසැලී ස්ව උත්සාහයෙන් මෙම බයිට් නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර ප්‍රදේශයේ සිටින සිවිල් ක්රියාකාරිකයන්ගේද සහය ඇතිව මේ වන විට සාර්ථකව සිය ව්‍යාපරය සිදු කරයි….
ජීවන අරගලය ජයගන්නට වෙර දරන දිරිය කතුන් | පී. වී පත්මා මහත්මිය මාතර
පී. වී පත්මා මහත්මිය මාතර අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංහැල ග්‍රාම සේවා වසමේ පදිංචිව සිටී. ඇය කුකුළු ගොවිපලක් පවත්වාගෙන යනු ලබන අතර ඇය ඒ මගින් සිය නිවසේ කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහය වීම සිදු කරයි. සිය සැමියා පිළිකා රෝගයෙන් මිය ගිය පසු ඇය තම ව්‍යාපාරය ආරම්භ කර පවත්වාගෙන යනු ලබයි මේ ඇයගේ දිරියයි.