dailyreporter

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “උදානගම” අසූව දශකයේ උදාගම් සංකල්පය මත බිහිවූ ගමකි. එය කොසු කර්මාන්තය මූලික කරගත් ගමක් වන අතර එම ග්‍රාමයේ වෙසෙන දීපිකා මහත්මිය ස්වශක්තිය පිළිබඳව විශ්වාසය තබමින් මීට වසර විස්සකට පමණ පෙර තම ජීවන වෘත්තිය ලෙස කොහු ලණු කර්මාන්තය තෝරාගෙන ඇත. මුලදී සිය දෑතින් පමණක් එහි නිශ්පාදන කටයුතු කලත් ක්‍රමයෙන් එම සම්ප්‍රදායික තත්ත්වයෙන් අත්මිදී යාන්ත්‍රික කර්මාන්තයක් බවට පත්කර ගනිමින් අද වනවිට තවත් කාන්තාවන් පිරිසකටද රැකියා අවශ්‍යතාවන් හිමිකර දී තම පවුලේ ආර්ථික තත්ත්වයද ඉහළ නංවාගෙන ඇත. සැබැවින්ම දිරිය කතක් වූ ඇය පිළිබඳ කතාවයි මේ.

More Stories