ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගියදා ක්රියාත්මක කරන ලද ස්ථාන මාරු අතරතුර ප්රධාන පොලිස් පරීක්ෂක ඒ.ඒ. අප්සරා ක්රිෂාන්ති අබේසේකර කෑගල්ල දිස්ත්රික්කයේ පිංදෙනිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස පත් කර තිබේ.
1996දී උප පොලිස් පරීක්ෂකවරියක ලෙස සේවයට එක් වූ ඇය විවිධ තනතුරුවලින් අනතුරුව 2020 සිට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවය කර තිබේ.
ඇය ශ්රී ලංකාවේ සිව්වන පොලිස් ස්ථානාධිපතිනියයි.
දෙදරු මවක වන ඇගේ සැමියා ද පොලිස් නිලධාරියෙකි. ඔහු කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට්ය.
(ඡායාරූපය: අප්සරා ක්රිශාන්ති පිංදෙනිය පොලිස් ස්ථානාධිපතිනිය ලෙස වැඩ භාර ගනිමින්)